RSS

Greek vase painting / ග්‍රීක බඳුන් පින්තාරු කලාව

30 Oct

1 ජ්‍යාමිතික යුගය ක්‍රි.පූ. 9-8 සියවස් අතර මෙසමයේ vases ප්‍රමාණයෙන් විශාලය. ඒවායෙහි උස 1m හෝ කලාතුරකින් 2m – 2 1/2m අතර ප්‍රමාණයක් ගනී. මේවා සොහොන් ආශ්‍රිතව Grave mark එකක් ලෙස එනම්, සුසානය හඳුනා ගන්නා සංකේතයක් ලෙස සහ පූජා කළ දෙයක් ලෙස පැවතිණි. තත්කාලීන සමාජයේ පැවති සශ්‍රීකත්වය මේවායින් දර්ශනය වේ. සොහොන් සඳහා යෙදූ vases ඉතා විශාල වුවද ඒවායේ patterns ඉතා කුඩාය. ඒ අතර,

  • රැළි ආකාරයෙන් ඇඳි ඉරි

  • කොටු

  • ඩයමන්ඩ් හැඩ

  • නියැන්ඩල්ස් (රැළි සහිතව විහිදෙන මෝස්තරයකි)

  • ත්‍රිකෝණ

ආදී වූ ජ්‍යාමිතික හැඩ මෙසමයේ දැකිය හැකිය.

මෙම vases හි

බඳ කොටස ඉරි තුනකින් යුතු රේඛා කණ්ඩ මගින් බෙදා ඇත. මෙසේ කොටස් බෙදා ඇත්තේ vase එකේ උස අනුවයි. මෙම රේකා ඉතා තද කළු වර්ණිතය. Horizontal Bands වලට බෙදීම ලෙස මෙය හඳුන්වයි. Patterns අලංකාර ලෙස බෙදා දැක්වීමේ පහසුව උදෙසා මෙලෙස තිරස් පටිවලට බෙදා ඇත. Abstract Patterns මෙහිදී භාවිත කර ඇත. මේවා රේකා උපයුක්ත කර ගනිමින් කළ රූප වේ. මේවා ඉතා තියුණු ලෙස දක්වා ඇත. මීට අමතරව පශ්චාත්කාලීනව මිනිස් රූප, සත්ව රූප ආදියද යෙදූ බවට සාධක ලැබේ.

ඇතැම් vases වල neck සහ body යන මුළු පරාසයම ඉරිවලට බෙදා රූප යෙදීමද පසුව දක්නට ලැබුණු සම්ප්‍රදායකි. පෙර දක්වන ලද, මිනිස් සහ සත්ව රූප දැක්වීමේ ප්‍රවණතාවද මෙලෙස සම්පූර්ණ බඳුන පුරාම දක්වා තිබේ.

උදා :- Attic Amphora (ඇට්ටිකා ප්‍රදේශයෙන්)

මෙහි ජ්‍යාමිතික හැඩ, සත්ව සහ මිනිස් රූප ඇත. ක්‍රි.පූ. 8 වන සියවසට පමණ අයත් වේ. vase එකේ  hands සහිත කොටසේ ප්‍රධාන දර්ශනය ලෙස ඇඳ ඇත්තේ මළ ගෙදරක දර්ශනයකි. මළමිණීය දෙපසින් මිනිසුන් දක්වා ඇත. එක් පසෙක සතර දෙනෙක් දණ ගසාගෙන සිටී. මොවුන් වැලපෙන ආකාරයක් නිරූපිතය.

 

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: