පූර්ව ලිපියට
02
Ahar Culture
(අහාර් සංස්කෘතිය)
වත්මන් ඉන්දියාව තුළ හමුවන පැරණිතම කැල්කොලිතික සංස්කෘතියක් පැවති ස්ථානයක් වශයෙන් මෙම ක්ෂේත්‍රය සුවිශේෂී වැදගත්කමක් දරන බව ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. එසේම Banas නදිය ආශ්‍රිතව ව්‍යාප්ත විම මත Banas Culture යන නමින්ද හදුන්වයි. මෙම නදිය පාදක කොටගෙන ගිනිකොන දිග රාජස්ථානයේ Ahar සහ Gilund නමින් කැල්කොලිතික ක්ෂේත්‍ර දෙකක් හදුනාගෙන තිබේ (Chakrabarti, 1995).
02.01
ක්ෂේත්‍රයේ පිහිටීම
කතියවෝර් සිට 300 km ගිනිකොන දිග ප්‍රදේශයට වන්නට, අරවල්ලි ප්‍රදේශයට නැගෙනහිරින් Banas නදිය මුල් කරගෙන මෙම ක්ෂේත්‍රය පැතිරී ඇත (Allchin, 1996). එසේම මෙය වත්මන් රාජස්ථානයේ Udaipur දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට හදුනාගත හැකිය. එහිදි මීට වසර 4500කට ප්‍රථම කාලයකදී මෙම සංස්කෘතිය පිළිබද සාධක දක්නට ලැබෙන අතර කාබන් කාලනීර්ණ අනුව රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ ක්‍රි.පූ. 3500 – 1800 දක්වා කාල පරාසයක් තුළ මෙම සංස්කෘතිය පැවති බවට සාධක ලැබේ (www.india-today.com).
විශේෂ වැදගත්කමක් ලෙස දැක්විය හැකි වන්නේ ගංගා නිම්න භූමියක් පදනම් කරගනිමින් මෙකී සංස්කෘතිය ව්‍යාප්ත වී තිබිමයි. ඒ අනුව ජනාවාස පිහිටුවා ගැනීමේදී මෙම ජනයා ජල මූලාශ්‍ර වෙත ප්‍රධාන අවධානයක් යොමු කළ ආකාරය පෙනී යයි. තවද, දැනට පාකිස්ථානයේ පවතින හරප්පා සභ්‍යත්වයට යම් තරමක් සමීපස්ථව උක්ත සංස්කෘතිය පැතිරී ගිය ක්ෂේත්‍රය දක්නට ලැබෙන බැවින් එම ප්‍රදේශද්වය අතර සබදතා පැවතියේද යන්න කෙරෙහි, මෙහි පිහිටීම අනුව විමසා බැලීමේ හැකියාව ලැබේ.
තවද කැල්කොලිතික සාධක හමුවන ඉන්දීය ප්‍රදේශ ලෙස Udaipur වලට අමතරව Chitorgarh, Bhilwara, Ajmer, Jaipur, Tonk in Rajasthan, Mandasore in Madhya Pradesh ආදී ස්ථාන නම් කළ හැකි අතර Udaipur හි Ahar ක්ෂේත්‍රය වැදගත් වන්නේ පැරණිතම සාධක හමුවීම මතය.
Ahar ක්ෂේත්‍රය පිළිබද දක්වන්නේ නම්, මෙහි ග්‍රාමීය ප්‍රදේශ අනූවක පමණ එම සංස්කෘතික සාධක හමුවී තිබෙන බව දැක්විය හැකිය. රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ Ahar ප්‍රමුඛව වැජඹුණු බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබේ. මෙහි ව්‍යාප්තිය දෙස බැලීමේදී නැගෙනහිර අරවල්ලි සානුවල සහ Banas ගංගාව දිගට මෙන්ම එහි අතු ගංගාවල මෙම ක්ෂේත්‍රය පැතිරී ගිය බවට සාධක ලැබේ.වත්මන් රාජස්ථානයේ,
Udaipur
Chittorgarh
Dungarpur
Bhiwara
Rajsamand
Bundi
Tonk
Ajmer
ප්‍රදේශ ආශ්‍රිතව වර්ග කිලෝමීටර 10,000ක පමණ භූමි ප්‍රමාණයක මෙම සංස්කෘතික සාධක දක්නට ලැබේ. මෙකී ක්ෂේත්‍රවල පැතිරිම අනුව ගිනිකොණදිග රාජස්ථානයේ සහ මධ්‍ය ප්‍රදේශ් ආශ්‍රිතව මෙහි ව්‍යාප්තිය පෙනී යයි (www.india-today.com).
02.02
chronology
කාල නීර්නය
වර්තමාන උදායිපූර් ප්‍රදේශයෙන් හදුනාගනු ලබන මෙම සංස්කෘතිය මීට වසර 4500ක පමණ ඉතිහාසයකට අයත් බව පැවසේ. කාබන් කාලනීර්ණයන්ට අනුව රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ 3500-1800 B.C. සමය අතර කාල පරාසයක් තුළ Ahar සංස්කෘතිය පැවති බව පිළීගැනේ. Mewar හි පළමු අදියරයන් හරප්පානු යුගයටත් වඩා ර්‍පර්ව කාලීන වීම සැලකිය යුතු ලක්ෂණයකි (www.india-today.com).
පොදුවේ ගත් කල්හි, Ahar සංස්කෘතිය යුගකරණය අනුව හරප්පානු වකවානුව හා සම කාලයට මෙන්ම ඊට පසු කාලයටද අයත් වන බව පෙනී යයි (Allchin, 1996). තවද, කෙසේ වෙතත් මෙම යුගද්වය,
- Proto Historic – 2600-1500 B.C.
- Early Historic – 500-300 B.C.
ලෙස වර්ගීකරණයට ලක් කොට තිබේ. මෙහිදී කැල්කොලිතික අවස්ථාව ලෙස හදුනාගන්නේ පෙර කී පළමු යුගයයි. එය, හමුවන මැටි මෙවලම් මත නැවත වර්ගීකරණයකට ලක් කොට තිබේ.
1A – 2600-2150 B.C.
1B – 2150-1950 B.C.
1C – 1950-1550 B.C.
උක්ත කාලනීර්ණ පදනම් කර ගනිමින් සහ Ahar හි කැණීම්වලින් හෙළිවන සාධක භාවිතයෙන් මෙම සංස්කෘතිය හරප්පා සභ්‍යත්වය සමග සබදතා පැවැත්වීද යන ගැවළුව මතු වී ඇත. මෙහිදී උපයුක්ත වන කාලනීර්ණ ක්‍රම සැලකීමේදී,
- සාපේක්ෂ කාලනීර්ණය
- නිරපේක්ෂ කාලනීර්ණය