RSS

අද්‍යතන සිංහලයා, ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ බුදුදහමේ ආදේශනය

16 May

(සිංහලයා යනු කවරෙක්ද, නියම සිංහල කම, දේශීයත්වය සහ අනන්‍යතාව යනු කුමක්ද යන්න යම් තරමකින් හෝ විවරණය කිරිම සදහා මෙම ලිපිය ඉදිරිපත් කරමි)
දේශානුරාගය, ලාංකේය අනන්‍යතාව, බෞද්ධකම ආදි වූ මාතෘකා බොහොමයක් අද්‍යතනයේ බෙහෙවින් විවාදයට පාදක වි ඇති බව දක්නට ලැබේ. නමුත් මෙහි මා ‍බොහෝ විට දකින මුඛ්‍ය දුර්වලතාවයක් වන්නේ සිංහල බෞද්ධකම මුල් කර ගනිමින් අන්‍ය ආගම් සහ ජාතීන් දීන ලෙස හෙළා දැකීමයි. මම විමසන පළමු පැණය වන්නේ මෙයයි…
සිංහල බෞද්ධයා යනු කවරෙක්ද? දමිළ බෞද්ධයන් පිළිබදව ඔබ අසා ඇත්තේද?
දේශානුරාගය තිබිය යුතුය. නමුත් එය අන්තවාදි ලෙස ඔඩු දුවන රෝගයක් බවට පත් වූ කලිහි එයට අනිවාර්ය ‍ඖෂධයක් ලද යුතුය. නැතිනම් ජාත්‍යාලය නැමති රොග නිධානය තමන්ටත්, තම පරපුරටත් විනාශකාරි අනාගතයක් උදා කරවනු ඇත. සිංහලයන් එළාර රජු යටතේ පාලනය නොවුණිද? වසර ගණනක් පුරා උඩරට රාජධානි සමයේ දක්ෂිණ ඉන්දීය නායක්කර් රජ පරපුර යටතේ පාලනය නොවුණිද? මෙරටට රජවරු නැති වූ කල්හි විදේශීය නරපතීන් මෙරටට ආනයනය නොකළෝද?
අප කවුරුත් දන්නා විජය, පණ්ඩුකාභය, නිශ්ශංකමල්ල…. මෙකි නොකී නරපතීන් මෙහි ආවේ කොහි සිටද?
අද ලාංකේය බෞද්ධකම හිස මතට ගෙන ගිගුරුම් දෙන බහුතරයක් පිරිස් එදාද සිටියේනම්, මෙම රජවරුන් එතරම් කල් අප රටට නායකත්වය දෙනු ඇත්ද?
මා දකිනා සිංහලකම වන්නේ සැම එක්ව එකාවන්ව ජීවත් වීමයි. බෞද්ධකම වන්නේ සමානාත්මතාවය, ධාර්මිකත්වය, සහජිවනය වැනි වු දහසකුත් සමාජ වැඩදායී ගුණාංගයි. නමුත් ජාතියේ අභාග්‍යයකට දෝ මෙවන් ආකල්ප සිග්‍රයෙන් අප සමාජයෙන් තුරන් වී යමින් පවතී. අප ඉදිරි පරපුරට මෙම ඇතැම් පිරිසකගේ ආදර්ශයෙන් සම්ප්‍රේෂණය වන්නේ වෛරය, ක්‍රෝධය, ලේ පිපිසාව, අමනෝන්‍ය දුර්මත පිරුණු ආකල්පයන් වීම අභාග්‍යයකට කරුණකි.
මා ඔබෙන් අසන දෙවැනි පැණය වන්නේ ‍මෙයයි,
මිත්‍රවරුණි, සැබෑ දේශීය අනන්‍යතාවන්, අනාදිමත් කාලයක පටන් පැවතෙන හෙළ සංස්කෘතික නැමියාවන් ඔබට අර්ථ දැක්විය හැකිද?
මෑත වර්ෂයක කොළඹදී මා සහභාගි වූ ත්‍යාග පුධානෝත්සවයක් නිමිත්තෙන් පැවැත්වූ නරථන අංගයකදී අපගේ ආච්චි අමිමා කෙනෙකු පැවසූ අදහස මම ඒ ආකාරයෙන්ම, ඇයගේ අව්‍යාජ වචනයෙන්ම මෙහි ගෙනහැර දක්වමි. ඒ මෙසේය,
‘….නොදකින් මේ තේඋඩිච්චියෝ ටික විළිසංගයක් නැතිව පුක පෙන්නගෙන නටන හැටි…’
ඇය දකිනා සමාජ සාරධර්ම පද්ධතියෙන් පරිබාහිර වූ එම පාසල් සිසුවියන්ගේ නර්ථනය ඇයට අප්‍රියකර දර්ශනයක් වූයේ ඒ අයුරිනි. නමුත් යම් තරමකින් හෝ අධ්‍යාපනය ලද අප අතර වෙසෙන ඇතැම් පිරිස් අද්‍යතනයේ එළි දකින කලා නිර්මාණ වේවා සමාජ සංසිදිධි වේවා අර්ථ දක්වන්නේ උක්ත ආච්චි අමිමාටත් වඩා මුග්ධ අයුරින් වීම කාගේ වරදදැයි නොදනිමි. නමුත් ඔබ දන්නවාද? යාපහුව කැටයම් අතර ඇති කාන්තා නර්තන පෙරහැර. මේ නර්තන පෙරහැරේ කාන්තාවන් කරනම් ගසමින්ද යන බව ඔබ දැක තබෙනවානම් අද සමාජයේ කාන්තා නර්තන ප්‍රසංග හෝ වෙනත් එවැනි අවස්ථා අත්තනොමතික විවේචනයට ලක් කළ යුතුදැයි යන්න ගැටලුවකි.
තවද කලා කෘතියක් දුටු විට එහි නිර්මාණාත්මක බව හෝ වෙනයම් ගුණාංග, දෝශ ඇතොත් කලාව පිළිබද කරන විග්‍රහයකින් එය රසවිදිනු හෝ විචාර විවේචන කරනවාට වඩා යම් යම් මිණුම් දඩු තුළ බහා කරන අර්ථ දැක්වීම් යුක්ති යුක්තදැයි අසනු කැමැත්තෙමි.
උදාහරණයක් ලෙස චිත්‍රපටයක්, ගිතයක්, සිතුවමක් ආදී වූ කුමන හෝ කලාංගයක් විචාරයේදී….
‘…..මෙය සිංහල කමට කරන නිගරුවක්, මෙය ජාතිය කෙළසා ‍දැමීමක්, බෞද්ධකම හෙළා දැකීමක්…’ ලෙස ඒකීය රාමුවකට කොටු වූ සිමාවක සිට විග්‍රහය සාධාරණීකරණය කළ හැකිද යන්න ගැටලුවකි.
අප සිගිරි සිතුවම් අර්ථ දක්වන්නේ කෙළෙසද? … රාජ්‍ය ලරිපාලන සේවා තරග විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක අසා තිබුණු ප්‍රශ්නයක් දැක මට මාගේ ජාතිය කෙරෙහිම කළකිරිමක් ඇති විය. එහි අසා තිබුණේ
‘ඉන්දියාවේ අජන්තා සිතුවම් වලට සමාන සිතුවම් මෙහි හමුවන්නේ කවර ස්ථානයකද….’ යන ලෙසයි.
සීගිරි සිතුවම් තුලින් දේශීයත්වය නොදකින අප රටේ ඇතැම් අති පණ්ඩිතයන්, සිංහල කම, බෞද්ධකම, දේශීයත්වය කතා කිරිමට කට සෙලවීම පවා ජාතියට කරන නිගරුවක් ලෙස මම දකිමි.
මාගේ තෙවැනි පැනය මෙයයි,
ඔබට ප්‍රේමයෙන් මුසපත්වී පෙම් කළ හැකියි, ඔබ ගැහැණියක් නම් පිරිමියකු සමගද, පිරිමියෙක් නම් ගැහැණියක සමගද, නොමැතිනම් ස්ව ලිංගිකයෙකු සමගද ඔබට එක්විය හැකියි. නමුත් එය අශිෂ්ටත්වයකින් තොරව සමාජ කතිකාවතක් ලෙස කරළියට පැමිණීමේදී ඔබ එවන් දේ එළිපිට කතා කරනා පුද්ගලයින් දෙස වපරැසින් බලා සමාජය කෙළසන්නන් ලෙස ඔවුන්ට ගරහනු ලබන්නේ ඇයි?
මැතකදී මා ඇසූ විහිළු සහගතම කතාව වන්නේ පැරණි සාහිත්‍ය කරුවන් ලිංගිකත්වය එළිපිට කතා කොට සිංහල බෞද්ධකම වැනසූ බවට කෙනෙක් කළ ප්‍රකාශයයි.
මා ඔහුගෙන් අසන්නේ ඔහු දන්නා සිංහල බෞද්ධකම කුමක්ද යන්නයි. (මට හැගෙනා පරිදි ඔහුගේ බෞද්ධකම වන්නේ උක්ත සංසිද්ධි සැගවී සිට රස විදීම හෝ හොර රහසේ කතා කිරිමයි.) යමෙක් එවන් ප්‍රකාශයක් කරන්නේනම්, ලාංකේය විහාර කර්මාන්ත කොපමණ සංඛාවක, මිනිසුන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතා සිතුවමට, කැටයමට නගා තිබෙනු ඇත්දැයි විමසා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තවද අවිචාරවත් ලෙස මෝහයෙන් කරන වැළදගැනීම් වලින් මිදී දෑස් ඉදිරියේ බැදි කඩතුරා මුදා සමාජය දෙස දෑස් විදහා බලන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි.
ඔබට සංස්කෘතිය යන්නට නිශ්චිත විවිරණයක් දිය හැකිද?
ලොව පුරා මා යම් තරමක් හෝ අධ්‍යයනය කළ සංස්කෘතින් විමසීමේදි පැහැදිලිව විවිරණය වූයේ එම එකිනෙක සංස්කෘතින් කාලානුරූපව නොයෙක් සමාජ ගට්ඨනයන් මත වෙනස් වීම් වලට ලක්වූ බවයි. අප හිස් මුදුනේ තබා කෑ මොර දෙන අප දේශීය සංස්කෘතියද මෙලෙස ස්වභාවනයන්ම වෙනස් වු බව ඔබට පවසනු කැමැත්තෙමි. එය එසේ නොවේනම් රොබට් නොක්ස් සිය ග්‍රන්ථය මගින් ලොවට හෙළි කළ අප රටේ නූතනම විවරණය අනුව තවමත් අප සමාජය එකී සංස්කෘතියේම හවුල් කරුවන් වනු ඇත. නමුත් කාලය, වෙනත් පරිබාහිර සබදතා සහ අධාපනය මත අප අද බොහෝ දුර පියමං කර ඇත.
අද්‍යතනයේ දේශියත්වය රැකගැන්ම උදෙසා ඇතිවී කිබෙන සුවිසල් ප්‍රයත්නයන් අගය කරමු. නමුත් ඇතැම් පිරිස් මේ මුවාවෙන් අවුළුවන්නට යන ජාති ආගම් භේදයන් නිසැකවම පිටු දැකීම බෞද්ධ වූ සිංහල වූ අප අතින් ඉටු විය යුතු ආවශ්‍යයික මෙහෙවරක් වන්නේය. අන් ආගමිකයින් හෙළා දැකිය යුතු බව බුදුරජාණන් වහන්සේ කිසි තැනක දැක්වූ බමක් මම නොදනිමි. උන් වහන්සේගේ දේශනය වූයේ සමානාත්මතාව, සහජීවනය, අල්පේචිඡ බව… ආදීවූ දහසක් වු ඉගැන්වීම් බව කියනු කැමැත්නතමි.
එසේම කිසිවකට ගැති නොවී නිවහල් චින්තනය තුලින් සමාජ යහපැවැත්ම යන්න අර්ථාන්විතව අවබෝධ කර ගන්නේ නම් මෙවන් විවාද විචාර කිසිවකින් තොරව යහපත් සමාජයක් නිරායාසයෙන් ඇති කර ගැනිමේ හැකියාව බොහෝ දුරට පවතින බව කිව හැකිය.

 
 

10 responses to “අද්‍යතන සිංහලයා, ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ බුදුදහමේ ආදේශනය

  1. shanaka

    May 16, 2012 at 3:49 pm

    යම් කළාවක් රස විඳීමට නම් එම කළාව පිළීබඳ දැනීමක් උවමනා වෙනවා.
    නිර්මාපකයා එයින් අදහස් කල දෙය
    එම කළා සම්ප්‍රදාය තුල අනුගතවීම නූතන කරණය
    නිර්මාණ මාද්‍ය භාවිතය
    නිර්මාණයෙහි අදහසට කතෘන් විසින් කරණ ලද සාධාරනත්වය වැනි දේ වටහාගත හැකි නුවණකින් තොරව එහි සැබෑ රසය උකහා ගත නොහැකියි.

     
    • තිලිනි ෂැල්වින්

      May 16, 2012 at 3:55 pm

      ස්තූති යාලුවා. අදහස ගොඩක් වටිනවා. මේ වගේ රසවින්දනයකට සමාජය මිට වඩා යොමු කරවිය යුතුයි. විශේෂයෙන්ම එය පාසලේදි ප්‍රාථමික අධ්‍යාපනය තුළින් ඇති කළ යුත්තක්

       
      • shanaka

        May 16, 2012 at 4:00 pm

        රසවින්දනයක් තත්වාකාරයෙන් වින්දනය කරන්නට සුදුසු වට පිටාවක් තවම සකස් වී නැහැ.
        විවිධ මානසික බැමි වලින් බොහෝ මිනිසුන් සිර වී සිටිනවා.

         
  2. mppgunasinghe

    May 16, 2012 at 4:40 pm

    විවාදයට නොව සංවාදයට භාජනය වියයුතු වැදගත් තේමාවකට ඔබ අවතීරණය වී ඇත. මේ වැනි තේමාවන් බෙහෙවින් සංවාදයට බඳුන්වීම අපේ පවතින දුබලතාවන් අඩු කිරීමට හේතුවනු ඇත.

     
  3. A.M.N.Bandara

    May 16, 2012 at 5:37 pm

    Nice pOst thiliniii… keep it uP!

     
  4. කුරුළු

    May 16, 2012 at 6:12 pm

    කුරුල්ලාගේ හිතේ තිබ්බ සිංහලකමට තවත් ගොඩාක් කරුණු එකතු වුණා..ඔයාට ගොඩාක් පින්…

     
    • තිලිනි ෂැල්වින්

      May 16, 2012 at 6:51 pm

      ස්තුති යාලුවා. ඔයාලගෙන් ලැබුණු පන්නරයත් මේකට ගොඩක් දායක වූණා.

       
  5. lakshitha

    April 26, 2016 at 8:10 am

    ඔයා දන්නා සුද්දගේ සිලබස් එකට හිලෑ වෙලා ඉගෙන ගත්තු ඉතිහාසය හැටියට නම් මේ ලිපිය හරි ,,,තමන්ගේ ජාතකේ අවුල් උනා කියලා ඒක සාධාරණිකරණය කරන්න ඉතිහාසය පාවිච්චි කරන්න එපා …ලංකාවේ මිනිස්සු මෝඩ නිසා ඔයා වගේ ගොඩ පෙරකොදොරුවන්ට අහු වෙනවා

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: