RSS

“””””””සරසවි සිසුවාගේ රසාඥතාව සහ තාර්කික ඥාණය”””””””

30 May

 

අද සරසවිය, සරසවි අධ්‍යාපනය දෙස බැලීමේදි හුදෙක් මෙය තමන් උගත යුතු විෂය පථයේ ඇතැම් අනු අංශ කෙරෙහි පමණක් යොමු වී ඇති බව දක්නට ලැබේ. සරසවි සිසුවකුගෙන් අපේක්ෂිත සාධනිය මටිටම කුමක්ද යන්න පිළිබදව විද්‍යාර්ථියා දැනුවත්ව සිටිය යුතු වුවද, ඔහුට ඒ කෙරෙහි හෝ අවධයනයක් යොමු කිරිමට උවමනාවක් හෝ ඇල්මක් කිසිදු විටෙක නොමැති බව බොහෝ අවස්ථාවන්හි පෙනි යන සුලභ දෙයකි. අද සරසවියේ දේශන බහුතරයක් පාසල් විෂය මාලාවේ මෙන් දේශනයට පමණක් සිමා වි ඇති අයුරු පෙනි යයි. දේශකවරයා කරවක් සදහන් කළද පටන්ගත් මොහොතේ පටන් නිමාව දක්වා එක දිගට සටහන් තබා ගැනිමේ තරගයකට සරසවි සිසුවා නිරායාසයෙන්ම යොමුවි ඇත. මා මෙහිදි අවධානයට ගනුයේ සරසවියේ කලා අංශයයි. ඇතැම් දෙපාර්තමේන්තු තුළ සිදු කරනුයේ පෙර කි ලෙස ආරම්භයේ සිට අවසානය දක්වා සටහන් ලියා ගැන්මට දිමයි. මා දත් එක් ආචාර්යවරයෙකු සිය දේශන මාලාව ක්‍රියාත්මක කරනුයේ ඔහු සතුව ඇති දියවි යන්නට ඔන්න මෙන්න වූ කහ ගැහුණු කොළ මිටියක් දෙස බලාගෙනය. මෙවන් විටකදි නූතන ලෝකයේ සීඝ්‍රගාමී වර්ධනය සහ දිනෙන් දින එකතු වන නව දැණුම සරසවි සිසුවාට සම්ප්‍රේෂණය වන්නේද යන්න ප්‍රබල ගැටළුවකි. දේශක වරුන්ගෙන් තමා බලාපොරොත්තු වන සාධනීය විෂය කරුණු නොලැබෙන්නේ නම්, ඒවා සොයා යාමට සරසවි සිසුවාට නිදහස ඇත. නමුත් මෙය බොහෝ විට සිදු නොවන තරම්ය. මන්ද දෙන දේ ලියාගෙන නිහඩව සිටීම ඇගට ගුණදායක බව බොහෝ දෙනා සිතන බැවිණි.

සියලු ආචාර්යවරයන් මෙසේ නොවන බවත් සුළුතරයක් පමණක් මෙසේ වන බවත් දැණුවත් කිරිමට කැමැත්තෙමි. නමුත් කලා විෂයන් හදාරන සිසුවා බෙහෙවින් අද වන විට ඇබ්බැහි වි ඇත්තේ තමාට දෙනු ලබන සටහන කටපාඩම් කර විභාගය සදහා පෙනි සිටීමටයි. (මෙය පාසල් විශය මාලාව ඉගැන්විම් රටාවේ ගැති වු සිසුවා ලද සානුකම්පිත තන්වයකි). නමුත් දේශන කාමර තුළ කවරාකරෙයෙන් දේශන ක්‍රියාත්මක වුවද, විභාගයේදි ආචාර්යවරුන් බලාපොරොත්තු වන්නේ නව දැණුමයි. මෙය සිසුවා අවබෝධ නොකර ගැනීමේ විපාකය මත අවශ්‍ය සාධනීය මට්ටම නොලබා යාම සිදුවේ.

ආචාර්යවරයෙකු නව අභ්‍යාස ක්‍රමයකට යොමු වුවද එය පිටුපා හැර තමාට පහසු නිබන්ධනයක් ඉල්ලීමට තරම් සරසවි සිසුවා දුර්වල තත්වයට පත්වී තිබේ. මෙය ලාංකේය අධ්‍යාපන ‍ක්ෂේත්‍රය දුර්මුඛ කරන්නාවු ඉතා අභ්‍යාග්‍ය සම්පන්න සිදුවිමකි. නව ආකාරයකින් සිතිමට, තමාට ආවේණික වූ ඉගෙනුම් සම්ප්‍රදායක් ගොඩ නගා ගැනිමට, නව දැක්මක් ලොවට හෙළි කිරිමට සමාජයේ උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වු මොවුන් දුර්මුඛ වි ඇත්තේ තම පහසුව සලකා ගොඩින් ඇග බේරා ගැනීමේ ක්‍රමයක් වශයෙනි. නමුත් මෙකි තත්වය තුළ සිදු වන්නේ නව දැණුම සොයා යන පිරිසකට හෝ තම අපේක්ෂා ඒ අයුරින්ම සාක්ෂාත් කර ගැනිමේ අවස්ථාවක් නොලැබි යාමයි.

2008 වර්ශයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිරගත කෙරුණු “කාම සූත්‍රය” චිත්‍රපටය නැරඹීමට ආ සිසුවියන් නැවත හරවා යවනු ලැබිණි. එමතුද නොව එය නැරඹීමට පැමිණි තම බැජියන් හට නොයෙක් නම් කියමින් කෙනෙහිළි කිරීමටද සහෝදර පාර්ෂවයේ ඇතැමුන් පසුබට නොවුණි. කලා සාගරයක සිටියද කලාව යනු කුමක්දැයි අවබෝධයෙන් හින වීම මෙවන් මන්ද මානසික සංකල්ප කරපින්නාගෙන යැමට හේතුව සේ මම දකිමි. එම චිත්‍රපටය තුළින් ගෙනහැරපාන්නාවූ, ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත හැක්කේ පහත් රසවින්දනයක මූලබීජ තම හිතින් අතුගා දමා, ජීවිතය, කලාව යම් පමණකින් හෝ අවබෝධ කර ගැනිමට යත්න දරන්නාවු අයෙකුට පමණි.

පසුගිය වසරේ වේදිකාගත කෙරුණු “හැපි ජර්නි” වේදිකා නාට්‍යයටද පේරාදෙණිය සරසවිය තුළ අත් වුයේ මෙවන් කනගාටුදායක ඉරණමකි. එකිනෙක මිනිසාගේ චෛතසිකයන් විග්‍රහ කරන ලද එම වේදිකා නාට්‍යය යම් තරමකින් හෝ අවබෝධ කරගැනිමට තරම් ඇතැම් සරසවි සිසුන්ගේ බුද්ධිය මුහුකුරා ගොස් තිබුණේ නැත. අවසානයේ රංග ශිල්පින්ට තම නාට්‍යය අතරමග නතර කර යාමට තරම් ‍වු ගෝෂා හඩ මධ්‍යයේ වේදිකා නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ වු පේරාදෙණියේ ගෞරවයද දියවි ගියේය. එම නාට්‍ය දැඩි නිහඩතාවක ගිලි මගේම වු ලොවක අතරමංවි සිට නැවත සම්පූර්ණයෙන් රස විදීමට මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල එළඹෙන තෙක් සිටිමට සිදුවූයේ පේරාදෙණියේ අභාග්‍යය නැවත නැවතත් මතක් කරවා දෙමිනි.
“හැපි ජර්නි” වෙනුවට මුල සිට අග දක්වා හිනහව සහ අසබ්‍ය වචන පමණක් පිරුණු කලා කෘතියක් ඉදිරිපත් කළේනම් එදා ‘වල’ දෙදරන තරම් හඩින් හු තැබු සුළුතරයක් කඩාකප්පල්කාරීන් ඇති තරම් රසයක් ඉන් ලබනු ඇත. අළුතෙන් දෙයක් සිතීමට තරම් මොළය කළදක් හෝ වෙහෙසවන්නේ නැති පිරිසකගේ තත්වය මෙයයි. මෙවන් සුළු පිරිසකගෙන්, ‍විශය මාලාවේ නව්‍යතා පිළිබදව විමසා සිටිම පවා විහිළුවක් ලෙස සැලකිම වරදක් නොවේ යැයි සිතමි. නමුත් ලාංකේය අධ්‍යාපන රටාවේ මෙවන් දොශ සහගත අවස්ථා වෙනස් විය යුතුය. වනපොත් සම්ප්‍රදායෙන් මිදි නව මානයන් සොයා යාම කෙතරම් විනෝදාත්මකද යන්න සහ දැණුම වර්ධනය කරන්නක්ද යන්න පාසල් මට්ටමේ සිට සිසුනට කියා දීම සාරවක් ක්‍රියාවක් ලෙස මම දකිමි. එසේ නම් පාඩම් පොත් තුළ ගිලි නිදි මරමින් වද විදිනු වෙනුවට තමාට හැකි, විනෝදාත්මක ක්‍රම මගින් තම දැණුම දියුණු කර ගැනීමේ හැකියාව සිසුවාට ලැබෙනු ඇත. උගත් බව ඇති වන්නේ තමා ඉන්නා පරිසරයෙන්, උගන්නා දෙයින් පමණක් නොවන බව සිසුවා අවබෝධ කරගත යුතුය.

************* මා දන්නා යෙහෙළියක් පාඩම් කරන කල්හි දෙපා වතුර භාජනයක දමා සිටීමට පුරුදු වූවාය. ඒ තරමට ඇය වෙහෙස වි පාඩම් කළාය. නමුත් අවසානයේ වතුර භාජ‍නය නොමැතිව නින්ද යා නොහැකි තත්වයට ඇය පත් වූවාය ***************

 
 

3 responses to ““””””””සරසවි සිසුවාගේ රසාඥතාව සහ තාර්කික ඥාණය”””””””

  1. සමනලයා

    May 31, 2012 at 2:55 am

    සරසවි ශිෂ්‍යයන් මේ තත්වයට පත්වෙන්න සමාජමය කාරණත් බලපානවා.මොකද සරසවි ශිෂ්‍යයන් සමාජයෙන් වියුක්ත වූ පුද්ගලයන් නෙවෙයි.සමාජය තුළ ඇති සංස්කෘතික සෝදාපාළුව ඔවුන්තුළද දක්නට ලැබීම අරුමයක් නෙවෙයි.ඒත් ඒ සමාජක්‍රමය වෙනස් කිරීමේ මූලයේ සරසවි ශිෂ්‍යයන් ප්‍රමුඛ විය යුතුයි.

     
  2. sudaraka

    May 31, 2012 at 3:19 am

    ලOකාවේ මොන ක්ශේත්‍රය බැලුවත් තියෙන්නේ මේ වගේම තත්වයක් තමයි..කලාව,සOගීතය,දැනුම,ආර්තිකය,දේශපාලනය ආදී මොන දේ වලදීත් මිනිස්සු නව දේවල් කරන්න ,අත්හදා බලන්න යන්නේ නැහැ..පවතින ක්‍රමයේම පල් වෙනවා හැර..ලිපිය හොදට ලියලා තියෙනවා..මම මේ බ්ලොග් එකට ආව පලවෙනි වතාව..දිගටම ලියන්න..සුබ පැතුම්..!!

     
  3. කබර ගොයා

    June 9, 2012 at 7:07 pm

    බාහිර උපාධියක් ලෙස ජන සන්නිවේදනය කරන සිසුවෙකු මේ සියලු චිත්‍රපට ආදිය නරඹනවා පෞද්ගලිකව සොයාගෙන. මේ ලිපිය බලනකොට තේරෙන දෙයක් තමයි විශ්ව විද්‍යාලය තුල ඉීට සුදුසු පරිසරයක් නිර්මානය වී නොමැති බව.
    ඉලක්ක ගත අධ්‍යාපයනගේ කඩඉම් සීමා පරීක්ෂණ ව්‍යාප්‍රති ආදියට පින් සිදු වන්නට මොට්ටයින් රැලක් සමාජගතවී අවසන්ය. තමන්ගේ ඉලක්කය සපුරා ගතහොත් ඇතිය යන මතය නොසිඳෙන තාක්. නව නිර්මාණ අල්පය.
    අප අධ්‍යාපන රටාව උවද වෙසක් තොරනක් සේය කාලයෙන් කාලයක රූ රටා වෙනස් වෙයි. ඒත් එකම සැකිල්ලක් භාවිතා කරයි.
    රටට වැඩදායි අධ්‍යාපණ රටාවක් බිහි නොවීම අභාග්‍යකි. ඇතැම් වෙලාවක එවැනි වැඩ පිළීවෙලක් ඉදිරිපත් වූ විට පවා විරුද්ධවීම් ආදිය ඉදිරිපත් වීම මගින් ඒවා යටපත් වනුයේ රටේම අවාසනාවටය.
    අප රටට අවශ්‍ය කවර ආකාරයේ අධ්‍යාපන රටාවක්ද යන්න සංවාදයට ලක්විය යුත්තකි. අනාගත පාලිතයන් කවර මාර්ග ඔස්සේ රටේ සංවර්ධනය කරා මෙහෙයවිය යුතුද. ඒ සදහා කවර ආකාරයේ පසුබිම් කරණයක් විය යුතුද යන්න ගැඹුරින්ම විමසා බැලිය යුතුය.
    උදාහරණයක් ලෙස කුඩා භුමි කොටසක් ඇති අප රට තුල ගොවිකම් මතින් යැපී දියුනු වීමේ මාවත සිහිනයකි.
    සුලු භූමි ප්‍රමාණයක් සුලු ආවස්ථික පිරිවැයක් සුලු කාලයක් යොදවමින් කෙරෙන නිෂ්පාදන, ඇසිරීම්, පහසුකම් හා සේවා යන මාර්ග ඔස්සේ රටට යහපතක් ඇති දෙයක් කල හැකි බව හැම දෙනෙකුටම පහසුවෙන් තේරුම් ගත හැක්කකි.
    නමුත් ගොවිතැනට ඇති අවස්ථා අල්ප කරමින් පෙර සදහන් අවස්ථා වෙනුවෙන් රට රැගෙන යන්නේ කවුරුන්ද?
    එවැනි තීරනයක් රටට ඉදිරිපත් කිරීමට නිර්භීත පාලකයා කවුරුන්ද?
    මෙවැනි ප්‍රශ්න ඔස්සේ කල්පනා කල විට සිතෙන එකම කරුන නම් තවත් කාලයක් යන තුරු තවත් ජන අසහනය වැඩි වන තුරු හෝ මෙම කරුන සඳහා කෘතිමව හෝ නිපද වූ මනෝ මූලයන් පාලිතයන් තුල රෝපනය කරන තුරු මෙම අද්‍යාපනය හෝ අද්‍යාපනය ඔස්සේ සිදු විය යුතු සංවර්ධන ක්‍රියාවලිය සිහිනයක් පමණි.

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: