RSS

“…දුයිෂෙන්…”

13 Jun

සිහිනෙනුත් පෙනේ
අර පොප්ලර් ගස් දෙක
මතකයන් සඟවා
ගීතනය වන
කැඩුණු කාන්දමක්
එක්කරන විට මෙන්
ඔබ වෙතින් මා
ඉවතට වීසි කළ
දුම්රියේ වේගයට
පසුපසට ඇදී ගිය
කන්ද මුදුනේ
පොප්ලර් නිඹුල්ලු
දුයිෂෙන්….
අල්තිනායි වන මම
ඔබේ අල්තාරය අබියස
හඬා වැටෙමි
සඟවා ගත්
දහසකුත් අභියාචනා
නොකියාම ගුලිකර…
සිතිවිලි ගල් කළ
සිතල මකන්නට
විප්ලවය ඇරඹූ
දුයිෂෙන්…
තමන් දත්
අංශුවක දෙය හෝ
අයිලයට දෙන්නට කැපවූ
දුයිෂෙන්..
කාමාතුර දෑතට විකිනුණු
අල්තීනායි
මුදවා ගත්
දුයිෂෙන්…
විල්ලුද පුටුව
ඔබට පුදන්නට
අල්තිනායි බලා සිටී
දුයිෂෙන්…
සැබෑම ගුරුවරයා ඔබයි
“…දුයිෂෙන්…”

 
 

Tags: , , ,

12 responses to ““…දුයිෂෙන්…”

  1. තරුරසී

    June 13, 2012 at 9:53 am

    පොප්ලර් ගස් දෙක, දුයිෂෙන් තව බොහෝ කල් බොහෝ නිර්මාණකරුවන්ට නිමිත්තක් වේවි නේද? ගුරු ගීතය සංක්ෂිප්ත කළා වගේ… ගුරු ගීතයේ ආත්මය මේ කවි පෙළේ තියෙනවා….. ලස්සනයි….

     
  2. vimukthi

    June 13, 2012 at 12:51 pm

    ස්ටෙප්ස් තණකොළසුවඳ විඳලතිබුනට,
    චිංගිස් ජීවමානව දැනුනට
    ආපහු මම ගියා,රුසියාවට….ගොඩ

     
  3. විශ්ව සමීර

    June 13, 2012 at 4:21 pm

    දුයිෂෙන් තවමත් අල්තිනයිගේ ජීවිතයේ වීරයෙකි, ඇහේ ජීවිතයේ හැරවුම් ලක්ෂයකි.
    එහෙත් එම වීරයාව සමාජය විසින් සගවා ගනිමින් පවතී.

     
    • තිලිනි ෂැල්වින්

      June 14, 2012 at 3:57 pm

      ඒ සමාජය තම නිරුවත වසාගැන්මට යොදා ගන්නා තාවකාලික නිස්සාර ප්‍රයත්නයකි. හරියට කොළ අත්තක් මුවා කළ ගත්තාක් වැනිය. ඒ වෙනුවම තමන්ට වියා දෙන රෙදිකඩ වියා ඉවර වන තුරු සිටියානම් අගේ කොට සලකමි

       
      • විශ්ව සමීර

        June 14, 2012 at 4:18 pm

        සියලු වැරැද්ද සමාජයේ ගිණුමට බැර කර අත සෝදා ගත හැකිද ??

         
        • තිලිනි ෂැල්වින්

          June 14, 2012 at 4:26 pm

          මා දකින්නේ අල්තිනායිලාගේ සමාජය එවැන්නක් ලෙසයි. මන්ද අතුරක් නොදත්තෙකු වුව කැපවුණේ අනාගතයේ දෑස් පෑදීමටයි. ඉන් ඔහු ලද්දේ ආත්ම තෘප්තිය මිස මිල නියමයක් නොවන බව මට හැගුණු දෙයයි. අද සමාජය වුව නව්‍යනාවයකට යාමේදි සියල්ලට පළමුව විවේචනය පෙරටුගාමී කර ගැනිම මා දකින අනෙක් අඩුපාඩුවයි.

           
  4. virtualpathum

    June 14, 2012 at 3:32 pm

    දුයිෂෙන් වෙනුවෙන් වැලපෙනවා හැර අල්තිනායි ට කරන්නට දේ තිබුණා යැයි නොසිතේද? අපි ද වර්තමාන දුයිෂෙන්ලා වෙනුවෙන් කිසිවක් නොකරල වැලපෙමින් සිටිනවා නොවේද..?

     
    • තිලිනි ෂැල්වින්

      June 14, 2012 at 3:50 pm

      මම අල්තිනායි වෙලා බැලුවා…
      මම අල්තීනායිනම් මොකක්ද කරන්නෙ කියලා…
      ඇත්ත… අල්තීනායිට මීට වඩා දෙයක් කරන්න තිබුණා…
      ඒත් අල්තිනායිට මග ඇහිරුවේ සමාජ මට්ටමද, පිළීගැනිමද, ගර්වයද, පසුතැවිල්ලද….. මම තවමත් හිතනවා….

       
  5. අඩිපාර

    July 11, 2012 at 3:04 am

    මේ කවිය නොගැඹුරුයි.. තිළිණිගෙ කවිත්වය ඔප මට්ටම් නොවුණූ ගතිය මේකේ තියෙනවා…

    සිහිනෙනුත් පෙනේ
    අර පොප්ලර් ගස් දෙක
    මතකයන් සඟවා
    ගීතනය වන
    කැඩුණු කාන්දමක්
    එක්කරන විට මෙන්
    ඔබ වෙතින් මා
    ඉවතට වීසි කළ
    දුම්රියේ වේගයට
    පසුපසට ඇදී ගිය
    කන්ද මුදුනේ
    පොප්ලර් නිඹුල්ලු
    දුයිෂෙන්….

    මේ කියන තැනට එනකම් එච්චර අවුලක් නෑ. ඒත් ඉතිරි ‍කොටසේ කවීත්වයක් නැහැ.. වාර්තාමය ගතියක් විතරයි තියෙන්නේ…

     
    • සිත්තරී මං

      July 11, 2012 at 5:33 am

      ස්තුතියි යාලු
      මම උත්සහ කරන්නම් තව හදාගන්න…
      ගොඩක් ස්තූතියි

       

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: