RSS

Category Archives: ancient arts / පුරාණ කලාව

“………..රාග රාගිනී සඳහා අංකුර ප්‍රවේශයක්………….”

මධ්‍ය තැනිතලා බිමේ මෝගල් චිත්‍ර කලාව පදනම්කරගෙන බිහි වූ, නිර්මාණ සහ තේමා අතින් මෝගල් සිතුවම් පවා අභිබවන අනර්ඝ සිතුවම් ශෛලියක් වූ මෙය ප්‍රාදේශීය ජනකලා ආභාසය උත්කර්ශවත් අවස්ථාවකට ලක් කළා වූ සම්ප්‍රදායක් ලෙස පෙන්වා දිය හැකි අතර, රාජස්ථානි සම්ප්‍රදාය එනම් රාජ්පුට් සිතුවම් ලෙස ජනප්‍රිය කලා ආරේ අතුරු ඵලයකි. උක්ත සම්ප්‍රදායේදී ශීල්පීය නෛපුන්‍යය, පරිපූර්ණ කලා හැකියාව නිරූපණය කෙරෙන අවස්ථාවක් ලෙස සංගීත ස්වර රටා දැක්වීමට වර්ණ, හැඩතල සහ නන්විධ කථා පුවත් සුසංයුක්ත කරගත් රාගමාලා සිතුවම් දැක්විය හැකිය. තවද මෙකී සිතුවම් මගින් ප්‍රකාශ වන්නේ රාග ලෙස හිංදු ශාස්ත්‍රීය සංගීතයේ හමුවන එක් අංශයක් සහ සංකලනය වූ ස්වර මාධූර්යයට අනුපූරක වශයෙන් මිනිස් සිතේ ජනනය වූ භාවයන්ගේ වින්දනාත්මක එකමුතුව, චිත්‍ර ශීල්පියා රේකාව, වර්ණ සහ හැඩතල යන ත්‍රිත්වයේ මනා සුසංයෝජනයෙන් දෘශ්‍යමය කාව්‍යක් බවට පත් කළ ආකාරයයි. Read the rest of this entry »

 

Greek vase painting / ග්‍රීක බඳුන් පින්තාරු කලාව

1 ජ්‍යාමිතික යුගය ක්‍රි.පූ. 9-8 සියවස් අතර මෙසමයේ vases ප්‍රමාණයෙන් විශාලය. ඒවායෙහි උස 1m හෝ කලාතුරකින් 2m – 2 1/2m අතර ප්‍රමාණයක් ගනී. මේවා සොහොන් ආශ්‍රිතව Grave mark එකක් ලෙස එනම්, සුසානය හඳුනා ගන්නා සංකේතයක් ලෙස සහ පූජා කළ දෙයක් ලෙස පැවතිණි. තත්කාලීන සමාජයේ පැවති සශ්‍රීකත්වය මේවායින් දර්ශනය වේ. සොහොන් සඳහා යෙදූ vases ඉතා විශාල වුවද ඒවායේ patterns ඉතා කුඩාය. ඒ අතර,

  • රැළි ආකාරයෙන් ඇඳි ඉරි

  • කොටු

  • ඩයමන්ඩ් හැඩ

  • නියැන්ඩල්ස් (රැළි සහිතව විහිදෙන මෝස්තරයකි)

  • ත්‍රිකෝණ

ආදී වූ ජ්‍යාමිතික හැඩ මෙසමයේ දැකිය හැකිය.

මෙම vases හි Read the rest of this entry »

 

ග්‍රීක නාට්‍ය කලාව ඇසුරෙන් පිළිබිඹු වන ග්‍රීක ප්‍රේක්ෂකාගාරයේ ආරම්භය සහ වර්ධනය

හැඳින්වීම

ඉතා විශිෂ්ට ශිෂ්ටාචාරයකට හිමිකම් කියන පුරාණ ග්‍රීක කලාව සැලකූ කල්හි නාට්‍ය කලාව සඳහා ඉතා ඈත වකවානුවක සිට ම එහි ප්‍රමුඛත්වයක් දී ඇති බව සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම ග්‍රීක නාට්‍ය කලාවේ ඇරඹුම ලෙස සනිටුහන් වන්නේ Middle Archaic Period හි මධ්‍ය භාගය වන, දළ වශයෙන් ක්‍රි.පූ. 6 වන සියවසේ අවසන් වකවානුවයි. එම යුගයේ පටන් නාට්‍ය කලාවක් යැ යි නො දැන ආරම්භ වූ මෙම නාට්‍ය කලාව ඒ ඒ සමයන්හි දී ක්‍රමික විකාශනයකට ලක් වෙමින් ස්වභාවික කඳු ආශ්‍රිත පහත් බිමක රංගගත කිරීමේ සිට අති විශිෂ්ට තාක්ෂණයක් භාවිතයෙන් නිම වූ සුවිසල් රංග පීඨ දක්වා වර්ධනය වූ වේදිකාවේ විකාශනය ද ඔස්සේ අත් කර ගනු ලැබූ ඉමහත් දියුණුව සාකච්ඡාවට ලක් කළ යුත්තකි. උක්ත උධෘතය යටතේ විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ග්‍රීක ප්‍රේක්ෂකාගාරටය් ආරම්භය සහ වර්ධනය පිළිබඳ ව යි. එහෙත් නාට්‍ය කලාවකින් තොර නාට්‍ය රඟමඬලක් පිළිබඳ ව සඳහන් කළ නො හැක. එහෙයින් මෙහි දී ග්‍රීක නාට්‍ය කලාවේ ආරම්භයේ සිට එහි වර්ධනීය අවධි ඔස්සේ යමින් ඒ හා සමග ම ක්‍රමයෙන් විනසනයට පාත්‍ර වූ ග්‍රීක ප්‍රේක්ෂකාගාරයේ අභිවර්ධනය පිළිබඳ ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

ග්‍රීසියේ නාට්‍යාරම්භයට පසුබිම

ග්‍රීසියේ නාට්‍යාරම්භය පිළිබඳ ව විමසා බලන කල්හි ලොව සෑම ශිෂෟටාචාරයකට ම පාහේ පොදු වූ සාධකයක් ඉතා පැහැදිලි ව හෙළි වේ. එනම්, සෑම ශිෂ්ටාචාරයක ම පාහේ ග්‍රීසියේ ද නාට්‍ය කලාවේ සම්භවය Read the rest of this entry »

 
 
%d bloggers like this: