RSS

ප්‍රාග් කාර්මික ශිල්ප කලාවන්හි උපයුක්ත සාම්ප්‍රදායික උපකරණ හා මෙවලම්

22 Oct

හැඳින්වීම

ප්‍රාග් කාර්මික ශිල්ප කලා යනු කාර්මික යුගයට පෙර හෝ කාර්මික අංශයේ දායකත්වයෙන් තොරව අතීතයේ සිට පැවත ආ අදටද පවත්වා ගෙන යන කලාත්මක වූ නිර්මාණයන් විශේෂයකි. ලක්දිව පවතින මෙකී ප්‍රාග් කාර්මික ශීල්ප කලා පිළිබඳ අවධානය යොමු කළ කල්හි මේවා, පාරම්පරිකව කුල ගෝත්‍ර අනුව පැවත එන, ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් කරන්නා වූ පූර්ණ කාලීන වෘත්තියක් වශයෙන් හඳුනාගත හැකිය. මේවායෙහි යොදනු ලබන මෝස්තර, ඒ හා බැඳි අභිචාර, විස්වාස, තහංචි ආදී සියල්ලද සාම්ප්‍රදායිකව පැවත ඒ. තවද මෙම කර්මාන්ත සම්බනන්ධයෙන් සලකා බලන කල්හි ඉතා වැදගත් වූ එක් සාධකයක් වන්නේ මෙහිදී භාවිත කරන්නා වූ සරල සාම්ප්‍රදායික උපකරණයි. මේවා නිශ්පාදනය කොටගෙන ඇත්තේ සරල යන්ත්‍ර ලෙස හඳුන්වනු ලබන ප්‍රාථමික තාක්ෂණය ඔස්සේයි. එනම් මෙම උපකරණ සහ මෙවලම් තැනීමට භාවිත කොට ඇත්තේ සාම්ප්‍රදායික ගැමි තාක්ෂණයයි. මේවා අඩු ආයාසයකින් ක්‍රියාත්මක කළ හැකි, බොහෝ විට අවට පරිසරයෙන්ම සපයා ගත හැකි දැව, අස්ථි ආදිය භාවිතයෙන් නිම කරගත් මෙවලම් වේ. මෙම ශිල්ප කලාවන්හි නියුතු පිරිස් බොහෝ දුරට තමන් හා වසන ආචාරීන්, වඩුවන් වැනි පිරිසගේ දායකත්වය යටතේ තමාට අවශ්‍ය මෙවලම් තනාගත් බවට සාධක ලැබේ.

විශේෂත්වය වන්නේ අද්‍යතනයේද බොහෝ දුරට මෙම ශීල්ප කලා උදෙසා ඈත අතීතයේ භාවිත කරන ලද පැරණි සාම්ප්‍රදායික උපකරණම භාවිත කිරීමයි. මෙය වෙනස් වී නම් එසේ වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. කෙසේ වෙතත් මෙම ප්‍රාග් කාර්මික ශීලිප කලාවන්හිදී භාවිතයට ගනු ලබන සාම්ප්‍රදායික උපකරණ සහ මෙවලම් ඒ ඒ ශීල්ප කලාව අනුවත්, ඒ ඒ ශීල්ප කලාවන්හි විවිධ කොටස් සහ ක්‍රමවේද අනුවත් විස්තර කොට දැක්විය හැකිය. මෙම තොරතුරු සපයා ගැනීමේදී එම උපකරණ තාක්ෂණය අතීතයේ සිට අද දක්වාම එක ලෙසින් පැවත ඒම පිළිබඳවද අවධානය යොමු කළ හැකි අතර ඒ ඒ ජන කොටස් අනුවද මෙය වෙන්ස් වන ආකාරය කෙරෙහි අවධාරණය වැදගත් වේ.

සාම්ප්‍රදායික උපකරණ සහ මෙවලම්හි තාක්ෂණය

පැරණී ශීල්ප කලාවන්හි උපයුක්ත බහුතරයක් උපකරණ සහ මෙවලම් අදට වුව භාවිතයේ පවතින බව දර්ශනය වේ. විශේෂයෙන්ම මෙහි ලා සැලකිය යුත්තේ අප අවට රටවලද මෙමම උපකරණ තාක්ෂණයේ සමානත්වයයි. ආනන්ද කුමාරස්වාමි පවසන්නේ මෙම ශිල්ප කලා මධ්‍යධරණී ප්‍රදේශයෙන් මෙපිට ඉන්දියාව, චීනය, ලංකාව වැනි රටවලත්, ඒ ආශ්‍රිත වෙනත් රටවලත් ව්‍යාප්තව පැවති බවයි. එසේම මුල් කාලීනව මේවායේ යෙදුණු මෝස්තරවල සමානත්වයද ඔහු පවසයි. ඊට අනුව මෙකී කර්මාන්තයන්හි භාවිත උපකරණවලද යම් සමානත්වයකු තිබෙන්නට ඇතැයි මතයක් වේ. මාලදිවයින වැනි රටවල ලාක්ෂා පට්ටල, පැදුරු වියන යන්ත්‍ර ආදිය සැලකීමේදීද මේවා එකිනෙකට බොහෝ සමාන තාක්ෂණයන් ඇති සරල අත්යන්ත්‍ර බව පැහැදිලි වේ. ඉන්දියාවේ චරකය එනම් කපු රෙදි වියන සාම්ප්‍රදායික උපකරණයේ තිරස් අලුවක් පිහිටි අතර අලුවැල ක්‍රියා කරවන්නේ වියන්නාගේ පාදයෙනි. ඒ අනුව උක්ත උපකරණය ඉතා සරළ තාක්ෂණයක් යටතේ නිර්මාණය වූ බව කිව හැකිය. අදට වුව බොහෝ සාම්ප්‍රදායික ශීල්ප කලා ගම්මානවල භාවිතයට ගන්නා මෙවලම් රැසකින් මෙකී කරුණ ගම්‍ය වේ.

මෙම උපකරණ හා මෙවලම් එකී වකවානුවල පැවති සරල තාක්ෂණ ඥානය, බාහිර පරිසරයේ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් අතින් හෝ පාදයෙන් ක්‍රියා කරවීම උදෙසා තැනූ ප්‍රාථමික මට්ටමේ නිර්මාණ බව පෙනේ. විශේෂයෙන්ම මේවායේ භාරය, ධරය, ආයාසය යන අවස්ථා ත්‍රිත්වය යෙදෙන ආකාරය පැහැදිලිව දර්ශනය වේ. ඒවා මෙම ක්ෂේත්‍රෙය් ශිල්පීන් ස්වයං හැකියාවෙන් හෝ වෙනත් ශිල්පියෙකුගේ දායකත්වය යටතේ තම කර්තවළුයට සුදුසු උපරිම තාක්ෂණයෙත් නිපද වූ ඒවා බව ගම්‍ය වේ.

උදාහරණ ලෙස,

  • ඔවුන් ලාක්ෂා පිහිය සාදා ගත්තේ දැලි පිහියක එක් කොටසකට ලී මිටක් සවි කර ගැනීමෙනි.

  • පිත්තල භාණ්ඩ ඔප කිරීම සඳහා උපකරණය තනා ගත්තේ කරත්ත රෝදයක් භාවිතයෙනි.

  • සකපෝරුව සාදා ගත්තේ පොළොවේ සවි කළ ගල් කූර්බරයකට ලී රෝදයක් සවි කිරීමෙනි.

  • වලං තැනීමේදී අඩිය සෑදීමට යොදා ගත්තේ රවුම් ගලක් සහ පැතලි ලී අල්ලක් වන් අතර මෝස්තර යෙදුවේ ඉරටුවකිනි.

මේ අනුව බලන කල්හි මෙම ශිල්පීන් සිය කලාවන් සකසා ගෙන ඇත්තේ එදිනෙදා පරිසරයෙන් සපුරාගත හැකි සුලභ අමුද්‍රව්‍යයන්ගෙන් තනාගත් මෙවලම් භාවිතයෙන් ඉතා අවම වියදමකින් බවත්, එසේ නැතහොත් හුවමාරුවකින් බවත් සුව්ෂද වේ. අද්‍යතනයේදීද මෙම කර්මාන්තයන්හි නියුතු ශීල්පීන් පවසන්නේ මෙ දන්වාම ඔවුන් බහුලව සාම්ප්‍රදායික උපකරණ භාවිත කරන බවත්, එනමුත් නව්‍ය උපකරණ, යන්ත්‍රසූත්‍ර සිය කාර්යය උදෙසා වඩාත් පහසු සහ කාර්යක්ෂම මෙන්ම ලාභදායී වන බවත්ය. මන්ද වත්මන් සමාජ ක්‍රමය, ආර්,ථිකය ආදිය සැලකීමේදී සාම්ප්‍රදායික ක්‍රමය අනුව භෘණ්ඩ නිපදවීමට වැය කරන ශ්‍රමය සහ කාලයට සාපේක්ෂව මේවා අලෙවි කර ලබන මුදල ප්‍රමාණවත් නොවන බැවිනි. එයට හේතුව මෙම සාම්ප්‍රදායික උපකරණ සහ මෙවලම්,

  • නිපදවීම පිණිස වැඩි කාලයක් ගත වීම.

  • වැඩි කාර්යක්ෂමතාවක් යෙදවිය යුතු වීම.

  • වැය කරන කාලයට, ශ්‍රමයට සාපේක්ෂව වැඩි මිලක් නියම කළ යුතු වීම.

  • අලෙවියේදී වැය කළ ශ්‍රමයව සරිලන ලාභයක් ලබා ගත නොහැකි වීම.

  • හසුරුවා ගැනීමේ සහ නඩත්තුවේ පහසුව තිබුණද ඊට වඩා අඩු මහත්සියකින් නූතන තාක්ෂණික මෙවලම් භාවිත කළ හැකි වීම.

යනාදී වූ සාධක මත අද වන විට ක්‍රම ක්‍රමයෙන් භාවිතයෙන් දුරස් වෙමින් පවතින බවයි. එසේම අද්‍යතනයේ මේවාට අනුපූරක භාණ්ඩ සහ මෙවලම් නිපද වී ඇති බවද විද්‍යමාන වේ.

උපකරණ සහ මෙවලම් සඳහා භාවිත මාධ්‍ය

සාම්ප්‍රදායික ශිල්ප කලාවන්හි භාවිත වූ උපකරණ සහ මෙවලම් විවිධ මාධ්‍යයන්ගේ සුසංයෝජනයෙන් නිමවා ඇති බව පැහැදිලිව දර්ශනය වේ. මේවා අතුරින් ප්‍රමුඛත්වය ගන්නේ දැව සහ යකඩ යන මාධ්‍යයන්ය. ඒ අනුව උක්ත උපකරණ සහ මෙවලම් නිර්මාණය සඳහා එකී මාධ්‍යයන්ගේ අවශ්‍යතාව පෙන්වා දිය හැකිය. සෑම ශිල්ප කලාවකටම පාහේ යකඩ තාකුෂණයේ දායකත්වය ඉතා පැහැදිලිව ලැබුණු බව විද්‍යමාන වේ. තවද ශිලා කර්මාන්තය මෙහිදී අනිවාර්ය වූවක් වන අතර

  • සේසත්

  • ලාක්ෂා

  • පන්

  • වෙස්මුහුණු

  • දැව

  • පිත්තල

ආදී වූ සියලුම ශිල්ප කලා කර්මාන්තයන්හිදී මෙකී තාක්ෂණය දායක කරගත් බව පැහැදිලිව කැපී පෙනේ. තවද පට්ටල සහ වෙනත් උපකරණ තැනීමේදී වඩුවාද, වෙනත් ආයුධ උපකරණ නිශ්පාදනයේදී ලෝකුරුවාද අතීතයේ සිට ඉමහත් වැදගත් වූ කාර්යයක් සමාජයට ඉටු කළ බව කිව යුතුය. මෙම උපකරණ සහ මෙවලම් විමර්ශනයේදී ගම්‍යමාන වන තවත් වැදගත් සාධකයක් වන්නේ එවක සිටම මෙකී ශිල්ප කලා පවුල් සහජීවනයෙන් සිය කටයුතු සිදු කරගත් ආකාරයයි.

උපකරණ සහ මෙවලම්වල සාම්ප්‍රදායික නම් භාවිතය

මෙය බොහෝ කරුණු අධ්‍යයනය මගින් තොරතුරු රැසක් ලබා ගත හැකිඋධෘතයක් බව කිව හැකිය. මන්ද, ඈත අතීතයේ සිටම අද දක්වාත් මෙම උපකරණවල නම් වෙනස් වූ ආකාරය, භාෂාවේ වෙනස්වීම් සහ වෙනත් භාෂා සමග මිශ්‍ර වීම් අනුව නව නාමයන් පටබැඳි ආකාරය ආදිය පිළිබඳ තොරතුරු විවිධ මූලාශ්‍රයන් ඇසුරින් හමුවන හෙයිනි. එපමණක් නොව මෙම උපකරණ සහ මෙවලම්වල හැඩය, කාර්යය, තැනූ ද්‍රව්‍ය ආදිය අනුවද මෙම මෙවලම් සහ උපකරණ සඳහා නම් යෙදුණු ආකාරය දක්නට ලැබේ.

මෙවලම් සඳහා භාවිත වන නව්‍ය සහ පැරණී නාමයන්

  • කිණිහිරය – අධීකරණි

  • වෑය – වාසි

  • උදැල්ල – කුද්දාල

  • පොරව – එරසු

වෙනත් භාෂාවලින් සිංහලයට යෙදුණු උපකරණ නාම

  • පොඩි වෙට්ටුව – දෙමළ

  • සිනක්කු – දෙමළ

හැඩය අනුව යෙදුණු නම්

  • බොකුලන මිටිය

  • බෝල පියලි අච්චුව

  • බොකු මිටිය

කාර්යය අනුව යෙදුණු නම්

  • කොළ කොටන කටුව

  • පාන්දු කටුව

  • කරමිණියන් කටුව

  • බිංදු කටුව

  • දඩු අඩුව

  • පහන බටේ

  • අතකොළුව

  • කැටයම් කටු

  • අරිම්බු කටු

ලාක්ෂා කර්මාන්තය

මෙය අතීතයේ සිට පැවත ආ, දැව භාණ්ඩ වර්ණ ගැන්වීම සඳහා භාවිත වූ ක්‍රමවේදයකි. බහුලව යෙදී ඇත්තේ වෘතාකාර හැඩැති සැහැල්ලු ඇව භාණ්ඩ සහ දැවමය නිර්මාණ සඳහායි. ලාක්ෂා කර්මාන්තයේ අංශ දෙකකි.

  • නියපොතු වැඩ

  • පට්ටල් වැඩ

නියපොතු වැඩ, ලංකාවට පමණක් ආවේණික වූ ක්‍රමවේදයකි. නමුත් පට්ටල් වැඩ ලංකාව, ඇෆ්ගනිස්තානය, පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයින මෙන්ම මෙවන් ලාක්ෂා එනම් ලැකර් ගෑමේ ක්‍රමවේදයක් චීනය යන රටවලදීද හඳුනා ගත හැකිය.

ලාක්ෂා වර්ණ ගන්වන ක්‍රමවේදය කුමක් වුවද ඒ සඳහා භාවිත කරන උපකරණ සහ මෙවලම් බොහෝ දුරට එක සමානය. විශෞෂයෙන් ලංකාවේ මේ සඳහා තනා ගනු ලැබූ සාම්ප්‍රදායික උපකරණ අදට වුව ශේෂව පවතින අතර විශේෂත්වය වන්නේ මෙකී උපකරණ, වෙනත් රටවල මේ සඳහා යොදා ගන්නා වූ උපකරණයන්ට බෙහෙවින් සාම්‍ය ස්වභාවයක් දැරීමයි. නමුත් මේවායේ නොයෙක් වෙනස්කම් නැත්තේද නොවේ.

ලාක්ෂා කර්මාන්තයේදී භාවිත වන උපකරණ සහ මෙවලම්හි උපයෝගීතාව

ශිල්ප ක්‍රමවේදය සඳහා මූලිකවම අවශ්‍ය වන උපකරණ

  • පිහි – කැප්පෙටියා, කෝන්, තලකිරියා ගස්වල අතු කපා ගැනීම

  • වංගෙඩිය / වනය – ලාක්ෂා කෙටීම

  • කුල්ල – කෙටූ ලාක්ෂා පෑහීම

  • පෙන්දුව – වෙන් කරගත් ලාක්ෂා මෙම ගොට්ටෙහි දමා පෙරීම

  • ගිනි කබල – ලාක්ෂා උණුකර ගැනීම

  • දුන්න – පට්ටලයට සවි කරන ලද වර්ණ ගන්වන ලද බඳුන කැරකවිම

  • පට්ටලය – වර්ණ ගන්වන ලාක්ෂා බඳුන රඳවා තබා ගැනීම

ලාක්ෂා යෙදීම සඳහා භාණුඩ සැකසීමට අවශ්‍ය උපකරණ සහ මෙවලම්

  • කියත – දැව ඉරා ගැනීමට

  • නියන – හැඩ සකසා ගැනීම

  • බුරුමය – සිදුරු විදීමට

  • මිටිය, අතකොළුව – ආයුධ හසුරුවාලීම

පට්ටල් වැඩ වලදී අවශ්‍ය උපකරණ සහ මෙවලම්

  • පීර – උපකරණ මුවහත් කිරීම

  • නියන් – භාණ්ඩ හැඩ ගැස්වීම

  • පිහිය

  • ලාකඩ කූර – වර්ණ ගන්වා ගැනීම

  • මට්ටම් ලෑල්ල – වර්ණ මට්ටම් කර ගැනීම

  • පියවන කටු

  • අඟුරු බඳුන

මෝස්තර දීමේදී අවශ්‍ය උපකරණ

  • කවකටු – ප්‍රමාණ මැන ගැනීම සහ වක්‍රාකාර මෝස්තර යෙදීම

  • කැටයම් කටුව – තියුණු උලක් සහිත වන අතර පට්ටල් වැඩ ඩලදී යොදන මෝස්තර ඉතා සියුම් ලෙස යෙදීමට භාවිත වේ

  • දැලි පිහිය – මෙය දැලි පිහියක කොටසක් ලීමිටකට සවිකර තනා ඇති අතර මෝස්තර කැපීමට යොදා ගනී

නියපොතු වැඩවලදී භාවිත වන උපකරණ

  • දුන්න සහ පට්ටලය

  • ලාකඩ කූර – ලාකඩ නූල් ඇද ගැනීමට යොදා ගනී. මෙය ඍජු ලී කෝටුවක් වන අතර උණු කරගත් වර්ණ වෙන ටවනම මෙවන් කූරුවල අලවා ගැනේ.

  • අඟුරු බඳුන – මෙහි ගිනි අඟුරු දැමීම සිදු වේ. ලාකඩ කූරේ ඇති ලාක්ෂා උණු කර ගැනීමටත්, ලාක්ෂා යෙදූ භාණ්ඩ ඔප දැමීමට පෙර රත් කිරීමටත් මෙය භාවිත වේ.

උක්ත දක්වන ලද ලාක්ෂා කර්මාන්තයේදී උපයුක්ත වන උපකරණ සහ මෙවලම් පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන සුවිශේෂී කරුණක් වන්නේ ඒවා ඉතා සරල තාක්ෂණයක් යටතේ නිර්මාණය කරගත් බවයි. තවද මෙකී ශිල්ප කලාවේ උත්තතිය උදෙසා මේ හා සමගාමීව වෙනත් ශිල්පයක් වූ ලෝහ තාක්ෂණයද භාවිත කර මෙවලම් තනා ගත් බවට ඉහතින් සාධක ලැබේ. ඒ අනුව සාම්ප්‍රදායික ලාක්ෂා කර්මාන්තයේදී ජනයා නොයෙක් අයුරින් තැනූ සරල මෙවලම් භාවිතයෙන් විශිෂ්ට නිර්මාණ කළ බව විද්‍යමාන වේ.

වෙස්මුහුණු කර්මාන්තය

 

Tags: ,

2 responses to “ප්‍රාග් කාර්මික ශිල්ප කලාවන්හි උපයුක්ත සාම්ප්‍රදායික උපකරණ හා මෙවලම්

  1. දුල්මා කරුණාරත්න

    January 17, 2012 at 2:46 pm

    නව තාක්ෂණික ප්‍රවනතා සමග එකතුවෙලා ඉන්න පිරිසකට දැණුම ගෙන යන ඔබේ උත්සහය අගය කරමි

     
  2. Anonymous

    September 11, 2016 at 12:32 am

    Very importent work.wish u all d best.for do more

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: