RSS

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික යකඩ යුගයේ සුසාන වර්ග.

29 May

This slideshow requires JavaScript.

ප්‍රාථමික යකඩ යුගයේ අවධාරණය කළ යුතු සුවිශේෂී කාරණයක් වන්නේ සුසාන වර්ගයන්ය. මේවායෙහි උක්ත කාල වකවාන්වට අයත් සාධක රැසක් සන්ධර්භගතවි ඇත. විද්වත් මතය වන්නේ මෙය ඉන්දිය මෙගලිතික සුසාන සම්ප්‍රදායේ ආභාසයෙන් ලංකාවේ ඇති වූවක් වන බවයි. (සෙනෙවිරත්න, 1994, 13-20) නමුත් එසේ වුවද ලංකාවේ සිදු කර ඇති පර්යේෂණයන්ට අනුව මෙම සුසාන ඒකාකාරිත්වයෙන් තොර විවිධතාවක් හොබවන අංශයක් බව පෙනි යයි. ලංකාවේ හමුවන ප්‍රොටෝ ඓතිහාසික සුසාන වර්ග සහත පරිදි වේ.

Cist Burial
Clay Canoe
Urn Burial
Pit burial
Cairn Circle
Dolman
මෙකී සුසාන බහුතරයක හමු වන්නේ ද්විතියික වළලෑම් ක්‍රමයයි. එහිදි තෝරාගත් මියගිය පුද්ගලයින් එක් අයෙකුගේ හෝ බහුතරයකගේ තෝරා ගත් අස්ථි පමණක් ගෙන මැටි බදුන් තුළ බහා වැළලීම බහුලව පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ තිබේ. Pit burial සම්ප්‍රදායේ ප්‍රාථමික වලලෑම් පිළිබද සාධක හමු වන අතර ඩොල්මන් යනු සුසාන නොව ස්මාරක විශේෂයක් බවට මත පලවි ඇත.

Cist Burial :- මෙය ශිලා මංජුසා සුසාන ලෙස හදුන්වයි. ගලකින් ගලක් පන්නා සිටින පරිදි විශාල ගල් පතුරු හතරක් පෙට්ටියක් මෙන් සැදෙන පරිදි සිරස්ව සංයුක්තව තබා එහි මධ්‍යයේ සුසාන ද්‍රව්‍ය තැන්පත් කර මුදුන පියන් ගලකින් වසා මෙම සුසාන වර්ගය ඉදි කරයි. දානට ලංකාවේ මෙම සුසාන ‍ක්ෂේත්‍ර 36ක් පමණ පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇත.
(පිංවැව ගල් සොහොන් කනත්ත, මාමඩුව, අළුත් බෝඹුව, තම්මැන්න ගොඩැල්ල, ගුරුගල් හින්න, වඩිග වැව, දිවුල් වැව, රඹෑව, මච්චාගම, ඉබ්බන්කටුව, ආනකටාව, සියඹලා වැව, කදිරවේලි, ගල්අතර, මහපැලැස්ස, මහගල්වැව, තඹරව, ඹැඹව)

Urn Burial :- බරණි සුසාන ලෙස හදුන්වන මෙම සම්ප්‍රදාය පිළිබද වැදගත් සාධක හමුවන ක්ෂේත්‍රයක් ලෙස පොම්පරිප්පු හැදින්විය හැකි අතර එහි සිදු කරන ලද ක්‍රමානුකුල කැණීම් සහ පර්යේෂණයන්ට අනුව වැදගත් සාධක හදුනාගනු ලැබ තිබේ.
(තෙක්කම්, කරඹන්කුලම්, දුවෙගම, කතරගම, මාකෙවිට, විලන්කුලම්, පොම්පරිප්පු, සෙවනගල)

Pit burial :- ලංකාවේ Pit burial පැහැදිලිව හදුනාගත නොහැකි අතර ඒවා යම් යම් ආකාරයෙන් සම්මිශ්‍රිතව හදුනා ගැනිමේ හැකියාව ලැබේ. මේවායෙහි සිරුරු දිගු අගට වලළා ඇත්තේ ගැඹුරු වලවල් තුළයි. Extanded burial සම්ප්‍රදාය ලෙස මෙම වැළලිම් ක්‍රමය හදුන්වයි.
(කරෛනගර්, ආනෛකොට්ටෛ, මන්තායි, පොම්පරිප්පු)

Clay Canoe :- මෙය මුලින්ම හමු වූයේ වාරණ අසළ කලෝටුවාව ප්‍රදේශයෙනි. මැටි ඔරු ලෙස හදුන්වන මෙම සුසාන ක්‍රමය කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමු වි ඇත (ජයරත්න, 2011, ACL 406 දේශන).
(කලෝටුවාව, නිකවලමුල්ල, රංචමඩම, හල්දුම්මල)

Cairn Circle :- සුසානයක් මතුපිට ගල් කැබලි ගොඩ ගැසිම සහ වටේට ගල් කැබලි වෘතාකාර ලෙස තැන්පක් කිරිම මෙහිදි සිදුවේ. නමුත් මෙය ඉන්දියාවේ මෙන් ලංකාවේ සංකිර්ණ ලෙස හමු නොවේ.
(මාමඩුව, හබරැත්තෑවල)

Dolman :- මෙය සුසානයක් නොව සිහිවටනයක් ලෙස ඉදි කරන ලද්දක් බව සැලකේ. බටහිර රටවල මෙන් නොව ආසියාතික රටවල ඩොල්මන් තරමක් පසු කාලින වන බව කාල නිර්ණයන්ට අනුව පැහැදිලි වේ. සිරස් අතට සිටවු ගල් ස්ථම්භ තුනක් මත තිරස් අතට තැබු පියන් ගලකින් ඩොල්මන් සංයුක්ත වේ.
(පදවිගම්පොළ)

ලංකාවේ මෙම ඉහත දැක්වු සුසාන ක්‍රමයන්ට අමතරව ඒවා සම්මිශ්‍රිත ලෙස යොදාගත් අවස්ථාද හමුවේ. පිංවැව ගල්සොහොන් කනත්තෙන් හමුවන Pit with Cap Stone සම්ප්‍රදාය ගල්අතර ක්ෂේත්‍රයෙන්ද හමුවේ. එම නිසා මෙම සමාජයන්හි පිරිස් බොහෝ විට ඒකීය සම්ප්‍රදායකට සිමා නොවුණු බවත්, මෙසමයේ පිරිස් සම්මත සම්ප්‍රදායකට මැදි නොවී තමන් රුචි පරිදි මිහිදන් කිරිමේ සම්ප්‍රදායන් අනුගමනය කළ බවත් වටහා ගත හැකිය. එසේම මෙම සුසානයන්හි තැනපතු සැලකිමේදි එහි අඩංගු ද්‍රව්‍යන්ගේ සරු බව මත සමාජ ස්ථරායනය පිළිබද පැහැදිලි සාධක රැසක් උපකල්පනය කිරිමේ හැකියාවද පවතී.

 

10 responses to “ශ්‍රී ලංකාවේ ප්‍රාථමික යකඩ යුගයේ සුසාන වර්ග.

  1. Ranuka

    May 29, 2012 at 7:06 am

    niyamai………

     
  2. හෙලයෙකුගෙන් ලොවට

    May 29, 2012 at 7:59 am

    බොහොම ස්තූතියි. මේකෙ ඡායාරූප අදාල තැනට දාලා හරි ඒ රූප කොහොමින්හරි නම් කරල කලා නම් එකපාරම බලාගන්න පුලුවන් වෙනවා.

    **************************************************************************************************
    image galler වැඩේ නම් සාර්තකයි. ඒත් ඉස්සෙල්ලම මම හිතුවෙ එක Imageයක් විතරයි දාල තියෙන්න කියලා. කියවලා උඩට යත්දි තමා අහම්බෙන් දැක්කෙ
    **************************************************************************************************

     
  3. mppgunasinghe

    May 29, 2012 at 10:29 am

    ඔබේ මෙහෙවර ඉතා වැදගත් වූවකි. මෙවැනි හරවත් ලිපි දිගටම ලිවීමට ඔබට හැම දිරිගැන්වීමක්ම ලැබේවා !

     
    • තිලිනි ෂැල්වින්

      May 29, 2012 at 11:49 am

      බොහොම ස්තූතියි. ඉදිරියටත් ඉඩ ලද හැම විටකම ලිවිමට උත්සහ කරන්නම්…

       
  4. Bindi

    May 30, 2012 at 1:05 pm

    මන් කැමතිම බ්ලොග් එකක් . ඔබ ඉතිහාසය ගැන හොඳ දැනුමක් ඇති අයෙක් බව පේනවා

     
    • තිලිනි ෂැල්වින්

      May 30, 2012 at 4:21 pm

      ස්තුති යාලුවා… ඔබ සැමදාම මගේ ලිපි කියවා අදහස් දැක්විම ගැන මට සතුටුයි…

       
  5. sadev

    May 30, 2012 at 8:18 pm

    හරිම වැදගත් ,,,,,,,,,,,,,,,,,,

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: