RSS

මේ……. හැමදාම මට කඳුළු දුන්න කතාවක්.

09 Dec

ඔයා ආදරේ කරන සුරතලෙක් ඔයාට ඉන්නවද?

ඒ ප්‍රශ්නෙම මම ආයෙ අහන්නම්. ඔයා ආදරේ කරන සුරතලෙක් ඔයාට ඉන්නවද? කවදාක හරි ඔයා එයාගෙ මූන දිහා බලාගෙන කතා කරල තියනවද? අපි හිතමු ඔයාට බලු පැටියෙක් ඉන්නව කියලා. ඉතිං කවදාක හරි එයාගෙ මූන දිහා බලාගෙන කතා කරල එයාගෙ හිතේ තියන දේ දැනගන්න උත්සහ කරල තියෙනවද? ඒ ඇස් මොනවගේ දේවල් අපට තේරුම් කරල දෙන්න බැරිව හංගගෙන ඉන්නවද කියල ඔයාට හිතිල තියනවනම්…….. සමහරවිට ඔයත් මම වගේ වෙන්න ඇති.

ඒත් මම කතා කරන්නෙ හැමෝම ආදරේ කරන අපේ සමීපතම යාළුවෝ වෙන බල්ලො, පූසො ගැනනම් නෙවෙයි. එයාලට කවුරුත් ආදරෙයි. කාගෙත් ආදරේ, අනුකම්පාව එයාලට නිතරම ලැබෙනවා. පාරෙ රස්තියාදු වෙන ජරාවට ගිය, කිලුටු වුණු බල්ලෙක් පූසෙක් දිහා වුණත් කවුරුමහරි අනුකම්පා කරනවා. ඒත්…. ඒත් අදටත් මගේ හිතට දුක්බරම මතකයක් එක්කරපු මගේ ආදරණීය සුරතලුන් දෙන්න ගැනයි මම මේ කතා කරන්නෙ.

මේ කතාව අහපු ගොඩක් දෙනෙක් මට හිනා වුණා. ඒ හිනාවෙන් මම වි‍ඳවපු තරම දන්නෙ ඇත්තටම මම විතරමයි. තවමත්…… තවමත් ඒ මගේ පුංචි සුරතලුන් දෙන්න මතක් වෙද්දි මම මගේ ඇස් කඳුළුවලින් සේදිලා යනවා.

ඉතිං මම කියන්නම්… ඔයා අහන්න කැමතිනම්…..

එයාල පුංචි මී පැටවු දෙන්නෙක්. කොච්චර පුංචිද කියනවනම්, එයාලගෙ ඇ‍ඟේ කිසිම විදිහකින් රෝස පාට හමට අමතරව කිසිම රෝමයක් ඒ වෙද්දි ඇවිත් තිබුණෙ නෑ. කොටින්ම කියනවනම්, අළුතින්ම ඉපදුණු පුංචි පැටවු දෙන්නෙක්.

දවසක් හයියෙන්ම වැහැපු දවසක….. අපේ ගෙදර කුස්සිය පැත්තෙන් මට අමුතු විදිහට කෑගහන හඬක් ඇහුණා. මම එළියට ගිහින් බැලුවා වැස්ස අතරෙම…. මොනවගේ සත්තුද ඒ කෑගහන්නෙ කියලා. ටික වෙලාවකිනුයි මම දැක්කෙ, රෝසම රෝස පාට සෙන්ටිමීටරයක් විතර ඇති පුංචි පැටව් දෙන්නෙක්… වැස්සට ගහගෙන ඇවිත්, එක්කෙනෙක් බිම වැටිලා, අනිත් කෙනා ඇල්ල දිගේ එල්ලිලා තිබුණු වැලක පැටලිලා. සීතලේ….. ඇඟේ රෝස පාට හම විතරමයි…….

ඇත්තටම මම එදා හිතුවෙ ඒ ලේන් පැටව් කියලයි. ඒ ලේන් පැටව් නොවන බව දැනගන්න මට සෑහෙන කාලයක් ගියා. ගෙදර හැමෝම මට සෑහෙන්න හිනා වුණා. ඒත් ලේන් පැටව් වුණත්, මී පැටව් වුණත් මට කවදාකවත් අමතක කරන්න බෑ එදා වැස්සෙ, සීතලේ එයාල කෑගගහ හිටපු විදිහ. කවදාකවත් බෑ…. මී පැටව් වුණත්, ලේන් පැටව් වුණත් එයාල පැටව් නෙවෙයිද? ඔයාට එහෙම හිතෙන් නැද්ද? අළුතින් ලෝකෙ දැකපු ගමන් මට පුළුවන්ද එයාලව සීතලේ වැහි වතුර ගොඩේ මැරෙන්න අරින්න…… කියන්න………., මට පුළුවන්ද………? ඔයාට පුළුවන්ද?

ගෙදර අය මොනව කිව්වත්, බැන්නත්, හිනා වුණත් මම එයාලව බලාගත්තා. ඇත්තටම ආදරෙන් බලාගත්තා. ඉස්සර බස්කොලෙ ඇරිල මම පුදුම වේගෙකින් ගෙදර දුවගෙන එන්නෙ. මම එනකන් එයාලව බලාගන්න කව්රුත් හිටියෙ නෑ. මම එනකන් එයාල බඩගින්නෙ. කෑගහනව………. ගෙදර කවුරුත් මොන දේ කීවත්, ඒ පුංචි පැටවුන්ගෙ කෑගැහිල්ල ඉවසගෙන හිටපු එකත්, එයාලව විසි නොකරපු එකත් ඇත්තටම මම අදටත් සතුටු වෙන්න ඔන දෙයක්. මම හිතන්නෙ මම හිතාගෙන හිටපු තරම් ගෙදර අය නපුරු නෑ.

කොහොම වුණත් මම හිතාගෙන හිටපු තරම් කාලයක් මට ඒ පුංචි පැටවුන්ව බලාගන්න පුළුවන් කමක් මට ලැබුණෙ නෑ. හේතුව….., හේතුව ඒ දෙන්නගෙන් එක්කෙනෙක් දවසක් මගේ අතේදිම…….

අනේ මංදා.. එදා මම එයාල දෙන්නට වෙනද වගේම පහන් තිරේකින් කිරි දෙනගමනුයි හිටියෙ. හැමදාම මොහොතක් නෑර කෑගහමින් හිටිය ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ටිකින් ටික නිහඬ වුණා. මට තේරුණා……. මට තේරුණා ආය එයා වෙනද වගේ කෑගගහ එයාගෙ ඇත්ත අම්මව හොයන් නැති බව. ඒ වගේම ඒ වෙද්දිත් ඇරිල නැතිව කළු පාට ලොකු අඳුරු ලපයක් වගේ තිබුණ ඇස් ඇරල ලෝකෙ කොයි වගේ තැනක්ද කියල බලන් නැති බව මට තේරුණා. ඒ වගේම පහුවදා ඉස්කෝලෙ ඇරිල ගෙදර එදිදි වෙනද වගේ එයාලගෙ කෑගැහිල්ල මට ඇහුණෙ නෑ. දුවගෙන මම ගියේ අනිත් පුංචි පැටියව දාල තිබුණු පුංචි කෝප්පෙ ගාවට. ඒත්…… ඒත් එතකොටත් එයා සීතල වෙලා……. එයාලව මුල්ම වරට මගේ අතට ගත්තු දවසෙ එයාලෙගෙ ඇඟේ තිබුණු සීතලටත් වඩා…….. ඊටත් වඩා එයා සීතල වෙලා. එදා වැටුණු වැස්සටත් වඩා මගේ ඇස්වලින් කඳුළු කඩා වැටුණු තරම්………. අනිත් හැමෝම ඒ ගැන හිනා වෙද්දි අළූත් වුණු වේදනාව නිසා මම අඬපු තරම්……….

කොහොම වුණත් දැන් ඒ දේවල් වෙලා සෑහෙන කාලයක් වෙනවා. මම අදටත් කල්පනා කරන්නෙ අපට වගේ කතා කරන්න බැරි ඒ අහිංසක සත්තුන්ට කොච්චරනම් දේවල් අපිට කියන්න ඇත්ද කියලයි. එහෙම කතා කරන්න පුළුවන් වුණානම් කියයි…. මගේ ඒ පුංචි පැටවු දෙන්නත් කියයි…….., මට මොකුත් නොතේරෙන කාලෙ, කවුරුත් මට උදව් නොකර හිනා වුණු කාලෙ, කිසි දෙයක් හරියට කරගන්න බැරි මම….. ඇල් වුණු වතුර වලින් හරි, ගින්දර වගේ උණු වතුරවලින් හරි එයාලට හදල දුන්නු සුදු කිරි…… ලෝකෙ දකින්න ඇස් ඇරෙන්නත් කලින්, ඒව නෑරම සදහටම පියා ගන්න මමමයි හේතු වුණේ කියලා……..

මගේ පුංචි පැටවුනේ……., ඔයාලගෙ මතකය තවමත් මාව රිදවනවා. තවමත්……

 

ඔයා මොකද හිතන්නෙ? ඇත්තටම ඔයාටත් හිතෙනවද එයාලට කතා කරන්න පුළුවන්නම් හොඳයි කියලා…….. කියන්න… කියන්න මට.

 
5 Comments

Posted by on December 9, 2011 in Uncategorized

 

5 responses to “මේ……. හැමදාම මට කඳුළු දුන්න කතාවක්.

  1. නන්නාඳුනන්නී

    December 9, 2011 at 6:55 pm

    නන්නාඳුනන්නිටත් මේ ‍හා සමාන මතකයක් තියෙනවා. එක ම වෙනස නන්නාඳුනන්නි ළඟ හිටියෙ ලේන් පැටවු දෙන්නෙක්!! නන්නාඳුනන්නිට හිතෙන්නෙ මේ සංසාරෙ කොයි හරි ආත්මයක ඒ පුංචි පැටවු දෙන්නා නන්නාඳුනන්නිගෙ ම දරුවො වෙලා ඉන්න ඇති කියලයි.

     
  2. desertfrog

    December 9, 2011 at 8:13 pm

    වචනයක් නොකිය යන්නෙ කොහොමද?
    පුංචි සිතට කොයිතරම් දුකක් දැනෙනෙන්න දැද්ද කියල හිතාගන්න පුලුවන්.
    ලස්සනට ලියල…

     
  3. Hishan Melanga

    December 10, 2011 at 5:28 am

    දැන් ඔයාට ඉන්නෙ මොන ආකාරයෙ සුරතලෙක්ද?

     
  4. thilini shalwyn

    December 10, 2011 at 7:51 am

    හැමෝටම ස්තූතියි මේ පැත්තෙ ආවට
    @Hishan මට දැන් ඉන්නෙ මගේ ශැගී. මගේ ජීවිතේට ගොඩක්ම සමීප වුණු තවත් එක හිතවන්තයෙක්…….

     
  5. faz..

    May 15, 2013 at 5:58 pm

    ඇත්තටම මං සුරතල් සත්තු ජීවිතේට එක්කර ගන්න කැමති නෑ ..සතෙක් කොටු කරලා හදනවා නම් ඒ සතා එක්ක බැඳීමක් තියෙන්න පුලුවන්ද ?? zoo එකට ගියත් මින් මැදුරකට ගියත් ඒකින් මට උපරිම සතුටක් තියා සාමන්‍යය සතුටක් වත් ලබා ගන්න බැහැ .සමහරු කූඩු හදා ගෙන කුරුල්ලෝ,ලේන්නු හදනවා..නමුත් ඒ ගැන හිතල බලන්නවත් මං කැමති නෑ ..
    නමුත් එකම එක පාරක් මං පොඩි සත්ව පරාණයකට ආදරය කරා … ඒ අපේ ගේ ඉස්සරහ කොහෙන්දෝ අතරමං වෙලා ආපු එළු පැටියෙක් හින්දා.මැරෙන්න ඔන්න මෙන්න කියල ඉඳල අපි යන්තම් බොන්න කිරි හදල දීල බේර ගත්තා.. අයිතිකාරයා කවුද කියල හොයල බැරිම තැන ඒ හොයන වැඩෙත් අතැරලා දැම්මා..අපි පැටියට නමකුත් දැම්ම “කස්වා” කියල..
    කොහොම වුනත් අහිංසකය මැරිලා ගියා..එක නම් කිසිම දාක අමතක කරන්න බැරි කනගාටුදායක සිදුවීමක් ..මතක් කරන කොටත් දුකයි😦

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: