RSS

මීට (ආදරණීය) දෝණි.

03 Dec

තිසරණ සරණයි !

ආදරණීය අම්මේ,

මුලින්ම මම මේ ගත්තු තීරණය ගැන සමාව ඉල්ලනව අම්මෙ. මට ජීවිතය දුන්නු, ජීවත් වෙන්න වීරිය දුන්නු අම්මටම මගේ සමුගැනීම ගැන කියන්න වෙන එක මගේ ලොකු පාපයක් වෙන්න ඇති. වෙන්න ඇති නෙවෙයි. ඇත්තටම ඒක පාපයක් තමයි. ඒත් අම්මෙ මට තව දුරටත් ශක්තියක් නෑ. ජීවත් වෙලා විඳව විඳව ඉන්න තරම් ඇත්තටම මට ශක්තියක් නෑ අම්මෙ.

මුලින්ම මගේ හිතට ආව “ආදරණීය” කියන වචනෙ ලියාගන්න බැරිව මගේ අත කොච්චර වෙව්ලුවාද? ආයෙමත් කිසිම කිසි දවසක……… කිසිම කිසි දවසක ඒ ආදරණීය ලෙන්ගතුකම, සුහදත්වය, රැකවරණය, සෙනෙහස………. තව ඒ වගේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් දේවල්  අම්මගෙන්වත්, මගේ හිතවත් කිසි කෙනෙකුගෙන්වත් අත් විඳින්න මට බැරි වෙනවයි කියල දැනෙද්දි මගේ හිත, ඇස් විතරක් නෙවෙයි ඇඟ පුරා දුවන හැම ලේ බිංදුවක්ම ඉකි ගහන විදිහ…… ඒත් මේ දුක, වේදනාව අදින් පස්සෙ කිසි දවසක මට නොදැනේවි. ඒ වේදනාව ආයෙ ආයෙමත් විඳවන්න තරම් හයියක් මගේ හිතට නැති නිසයි අම්මෙ මම මේ තීරණය ගත්තෙ. ඒකට සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ තමයි. මගේ අම්ම කවදාවත් මම  වගේ දුර්වල ගැහැණියක් වුණේ නැහැනෙ. තාත්ත අපිව දාල යද්දිත්, මිනිස්සු අපිට කතා හදත්දිත් (මිනිස්සු කීවෙ අපේ පවුලෙම අය) ඉතිං මේකෙ ලියල වැඩක් නැති දාහක් ප්‍රශ්න එද්දිත් මහා කළුගලක් වගේ හයියට හිටිය…. කාටවත් හොල්ලන්න බැරිව ශක්තිමත්ව හිටිය ඒ අම්මගෙ දෝණි විදිහට මම කොහොමද අම්මෙ සමාව ඉල්ලන්නෙ?

පුංචි කාලෙ ඉඳලම නැතත් ජීවිතේ එක දවසක TV එකේ විද්වත් සාකච්ඡාවක් යද්දි මගේ හිතට ලොකු ආසාවක් ආවා. ඒ කවදාක හරි ඒ වගේ ලොකෙ ගැන දැණුම් තේරුම් ඇති කෙනෙක් වෙන්න ඔන, මම එහෙම කෙනෙක් වෙනවාමයි කියන අදහස, ආසාව. ඉතිං අම්මෙ මම ගොඩාක් කැප වුණා. මම වගේම, මට වඩා සිය දහස් වාරයක් අම්මත් ඒ ගැන කැප වුණා. මහන්සි වුණා මගේ අරමුණු වෙනුවෙන්, මට උගන්වන්න සල්ලි හොයන්න. අම්ම උගුර ලේ රහ වෙනකන් කෑගහල කෑගහල, රැයක් දවාලක් නොබලා, කෑමක් බීමක් නොගෙන හම්බකරන සල්ලි මම හිතුමතේ නැතත් ඔනවට වැඩියෙන්නම් වියදම් කළා තමයි. අම්ම මහන්සි වෙලා ගෙදර එද්දි මම ගානක් නැතිව හිටියා. ඔය වගේ එක එක මගේ දාහක්, කෝටියක් වැරදිවලට අනන්තවත් අම්ම මට බැන්නත්, ඇඳ පොලු කැඩෙනකන් ගැහුවත්, මේ නැහැදිච්චකම කවදාකවත් මට අත්හැර ගන්න බෑ මගෙ අම්මෙ. අනේ අම්මෙ මම දන්නව අම්ම වගේ අම්මෙකුට පූරුවෙ කරපු කරුමෙකට තමයි මම වගේ දුවෙක් ලැබෙන්න ඇත්තෙ. මගේ පවට මට පින නෑ අම්මව සතුටු කරන්න.

ඒත් මගේ වාසනාවට හෝ අවාසනාවට පුංචි කාලෙ ඉඳලම මම කරපු හැම විභාගෙකින්ම උසස්ම ප්‍රතිඵල මට ලැබුණා. දැන් මගේ ජීවිතේ මම පැතුව හීන සේරම ඉටුකරගන්න මට පුළුවන්කම ඇවිත්. ඒත් අම්මෙ මට අකුරක් අකුරක් ගානෙ කටපාඩම් වෙනකන් අම්ම කියපු කතාව, “……….තෝ මොන විභාග පාස් කරල ආවත් තොගේ තියන අසික්කිතකම් නිසා මට තෝ මගේ දුව කියන්නවත් හිතෙන් නෑ………” කියන කතාව හුස්ම ගන්න කිසි දවසක, කිසි මොහොතක මට අමතක වෙන් නෑ අම්මෙ. මෙහෙම කීවට මම අම්ම එක්ක ජාති ජාතිවත් තරහ නෑ. හේතුව මේ වචන අහද්දි මට තරහ යන්නෙ මාත් එක්කමයි. ඒ මට කවමදාකවත් අම්මට හොඳ දුවක් වෙන්න බැරි වුණු නිසා. “…ජාති ජාතිවත් තෝ මගේ කුසින් උපදින්න එපා…” කියල අම්ම ප්‍රාර්නා කරද්දි මමත් ඒ දෙයම ප්‍රාර්ථනා කළේ මගේ අම්මට මතු උපදින ආත්ම වලදිවත් සැනසීමක් ලැබෙන්න ඔන නිසයි. මම දන්නව අම්මෙ, මම දන්නව මම ඒ තරමටම එපාකරපු එකියක් කියලා. අම්ම කියනව වගේම මම “වේ”යන්නෙන් පටන්ගෙන තව අකුරකින් ඉවරවෙන වචනෙටත් සුදුදුකම් කියන්න ඇති. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැතත් ඒ අහලකින් හරි ගෑවිලා යන විදිහට මම හැසිරිලා තියනව.මම නෑ කියන් නෑ අම්මත් ඒව දන්න නිසා. මට කිසි දෙයක් වැදගත් නෑ අම්මෙ. කිසි දෙයක් නෑ. ගෙවෙන හැම තත්පරයක් තත්පරයක් ගානෙ වේදනා විඳින අම්මගෙ හිතට තව තවත් දුක් දෙන්න මම මොකට ජීවත් වෙනවද? මම නෑ කියල අම්මට එකම එක කඳුලක්වත් නේන තැනටයි මම මෙච්චර කාලයක් හැසිරුණේ. මට වෙනස් වෙන්න බෑ අම්මෙ. මට කොහෙත්ම පැවැත්මක් නෑ.

අම්ම කියනව මගේ වැඩ කටයුතු තවම එහෙම්මයි කියල. අම්ම කෙනෙකුට හොඳ දුවක් වෙන්න බැරි වුණු මට නොදන්න, නොහඳුනන මිනිහෙකුට හොඳ බිරිඳක් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙ අම්මගෙ හිතේ හොල්මන් කරන බව මම නොදන්නව නෙවෙයි. ඒත් මොකටද අම්මෙ, මොකටද කසාද? අම්ම වගේ හැමදාම විඳව විඳව පිච්චි පිච්චි ඉන්නද? මේ ජිවිතේ මහ විකාරයක් අම්මෙ. මිනිස්සු බලාපොරොත්තු වෙනුවෙන් ජීවත් වෙනව (මම වගේම). ඒව නැති වුණු දවසට තව අළුත් බලාපොරොත්තුවක්…. මමත් මෙච්චර කාලයක් හිටියෙ ඒ වගේ අපේක්ෂා නිසයි. මම ආදරේ කරපු පන ඇති, නැති හැමදේම මට නැති වෙලා යද්දිත් මම ඉගෙනගත්ත, ඉගෙනගත්ත, ඉගෙනගත්ත……… ඒත් මට එක දවසකටවත් අම්ම අපේක්ෂා කරපු විදිහට අම්මගෙ හොඳ දුව වෙලා පෙන්නන්න බැරි වුණා… එකම එක දවසකටවත්. මේ මගෙත් අම්මගෙත් පව නෙවෙයිද අම්මෙ.

“…ජාති ජාතිවත් තෝ මගේ කුසින් උපදින්න එපා…” කියල අම්ම කියන කතාව ඒ විදිහටම වෙන්න කියල මම මේ අන්තිම මොහොතෙත් ප්‍රාර්ථනා කරනව අම්මෙ. ඒ මගෙන් කිසිදාක අම්මට නොලැබුණු ආදරය, සෙනෙහස සිය දහස් වාරයක්, කෝටි ප්‍රෙකෝටි වාරයක් අම්ම උපදින උපදින හැම ආත්මෙකම හොඳ දරුවෙකුගෙන් (දුවෙකුගෙන්) ලැබෙන්නයි කියල හිතන නිසා. අම්ම මට දුන්නු ජීවිතය මෙහෙම අතරමග දාල යන්න මම ගත්තු තීරණේට අම්ම මගේ ගැන ලැජ්ජ වෙනව කියල මම දන්නව අම්මෙ. අදින් පස්සෙ කවුරුහරි ඒ ගැන ඇහුවොත් කියන්න මගේ ජීවිතෙන් මම බලාපොරොත්තු වුණු සේරම මට ලැබ්ණු නිසයි මම මෙහෙම ගියේ කියල. බලාපොරොත්තු වෙනුවෙන් දුක් විඳගෙන ජීවත් වෙන්න තව දුරටත් මට ඔනකමක් නෑ අම්මෙ. පණ ඇති මම අම්මට දෙන වේදනාවට වඩා සිය ගුණයක් අඩු වේදනාවකුයි පණ නැති මම නිසා අම්මට ලැබෙන්නෙ කියල මම විතර දන්න කිසි කෙනෙක් මේ ලෝකෙ නෑ අම්මෙ අම්ම හැරුනම.

කවුරුත් කියාවි අම්මෙ, මම මහා පාප කර්මයක් කරගත්ත කියල. ඉගෙනගත්තට මොළේ කළඳක් නෑ කියාවි. මනුස්ස ආත්මෙක වටිනාකම දන්නෙ නෑ කියාවි. ඇත්තටම අම්මෙ අම්මම දන්නවනෙ අම්මගෙ අගේ දැන දැනත් වගක් නැතිව, අම්මගෙ ලෙඩට දුකටවත් නොබලපු මට කොහේවත් තියන මනුස්ස බවක් රැකගන්න ඕනකමක් තුන් හිතකවත් කවදාවත් නොතිබුණු බව. කියන අය මොනව කීවත් අම්ම නෑහුණා වගේ ඉන්න. අදින් පස්සෙ මම වෙනුවෙන් එක කඳුලක්වත් ඔය ඇස් දෙකෙන් එන්න දෙන්න එපා අම්මෙ. මම නිසා ඒ ගලපු කඳුළු හොඳටම ඇති මගේ සුදු අම්මෙ. හොඳටම ඇති.

අනේ අම්මෙ එකම එක ඉල්ලීමක් විතරක් කරන්නම්.

මම නොමැරී බාගෙට මැරුණොත්, මම කියන්නෙ අබ්බගාත වුණොත් පින් සිද්දවෙයි අම්මෙ මට යන්නම යන්න අරින්න. අම්මව මේ ගිනි ගොඩේ තියල තවත් පිච්චෙන්න අරිනන මට බෑ අම්මෙ.

මගේ අම්මට සම්මා සම්බුදු සරණයි………!

මීට,

(ආදරණීය) දෝණි.

 
3 Comments

Posted by on December 3, 2011 in Uncategorized

 

3 responses to “මීට (ආදරණීය) දෝණි.

  1. maleesha

    December 4, 2011 at 1:53 am

    oya liyala tiyenne mama me week eke suicide karaganna kalin ammata liyanna inna liyumamai

     
    • thilini shalwyn

      December 4, 2011 at 4:06 pm

      හේතුව…………????????????

       
  2. සිත්රූ සිහින

    December 7, 2011 at 3:12 pm

    ලස්සන බ්ලොග් එකක්..ඒ වගේම සන්වේදි පොස්ට් එකක්..ඔයාගෙ බ්ලොග් එකෙ අමුතු වෙනසක් දැනුනා හිතට..පුලුවන් හැම විටම එන්නම් මේ පැත්තෙ..ඔබට ජය..

    ඔයාගෙ බ්ලොග් එක follow කරන්න පුලුවන්ද..මට හොයාගන්නනම් බැරි උනා..

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: