RSS

තිතේ කතාව….. නෑ නෑ… මගේ කතාව

12 Dec

කාලයක් මම ඇවිදගෙන ගියා….. ජීවිත වාක්‍යය දිගේ.

ඔහොම ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන යද්දි එක දවසක

විරාම ලකුණක් හමු වුණා මගේ වාක්‍යයට

ඉතිං මම විරාම ලකුණෙන් ඇහුවා………

“නවතිනවද ඔයා, වෙලා මගෙ ජීවිත වාක්‍යයේ නැවතුම”

ඒත් එයා කීවා………

“කොහොමද එහෙම…….?

විරාමයක් මිසක් නෙවෙයිනෙ මම නැවතුම් තිතක්

මේ ඇවිදින වාක්‍ය දිගේ, හති වැටුනම ඔයා……. දුවල දුවලම

විරාමයක් වෙලාම මම

දෙන්නම් අර්ධ නැවතුමක්… හති ඇරගන්න

නැවතුම් තිත හොයාගෙන තව දුර යන්න ඔයාට

වේවි එතකොට මගෙන්, හයියක් තව”

ඉතිං මම පටන්ගත්ත ආයෙත්, ඇවිදන් යන්න

කාලයක් ඔහොම ආව

තිත හොයාගෙන හොයාගෙන හොයාගෙන……

හොයපු තිත හම්බවුණා

ඉතිං මම තිතටත් කීවා, කලිං කතාවම

“නවතිනවද ඔයා, වෙලා මගෙ ජීවිත වාක්‍යයේ නැවතුම”

එතකොටම තිත කියපි….

“කොහොමද එහෙම…….?

කොච්චර කල්ද මම නැවතිලා……..

අපෝ මටනම් බෑ ආයෙත්,  නෑ හෙල්ලෙන්නෙ මෙතනින්”

ඉතිං මම……….

බිම බලාගෙන

හිටගත්තා සීරුවෙන්, එතනම

තාමත් මම………….. ඒ…….. හිටි තැනම

 
6 Comments

Posted by on December 12, 2011 in Uncategorized

 

6 responses to “තිතේ කතාව….. නෑ නෑ… මගේ කතාව

  1. සිත්රූ සිහින

    December 12, 2011 at 2:39 pm

    හරිම ලස්සනයි..🙂

     
    • thilini shalwyn

      December 12, 2011 at 2:42 pm

      ස්තූතියි යාළුවා………..

       
  2. Hishan Melanga

    December 13, 2011 at 2:32 pm

    අපේ ජීවිත ගැන තීරණය කරන්න ඕන අපිමයි. වැරදි තියෙන්න පුළුවන් ඒත් අනුන්ගෙන් යමක් බලාපොරත්තු වෙන්න නරකයි. තිතෙන් උදව් නොයිල්ල හිටිය නම් තමා වඩාත්ම හොද🙂 ලස්සන අදහසක් යාළුවා.

     
    • thilini shalwyn

      December 13, 2011 at 4:16 pm

      ඔව් යාළුවා. ඔයාගෙ අදහස මම අගය කරනවා. ඒකත් ඇත්ත.
      ඒත් ජීවිතේ අපි නොහිතන විදිහට නොහිතන වෙලාවල්වලදි අසරණ වෙනවා. තනිකමක් දැනෙනවා. අනේ මම තනියම නේද කියල හිතෙනවා. එහෙම වෙලාවල හිතෙනවා තනියට කවුරුහරි හිටියනම් කියලා.
      ………..ඒත් ඔයා කීව වගේ හැමදාම තමන්ගෙ ගැන පූර්ණ විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවනිනම් තමයි ජීවිතේ නොසැලී ඉදිරියට යන්න පුළුවන් වෙන්නෙ.

       
  3. නා ලොවේ නාගයා

    August 6, 2012 at 6:08 am

    මාත් තියන්න හැදුව අප්ප ඔහොම තිත් ගොඩක්….. ඒත් තාමත් හිටි තැනම තමා මාත්… 😛

     
    • thilini

      August 6, 2012 at 5:03 pm

      තිත ගමන් කරයි…………………

       

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: