RSS

Girl With a Pearl Earring චිත්‍රපටය

20 Jun

ඔබගේ රසවින්දනය පිණිස ප්‍රේක්ෂක ප්‍රසාදයට පත්, අර්ථාන්විත චිත්‍රපට පිළිබද ලිපි මාලාවක් මෙතැන් සිට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. ‍ඉන් පළමුවැන්න ලෙස තෝරා ගැනුනේ.. Girl With a Pearl Earring චිත්‍රපටයයි.


Johannes Wermeer නම් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකුගේ සිතුවමක් වටා කේන්ද්‍රගත වු මෙම කථාව 1665 පමණ සමාජයේ පංති භේදයත්, ගෞරවයත්, ඊට මැදිවු පුද්ගල මනෝභාවයක් අපූරු ලෙස විදහා දක්වයි. චිත්‍රපටය ආරම්භයේ රූපරාමු තුළ කථානායිකාව Grietගේ පවුල් පරිසරය, දිළිදුබව කදිමට විදහා දක්වයි. යොදාගත් සංගිතය තුළින්ද මේ බව වඩාත් ඉස්මතු වී තිබේ.

Holland හි Delft නගරයට ඇය පැමිණෙන්නේ රැකියාවක් පිණිසයි. යා යුතු මග සොයා ගනු පිණිස නගර ම්‍ධ්‍යයේ කේන්ද්‍රස්ථානයක ඇය නවතී. මෙම රූපරාමුව තුළින් සංකේතවත් වන්නේ ජීවිත ගමනේ ඇයගේ හැරවුම් ලක්ෂයන් දෙකක් මෙම කේන්ද්‍රය ඔස්සේ තීරණය වන බැවිණි. එනම්, රැකියාවෙන් සමුගත් පසුද ඇය නවතිනුයේ මෙම ස්ථානයෙහි විමයි.

Van Ruijven ‍බලවත් මෙන්ම භයානක පුද්ගලයෙකි. ඔහුගෙන් චිත්‍රශිල්පියාටත්, කථා නායිකාවටත් කෙරෙන බලපැම චිත්‍රපටය පුරා හදුනාගත හැකිය. මේ වටා බද්ධ වු කුතුහලය චිත්‍රපටය මුළුල්ලේ දක්නට ලැබේ.

මුතු කරාඹුව…. කථා තේමාවේ මුලික සංකල්ප සියල්ල ගොනු වි ඇත්තේ මේ තුළයි. ශිල්පියාත් බිරිදත් අතර හිත් පැරීම් ඇති වන්නේත්, Grietහට නිවසෙන් යාමට සිදු වන්නේත් මුතු කරාඹුව හේතුවෙනි. ශිල්පියා සිය සිතුවම සදහා පමණක් සිය සේවිකාව වන කථා නායිකාව භාවිතයට ගත්තේයැයි අවසානයේදි වුවද නොසිතේ. මන්ද චිත්‍රපටය මුළුල්ලේ ඉතා සාර්ථක අයුරින් පංති විශමතාව, පුද්ගලානුබද්ධ යුතුකම්, වගකිම් මනාව සංවිධානාත්මක අයුරින් තිරගත වි ඇති හෙයිනි.

Directed by – Peter Webber
Based on the novel by – Tracy Chevalier

 
14 Comments

Posted by on June 20, 2012 in films

 

14 responses to “Girl With a Pearl Earring චිත්‍රපටය

  1. කුරුල්ලෙක් මං

    June 20, 2012 at 7:19 am

    මමත් බලන්න ඕනේ…තැන්කු වේවා මගේ අක්කේ…

     
  2. Tharangani Resika

    June 20, 2012 at 9:22 am

    මේ කතාවෙ සිංහල පරිවර්තනය තියෙනවා ” මුතු කරාඹුව පැළඳි යුවතිය” කියල… ඒක විදර්ශන ප්රංකාශනයක්… ඇත්තටම කතාව ලස්සනයි… බැඳීම් ගැන ලස්සන කතාවක්… චිත්රශපටයත් ඒ වගේම ලස්සන ඇති…

     
    • තිලිනි ෂැල්වින්

      June 20, 2012 at 9:37 am

      ස්තුතියි යාලුවා. මම දැනන් හිටියෙ නෑ සිංහල පරිවර්තනය තියන බව. හොයාගෙන කියවන්න ඕනි කොහොම හරි.

       
  3. උදාර

    June 20, 2012 at 12:45 pm

    මේ සැරේ නම් තිළිණි අත ගහල තියෙන්නෙ මං ආසම කරන විදිහේ වැඩකටයි…….. ෆිල්ම් එක ගැන දුන්නු ඔත්තුවට තෑන්ක්ස්. දිගටම මේ වැඩේ කරගෙන යමු.

     
    • තිලිනි ෂැල්වින්

      June 20, 2012 at 4:47 pm

      ස්තුතියි යාලුවා. අදහසක් ආව මම බලපු ලස්සන ෆිල්ම්ස් ගැන ලියන්න ඔන කියල. සමහරවිට කාල වේලාව අනුව, ඉස්සරහට මිට වඩා විස්තරාත්මකව ලියන්න උත්සහ කරනවා.

       
  4. Lishan Puwakovita

    June 20, 2012 at 2:56 pm

    ස්තූතියි මේ ගැන කිව්වට, බාගත කරගෙන බලන්නම්..! ජය!

     
  5. අඩිපාර

    June 21, 2012 at 5:33 am

    තිළිණි ඔයා ලස්සනට ලියන්න පටන් ගෙන තියෙනවා . මොකුත් ලියලා නැහැනේ කියලා කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා… ටිකක් දිගය ලිව්වානම් හරි කියල හි‍තෙනවා… ලියපු ටිකේ පොළඹවන සුලු ගතියක් තියෙනවා… චිත්‍රපටයේ කාව්‍යාත්මක බවක් තියෙනවා.. පාටවල සහ රූපරාමුවල…. මේ පොත සා. භූ. අක්කගේ ලග තියෙනවා… ඔයා ඉල්ලුවොත් දෙන්න ඉඩ තියෙනවා..

     
    • තිලිනි ෂැල්වින්

      June 21, 2012 at 5:49 am

      බොහොම ස්තුතියි හෝඩුවාවට. මම අක්කගෙන් ඉල්ලගන්නම්.
      මම මින් එහාට මේ යටතේ ලියන ලිපි ටිකක් දිගට ලියන්න හිතුවා. නමුත් මට චිත්‍රපට විචාරය ගරනනම් ඒ හැටි දැනුමක් නෑ. ඔයාලගෙ උපදෙසුත් එක්ක ඉදිරියට යන්න බලනවා. ස්තූතියි…

       
  6. සුදු මහත්තයා

    June 22, 2012 at 7:08 pm

    ගොඩක් වටිනවා තිලිනි,.,., ජයෙන් ජය

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: