RSS

ග්‍රීක ප්‍රතිමා ඉදිවීම කෙරෙහි බලපෑ සාධක සහ ප්‍රතිමාවන්හි වස්තුවිෂය

02 May

Image

ග්‍රීකවරු ප්‍රතිමා ගොඩනගනු ලැබූයේ සිය ආගමික අවශ්‍යතා සපුරා ගැනීම පිණීසයි. ඔවුන්ගේ මූලික අභිප්‍රාය වූයේ මෙය වන අතර ඔවුන්ගේ දේවස්ථාන විමර්ශනයේදී මේ බැව් වඩාත් තහවුරු වේ. ඔවුන් ඉදිකළ ප්‍රතිමා දේවස්ථාන සැරසීම පිණිස යොදාගත් බවට සාධක රැසක් හමුවේ. එක් එක් දේවස්ථානයන්හි ඒ ඒ දෙවියන් උදෙසා ඉදිකළ ප්‍රතිමා Naos හෙවත් Cella ලෙස හදුන්වනු ලබන් ඇතුළු කොටසේ තැන්පත් කර තිබිණි. Archaic යුගයෙන්ද මේ බව නිදර්ශනය වේ.
තවද යම් ප්‍රභූ පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවේදී ඔහුගේ හෝ ඇයගේ සොහොන මත එම මිය ගිය පුද්ගලයාගේ ප්‍රතිමාවක් හෝ සංකේතාත්මක ලෙස වෙනත් මිනිස් ප්‍රතිමාවක් ස්ථානගත කර තිබුණු ආකාරය හදුනා ගත හැකිය. මෙය ඔවුන් සුසාන ආශ්‍රිතව යම් චාරිත්‍රයක් ලෙස සිදු කළ ආකාරයත්, එය එවක සමාජයේ පැවති යම් සිරිතක් ලෙසත් හදුනා ගැනීමට ශේෂ වූ ප්‍රතිමා සාධක සපයයි.
මීට අමතරව සංවිධිත වූ ග්‍රීක නගරවල පවතින ඉතා වැදගත් ස්ථානයක් ලෙස හදුනා ගන්නා Market place, Agora ලෙස හදුන්වන ස්ථානයන්හිද හුදු අලංකරණය උදෙසා සමාජයේ විසූ ප්‍රභූ පුද්ගලයි‍න්ගේ ප්‍රතිමා නෙළා තැබීමේ සම්ප්‍රදායක් පැවතී ඇත.
ආරම්භක අවධියේ සිටම දේවස්ථානයන්හි දෙවියන් උදෙසා පූජාවන් ලෙස විවිධ පුද්ගලයින්ගේ ප්‍රතිමා නෙළීමේ සම්ප්‍රදායක් මෙන්ම ර්‍කීඩා, යුධ ආදී ජයග්‍රහනයන් සැමරීම සදහා ජය ගත් හෝ ජය ගැනිමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රතිමා ඉදි කිරීමේ සම්ප්‍රදායක්ද හදුනා ගැනීමේ හැකියාව ඇත. මේ අනුව ඉහත සදහන් අවස්ථා උදෙසා ප්‍රකිමා නිර්මාණය කිරීමේ පැහැදිළි නිදර්ශන Archaic හෙවත් පුරාතන යුගයේදීද හදුනා ගත හැකිය. එසේම මෙම යුගයටම ආවේණික වූ විශේෂතා හේතුවෙන් එසමයේ පැවති සුවිශේෂීත්වය ඉස්මතු වේ.
Archaic යුගයේ ප්‍රතිමා කර්මාන්තය උදෙසා වස්තුවිෂය වූ කරුණු සැලකූ කල වෙනත් අවධීන්හි මෙන් එය දෙයාකාර බව පැහැදිලිව පෙනී යයි.
1. දෙවියන් හෝ වීරවරයන් දැක්වෙන ප්‍රතිමා.
2. සමාජයේ වෙනත් අවස්ථා හෝ දෛනික ජීවිතය දැක්වෙන ප්‍රතිමා.
උක්ත ප්‍රතිමා ඉදි කිරීමට යොදාගත් මාධ්‍ය අතර ප්‍රධාන වශයෙන් කිරිගරුඩ, මැටි, වැලිගල්, ලී, රත්රන්, ඇත්දළ, ලෝහ වර්ග ආදිය දැක්විය හැකිය. මේ අතුරින් දැනට ශේෂ වී ඇති නිදර්ශනයක් ලෙස Archaic යුගයේ ඉදිකළ නිර්මාණ බහුතරය හමු වන්නේ කිරිගරුඩ පාෂාණ මාධ්‍යයෙනි. ස්වරූපය අනුව මේවාද කොටස් දෙකකි.
1. Kouros – පිරිමි ප්‍රතිමා.
2. Kore – කාන්තා ප්‍රතිමා.

Archaic Period-
Early Archaic Period
Middle Archaic Period
Later Archaic Period

Image

 

2 responses to “ග්‍රීක ප්‍රතිමා ඉදිවීම කෙරෙහි බලපෑ සාධක සහ ප්‍රතිමාවන්හි වස්තුවිෂය

  1. Bindi

    May 2, 2012 at 3:08 pm

    බුදු පිළිම මුලින්ම නිර්මාණය වුනෙත් ග්‍රීක අභාෂයෙන් . ඒ ග්‍රීක් වරු උත්තර ඉන්දියාව පැත්තට ආවට පස්සේ . මාත් ඉතිහාසේ ගැන පිස්සුවක් ඇති හින්දා මේ ලිපිය අසාවෙන් කියෙව්වා

     
    • තිලිනි ෂැල්වින්

      May 2, 2012 at 6:32 pm

      ඔවු, එහෙම මතයකුත් තියනවා. නමුත් ගන්ධාර බුදු පිළිම වලට සමකාලීනව හෝ ඊට පූර්වයේ මථුරා බුදු පිළිම නිර්මාණය වූ බවට මතයකුත් තියනවා. නවතම වාර්තා වලින් මීට වෙනස් මතයක් කියවෙනවා. ඒ තමයි, චීයයේ ක්‍රි. පු 1 වන සියවසේ බුදුපිළිමයක් ලැබුණු බව (මහාචාර්ය සෝමතිලකගේ මතයක් ඇසුරෙන්) මේ දත්ත දිනෙන් දින නව්‍යකරණය වන කිසා මෙය මෙසේමයැයි කියල සපථ කරල කියන්න අමාරුයි.

       

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: