RSS

එකිනෙකාට විවෘත නොවුණු යුවලකගේ ලිංගික හැගුම් විවරණය කෙරෙන අපූර්ව නවනතාවකි— “The Key” (Junichichiro Tanizaki)

03 Jul

කතාව ගලා යන්නේ දිනපොතක් ලෙසිනි. එය එක් දිනපොතක් නොව දෙකකි. වසර විස්සක් පුරා එකට ජීවත් වුවද, තම බිරිදට විවෘත නොවන සැමියකුගේත්, තම සැමියාට විවෘත නොවන බිරිදකගේත් ලිංගික ජීවිතය වටා ගෙතුණු කතා පුවතක් මෙමගින් විග්‍රහ වේ.

අසිමිත ආශාවන්ගෙන් පිරුණු සැමියා සිය අවශ්‍යතා බිරිද ලවා ඉටු කරවා ගැනීමට අපොහොසත් වන්නේ ඈ සතු පිරුණු කුලෑටි ගතියත්, සාමිප්‍රදායික නියම ස්ත්‍රී ලක්ෂණයැයි ඇය සිතන රාමුවෙන් පිට පැනිමට ඇය සතු නොකැමැත්තත් නිසාය. නමුත් කතාවේ ගලා යාම තුළ ඇය සැමියා කෙරෙහි දැක්වු පිළිකුල මත ඇගේ ප්‍රතික්‍රියාවන් තිරණය වූ ආකාරය පිළිබිඹු වේ. තමන් අකමැත්තෙන් බැදුණු විවාහ බන්ධනය මත සාම්ප්‍රදායික ජපන් බිරිදක් විසින් නොපිරිහෙලා ඉටු කළ යුතු යුතුකම් සමුදායෙන් ඈ බැදී සිටීමත්, නියම සාම්ප්‍රදායික ස්ත්‍රියක සතු විය යුතුයැයි ඇය සිතා සිටි ගුණාංග ඉක්මවන යොජනා සැමියා තමාට ගෙන ආ කල්හි ඔහුට විකෘති ආශාවන් ඇතැයි යන අරමුණින් වඩ වඩාත් ඔහු කෙරෙහි තිබූ පිළිකුල වර්ධනය විමත් ඈ තුළ සිදුවේ. නමුත් ඈ ඔහු පිළිකුල් කළ තරමටම ඔහුට ආදරය කළ බව ඈ පවසන්නිය. හුදෙක් මෙය ඈ කොටු වි සිටි සාම්ප්‍රදායික රාමුව තුළ නියම ජපන් බිරිදකගේ යුතුකම් සපුරාලීමේ ප්‍රධානතම අංශයක් වන හෙයින් සම්ප්‍රදාය විසින් හිමි කළ බන්ධනය මත සිටි ඇය ස්වාමියාගේ තත්වයෙහි ලා ඔහු කෙරෙහි ආදරයක් තිබුණේ යැයි සිතා සිටියා විය හැකිය. නමුත් සැබැවින්ම දර්ශනය වන්නේ සිය යුතුකම් වගකීම් සියල්ල ඉටු කළ ඈ එය ආදරයයැයි සිතා සිටි බවකි.

කිමුර කෙරෙහි බැදෙන ඇගේ සිතිවිලි වලට ඇය පාදක කර ගන්නේ එමගින් සිය සැමියා උත්තේජනයක් ලබන්නේය යන කාරණය වන අතර සත්‍ය වශයෙන්ම ස්වාමියාගේ තෘප්තිය වඩා වර්ධනය වන්නේද ඇය සහ කිමුර අතර පවතින සම්බන්ධතාවය මතයි. සිය හැගිම් නංවාලීමට ඔහු සාධකයක් ලෙස භාවිත කරන්නේ ඇය සහ කිමුර අතර ඇතැයි ඔහු සිතන බැදීම මත පුබුදුවන ඔවුන්ගේ සිතිවිලි වේ. ලිංගික කාර්යයේදි සිය බිරිද තෘප්තිමත් කිරිමට සැමදා අපොහොසත් වූ ඔහු එම තත්වයෙන් මිදින්නේ ඔවුන් දෙදෙනා අතරට පිටස්තරයෙක් ආදේශ කර ගැනිමෙනි.

දෙදෙනාගේම අපේක්ෂාවන් සාක්ෂාත් කරගනුවස් අතරමැදියකු වශයෙන් කටයුතු කරන්නේ ඔවුන්ගේ දියණියයි. දැන හෝ නොදැන සිදුවන ‍සිදුවීම් තුළ කේන්ද්‍රීය සාධකයක් වන්නේ දියණිය කිමුර කෙරෙහි දක්වන බැදීමත් සිය පියා කෙරෙහි දක්වන වෛරයත්ය. මවගේ සහ කිමුරගේ එක්විම දිරිමත් කිරිමට ටොෂිකො හෝ කිමුර යොදවන උපක්‍රමයන්ගේ තවත් සැගවුණු අපේක්ෂාවක සෙවනැල්ලක් සටහන් වන්නේ එලෙසිනි.

සාම්ප්‍රදායික ජපන් බිරිදකගේ යුතුකමක් ලෙස තම සැමියා සතුටු කරනු වස් ඔහුගේ අභිමතය පරිදි වෙනකෙකු හා බැදුණු බව කියමින් ඉකුකෝ තමා සාධාරණීකරණය කර ගත්තද ඇය තුළ කිමුරා කෙරෙහි වර්ධනය වු බැදීම ඈ සිය සැමියාත් කිමුරත් සන්නස්දනය කිරීමේදී මැනවින් දිස්වේ. එහෙයින් මෙය දෙදෙනාගේම අභිමතාර්ථයන්, ආශාවන් මුදුන්පත් වීමකි. සැමියා අසනීපයෙන් සිටින විටද දෙදෙනාගේ සිදුවන නිරන්තර රහස් හමුවන් තුළින් ගම්‍ය වන්නේ හුදෙක් මෙය යුතුකම් සැපිරිමක් පමණක් නොවන බව නොවේද?

සිහියෙන් සිටින විට ඇය කිරිමට ඇසිමට පෙන්විමට අකමැති වූ සියල්ල සැමියා මුදුන්පත්කරවා ගන්නේ බිමත්ව සිහිසන් වු ඇයගෙනි. පිටස්තරයෙකුගේ මැදිහත්විම මත ලබන උත්තේජනය ඔහුව සාර්ථකත්වයට පත් කරවයි. පෙර සිය නොහැකියාව මත බිරිදට වරද පැටවූ ඔහු මෙමගින් තමා සාර්ථකය යන ආකල්පයෙන් පිරී යයි.

දෙදෙනාටම සිමා වූ ලෝක දෙකක හුදෙකලා වු ඔවුන් තමන්ගේ දිනපොත් දෙදෙනාටම පෙන්විම යටි අරමුණ කර ගත්තද කිසිවකුත් අවසානය දක්වා ඒ සදහා ඉදිරිපත් නොවේ. නමුත් අනෙකා කුමක් ලියන්නේදැයි යන්න දැන ගැනිමේ ප්‍රබල කුතුහලයක් දෙදෙනා තුළම වේ.

කතාව මුලුල්ලේ ඉතාමත්ම ඒකාකාරී බවක් දිස්වේ. සිදුවන්නේ එකම දෙය එකම පරිද්දෙනි. නමුත් එයද සංකේතාර්ථයකි. ලිංගික ජීවිතයට පමණක් සිමා වඅ ඔවුන්ගේ යුග දිවිය තුළ ඒකාකාරීත්වය මත, නොගැලපිම් මත පැන නගින නිහඩ අරගල තුළ දෙදෙනාම ගිලි සිටී. මෙය උද්දීපනය වන්නේ කථාව ගලා යන ඒකාකාරී රාමුව තුළ නිරූපිත සිද්ධීන් තුළිනි. කථාවේ මෙම ඒකාකාරීත්වය, කිසියම් හෝ විවිධත්වයක ඡායාවක් වුව නොවැටෙන ඔවුන්ගේ දිවිය අපූරු ලෙස සංකේතවත් කරවයි.

අවසානය…. එහි අපට යමක් සිතිමට ඉඩ කඩ තබා කතුවරයා නිහඩ වෙයි…

“කිමුරගෙ සැලැස්මෙ හැටියට එයා ටොෂිකොව බදිනවා, අපේ සම්ප්‍රදායික ශෝක විමේ කාල සිමාවෙන් පස්සෙ. ටොෂිකො පෙනී සිටීමක් විතරක් කරල විශාල කැප කිරිමක් කරන්න ලෑස්තියි. ඊට පස්සෙ අපි තුන් දෙනාම මෙහෙ එකට ජීවත් වෙනවා. එහෙම තමයි එයානම් කිව්වෙ.”

******************************************************************************

හද දොර යතුරු ලෙස සිංහලයට පරිවර්තනය වූ මෙය විදර්ශන ප්‍රකාශකයන්ගෙන් ලබා ගත හැකිය.
අයිවන් මොරිස් තනිසාකිගේ විශිෂ්ටත්වය පිළිබදව මෙසේ පවසා ඇත.
“මීළග වසර කිහිපය තුළදී යම් ජපන් ලේඛකයෙක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ නම් ඒ අන් කිසිවෙකුත් නොව තනිසාකිය.”
“Odd Obession” චිත්‍රපටය මෙම නවකතාව ඇසුරෙන් නිශ්පාදනය වුවකි.

 

12 responses to “එකිනෙකාට විවෘත නොවුණු යුවලකගේ ලිංගික හැගුම් විවරණය කෙරෙන අපූර්ව නවනතාවකි— “The Key” (Junichichiro Tanizaki)

  1. hasithag

    July 3, 2012 at 7:37 am

    ස්තුති විස්තර කිව්වාට. මේ අවුරුද්දේ සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනයෙන් ගන්න ඕනේ…….

     
  2. Mee Godaya

    July 3, 2012 at 7:40 am

    ස්තුතියි… මටත් කියවන්න ආස හිතුනා.. ඒත් කොහෙන්ද හොයාගන්නෙ කියන එක තමා ප්‍රෂ්නේ

     
    • තිලිනි ෂැල්වින්

      July 3, 2012 at 8:37 am

      විදර්ශන පොත් ප්‍රකාශකයින්ගෙන් ගන්න පුළුවනි. සරසවි පොත් මැදුරෙත් බලන්න.

       
  3. Dishan Savithra Rajapaksha

    July 3, 2012 at 11:39 am

    මේකේ pdf එකක් හෙව්වා හම්බුන් නෑනේ, පොත් ප්‍රදර්ශනෙන් ගන්න ඕනේ🙂

     
  4. මඩිස්සලේ නිශාන්

    July 3, 2012 at 5:01 pm

    කියවලාම බලන්න ඕන

     
  5. anurudda

    July 4, 2012 at 9:26 am

    gadak sthuthiy me gena kiwwata kohoma hari hoyan kiya wanna ona.

     
  6. පැතුම් හේරත්

    July 8, 2012 at 3:46 pm

    අද මම පාවුලෝ කොයියෝ ගේ පියේද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි කියෙව්ව. ලිංගිකත්වයට සම්බන්ධයක් නෑ හැබැයි අපූරූ කතාවක්.. කියවල බලන්න.

     
    • සිත්තරී මං

      July 8, 2012 at 5:57 pm

      මිනිත්තු එකොළහනම් ගත්ත. ඒත් කාර්යබහුලත්වය නිසා මේ දවස් ටිකේ කියවන්න විවේකයක් ලැබුණෙ නැ. මම ගිය දවසෙ නුගේගොඩ සරසවියෙ පියේද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි පොත තිබුණෙ නැ..
      ළගදිම ඒකත් ගන්න ඕන..
      ස්තූතියි යාලුවා…

       
  7. දඟයා

    July 24, 2012 at 7:24 am

    සාහිත්‍ය මාසෙට ගන්න පොත් ගොඩක් තියනවා දැං එකතු වෙලා. නියමයි කියවන්න ඕනි ඔක්කෝම

     
  8. තහනම් වචන

    January 30, 2013 at 6:04 am

    එක පාරම මතක් වුනේ යසුනරි කවබතාගේ “විල”..

     
    • සිත්තරී මං

      January 30, 2013 at 6:08 am

      මේ පොත කියවල නැත්නම් කියවන්න… ෆිල්ම් එකකුත් තියනවා මට හොයාගන්න බැරි වුණා….

       

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: