RSS

වැස්ස

02 Nov

පුංචි පුංචි වතුර බිංදු එකින් එක එකතු වෙලා ලොකු වැස්සක් හැදෙනවා. පුංචි කාලෙ ඉඳලම මම ගොඩාක් ආස කළ දෙයක් තිබුණා…. ඒ හයියෙන්ම වහින රෑ කළුම කළු පාට අන්දකාරෙට වෙලා ටකරං වහලෙට මහ හයියෙන් එක දිගටම වැටෙන වැස්සෙ හඬ අහගෙන ඉන්න එක. ඇස් පියා ගත්තම මට ඇහෙන්නෙ මහා ලොකු ගෝසාවක් විතරමයි. ඒ හඬට මම කොයි තරම් ආස කළාද කියනවනම්, වැහි දවසෙ රෑ කාටත් කලින්, වෙනදටත් කලින් ඇඳට පැනල සීතලේ ගුලි ගැහෙන්න මට තිබුනෙ හරි හදිස්සියක්. කියන්න නොදන්න අමුතු හඬක් එක්ක ටකරම් උඩ දෝංකාර දෙන ඒ සද්දෙ මාව අමුතුම ලෝකෙකට එක්කන් ගියා. කොච්චර ලස්සනද…….?

ඒත් හැමදේම ගොඩක් කල් මා ගාව රැඳිල තිබුණෙ නෑ. ටකරං වහල අයින් වුනා. බිත්ති උසට බැඳුනා. ටකරං තිබුණු තැන අලුත් මාදිලියක්… ඇස්බෙස්ටෝස්………..අරක්ගත්තා.

එදා ඉඳලා ආයෙත් මම අහගෙන හිටියා… වැස්සත් එක්ක සංගීතවත් වෙන්න. ගොඩාක් ගොඩාක් ගොඩාක් කල්. ඒත් අද වෙන තුරු, දැනුත් මේ මහ හඬින් මගේ ඔළුවට උඩින් වැටෙන වැස්සෙ සද්දෙ ඇහෙන තුරුත්……, ඒත් මට ඒදා ඒ දැනුණු සිතිවිලි කවමදාකවත් ආයෙ දැනුණෙ නෑ… මේ මොහොතෙදිත්… නෑ… වැස්ස.

 
1 Comment

Posted by on November 2, 2011 in Uncategorized

 

One response to “වැස්ස

  1. Lahiru

    November 25, 2011 at 6:19 pm

    අපූරු කතාවක්…. ! ලොකු කුඩා හැමෝම අඩු වැඩි වශයෙන් කැමති අපූරු වැස්ස! මම නම් වහින්න වහින්න ආස අය අතර කෙනෙක්!

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: