RSS

ග්‍රීක නාට්‍ය කලාව ඇසුරෙන් පිළිබිඹු වන ග්‍රීක ප්‍රේක්ෂකාගාරයේ ආරම්භය සහ වර්ධනය

24 Aug

හැඳින්වීම

ඉතා විශිෂ්ට ශිෂ්ටාචාරයකට හිමිකම් කියන පුරාණ ග්‍රීක කලාව සැලකූ කල්හි නාට්‍ය කලාව සඳහා ඉතා ඈත වකවානුවක සිට ම එහි ප්‍රමුඛත්වයක් දී ඇති බව සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම ග්‍රීක නාට්‍ය කලාවේ ඇරඹුම ලෙස සනිටුහන් වන්නේ Middle Archaic Period හි මධ්‍ය භාගය වන, දළ වශයෙන් ක්‍රි.පූ. 6 වන සියවසේ අවසන් වකවානුවයි. එම යුගයේ පටන් නාට්‍ය කලාවක් යැ යි නො දැන ආරම්භ වූ මෙම නාට්‍ය කලාව ඒ ඒ සමයන්හි දී ක්‍රමික විකාශනයකට ලක් වෙමින් ස්වභාවික කඳු ආශ්‍රිත පහත් බිමක රංගගත කිරීමේ සිට අති විශිෂ්ට තාක්ෂණයක් භාවිතයෙන් නිම වූ සුවිසල් රංග පීඨ දක්වා වර්ධනය වූ වේදිකාවේ විකාශනය ද ඔස්සේ අත් කර ගනු ලැබූ ඉමහත් දියුණුව සාකච්ඡාවට ලක් කළ යුත්තකි. උක්ත උධෘතය යටතේ විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ග්‍රීක ප්‍රේක්ෂකාගාරටය් ආරම්භය සහ වර්ධනය පිළිබඳ ව යි. එහෙත් නාට්‍ය කලාවකින් තොර නාට්‍ය රඟමඬලක් පිළිබඳ ව සඳහන් කළ නො හැක. එහෙයින් මෙහි දී ග්‍රීක නාට්‍ය කලාවේ ආරම්භයේ සිට එහි වර්ධනීය අවධි ඔස්සේ යමින් ඒ හා සමග ම ක්‍රමයෙන් විනසනයට පාත්‍ර වූ ග්‍රීක ප්‍රේක්ෂකාගාරයේ අභිවර්ධනය පිළිබඳ ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

ග්‍රීසියේ නාට්‍යාරම්භයට පසුබිම

ග්‍රීසියේ නාට්‍යාරම්භය පිළිබඳ ව විමසා බලන කල්හි ලොව සෑම ශිෂෟටාචාරයකට ම පාහේ පොදු වූ සාධකයක් ඉතා පැහැදිලි ව හෙළි වේ. එනම්, සෑම ශිෂ්ටාචාරයක ම පාහේ ග්‍රීසියේ ද නාට්‍ය කලාවේ සම්භවය දක්නට ලැබෙන්නේ පොදු ජන ලබ්ධිය ඇසුරින් වන බව යි. ග්‍රීක ප්‍රේක්ෂකාගාරයේ ඇරඹුම සහ වර්ධනය පිළිබඳ ව සඳහන් කිරීමේ දී එම ප්‍රේක්ෂකාගාරයෙහි රඟ දැන් වූ උක්ත නාට්‍යයන්ගේ මූලාරම්භය පිළිබඳ ව අනිවාර්යයෙන් ම සඳහන් කළ යුතු ව ඇත. ‍ඉපැරණි ග්‍රීක නාට්‍ය Diyonisus දේව ඇදහිල්ල මගින් මතු වී වර්ධනය වූවකි. එකී දෙවියා මද්‍යසාරයට, කෙතට, ගොයමට එනම් පොදුවේ ගත් කල්හි සශ්‍රීකත්වයට අධිපති ලෙසින් පුරාණ ග්‍රීකයෝ ඔහු වන්දනයට පාත්‍ර කර තිබේ. ඩයොනීසස් දෙවියාගේ ජීවිතය හා සම්භන්ධ වූ උපත, වැඩීම, ජරාවට පත් වීම, මරණය සහ පුකරැප්පත්තිය ආදී වූ අවස්ථා

  1. වසන්ත

  2. ගිම්හාන

  3. ශරත්

  4. වර්ෂා

යන ඍතු සමග ඒකාබද්ධ වී සංකේතවත් විය. එහෙයින් පශ්චාත්කාලීන ව නාට්‍ය බවට විකසනය වූ ඩයොනීසස් පූජාව වසන්ත සමයේ පැමිණීම පතා පැවැත්වෙන අභිචාර විධියක් බවට පත් විය. මුල් කාලයේ ‘‘රති උත්සව” සහ ‘‘මධුපාන උත්සව” ද මෙම පූජා කර්මයෙහි ම කොටසක් විය. මෙම ඩයොනීසස් ඇදහිල්ල ක්‍රි.පූ.13 වන සියවස තරම් ඈත අවධියක දී සුළු ආසියාවේ සිට ග්‍රීසිය දක්වා ගෙන ආවක් බව සැලකේ (ගම්ලත් 1998, 17).

Diyonisus පූජෝත්සවය පවත්වන ලද්දේ  මිදි ඵල හට ගන්නා සමයේ දී ය. මෙම උත්සව වල දී එයට සහභාගී වන බැතිමතුන් ඒ සඳහා එක් වන්නේ හොඳින් මත්පැන් බී, නන් විධ විකාරරෑපී වෙස් මුහුණු සහ ලියවැල් ඔටුණු පැළඳ, දෑතින් මිදි වැල් සහ ලිංග සංකේත සහිත ව ය. තව ද මෙහි දී ඔවුන් නටමින් ගී ගයමින් සැනකෙළියේ යෙදුණු අතර ස්ත්‍රී පුරැශ මෛථුන කටයුතු ද  මෙම උත්සවයේ ම අංගයක් ලෙස සිදු වී ඇත. මිදි අස්වැන්න පාදක කොට ගෙන මෙම පූජා කර්ම ඇති වීම ද සැලකිලිමත් විය යුතු සාධකයකි.  ඔවුන් මිදි සැලකූයේ දෙවියන් විසින් ප්‍රදානය කරන ලද වස්තුවක් ලෙසිනි. එහෙයින් මිදි යුෂ පානය කිරීම තුළින් දෙවියන් තමන් තුළට ආරෑඪ කර ගැනීමක් පුරණි ග්‍රීකයින් බලාපොරොත්තු වූ බව සිතිය හැකි ය. කෙසේ වෙතත් මෙම උත්සව පවත්වා තිබෙන්නේ දේශයේ සශ්‍රීකත්වය, පොදු සමෘධිය, එකමුතු බව සලකා අභිචාර ක්‍රමයක් ලෙස බව උක්ත සාධක මත පදනම් ව උපකල්පනය කළ හැකි ය.

ඒ අනුව ග්‍රීක නාට්‍ය කලාවේ මූපාරම්භක පියවර වූ මෙය මගින් හෙළි වන ප්‍රබල සාධකය වන්නේ, ඔවුන් දෙවියන් උදෙසා පැවැත් වූ අභිචාර කුමයක කාලානුරෑප විකාශනයක් වන බව යි. නාට්‍ය කලාවට ආවශ්‍යයික වූ ‘‘නෘත්‍ය” අංගය ඇති වූයේ මේ ආකාරයෙන් බව කිව හැකි ය. ග්‍රීක නාට්‍ය කලාවේ මූලාරම්භක අවස්ථාවේ දී ම ඩයොනීසස් දෙවියන්ගේ උපත, වර්ණනයත් ගුණ ගායීමත් සඳහා වූ ස්තෝත්‍ර සහ ආඛ්‍යාන ස්වරෑපය සහිත ගීත හඳුනා ගත හැකි ය. ඒවා ගයන ලද්දේ කාන්ඩ දෙකක් ලෙස බෙදී උත්තර සහ ඒවාට ප්‍රත්‍යුත්තර වශයෙනි. එසේ නො මැති නම්, නායකයා එක් පදයක් ගැයූ විට සෙසු පිරිස තවත් පදයක් ගයා ඇත. ග්‍රීක තාට්‍යෙය් වාචිකාභිනය ප්‍රභවය ලද්දේ මේ අයුරින් බව පෙනේ. ඒ අනුව රංග පීඨ නිර්මානය වීමට ප්‍රථම ග්‍රීක දෙවියන් උදෙසා පැවැත් වූ අභිචාරයන් නාට්‍යක් ගෙල මුල් වරට ප්‍රභවය ලද ආකාරය හඳුනා ගත හැකි ය.

ග්‍රීක නාට්‍යයේ ප්‍රභවයancient greek drama

උක්ත දැක් වූ පරිදි ග්‍රීක නාට්‍ය ආරම්භය සඳහා මූලික පදනම වැටී ඇත්තේ Diyonisus දෙවියන් උදෙසා පවත්වනු ලැබූ බිලි පූජා සහ වෙනත් පුද පූජාවන්, වයින් නිශ්පාදනය කළ මිදි අස්වැන්න නෙළා ගත් පසු ව සිදු කිරීම තුළිනි. හෙරඩෝටස් නම් ඉතිහාසඥයා පවසන්නේ, මෙම පූජෝත්සවයේ ඇරඹුම මුල දී ඊජිප්තුවේ සිදු වී පසු ව Attika ප්‍රෙද්ශයට සංක්‍රමණය වූ බවයි. කෙසේ වුව ද ග්‍රීක නාට්‍යාරම්භයේ මූලික පියවර සනිටුහන් කරන මෙම මුල් ම පූජා කර්මයන් ග්‍රීක ප්‍රේක්ෂකාගාරය දක්වා යන ගමනේ ආරම්භක අවස්ථාව ලෙසින් සඳහන් කිරීම වැදගත් වේ. තව ද සෑම වර්ෂයක ම ඩයොනීසස් පූජෝත්සව හතරක් පවත්වා ඇති බව දක්නට ලැබේ.

  1.            The Rural Diyoneesiya (දෙසැම්බර් – ජනවාරි). මෙහි දී සශ්‍රීකත්ව සංකල්පයට හේතු වූ ලිංග පූජා සිදු කර ඇත. තවද ඩයොනීසස් දෙවියන් උදෙසා ‘‘අල්තාරය” මත එළුවකු බිලි දී ඇති අතර ජනයා නැටුම් ගැයුම් පවත්වා විනෝද වී ඇත. මෙහි දී අවධාරණය කළ යුතු වන්නේ මෙකී පූජා කර්ම පවත්වා ඇත්තේ එළිමහනේ වීම යි. ඒ සඳහා වේදිකාවක් හෝ වෙන යම් ගොඩනැගිල්ලක් නො තිබී ඇති අතර ඒවා විවෘත අංගනයක තිබූ අල්තාරයක් මත පවත්වා ඇත.

  2.            Leniya. මෙම උත්සවය ඔවුන් පවත්වා ඇත්තේ ඔවුන් විසින් The marriage month ලෙස හැඳින් වූ සමයේ දී ය. ග්‍රීසියේ සුඛාන්ත නාට්‍ය ප්‍රභවය වීමට ඉවහල් වූයේ මෙම උත්සවය බව පිළිගැනේ.

  3.             Anthestrelia (පෙබරවාරි – මාර්තු මුල් සමය). මෙම උත්සවය නාට්‍යමය ඉදිරිපත් කිරීම් සඳහා යෝග්‍ය නො වූ අතර මෙම සමයේ උත්සව පවත්වා ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

  4.           Great Diyonisiya (මාර්තු – අප්‍රේල් මුල් සමය). ශෝකාන්ත නාට්‍ය පළමු ව ඉදිරිපත් වූයේ මෙම උත්සව සමයේ වන අතර ඉතා වැදගත් ම කාලය වන්නේ වසරේ මෙම උත්සව කාලය යි (Boardman 1993).

ග්‍රීක ප්‍රේක්ෂකාගාරයේ ඇරඹුම සහ වර්ධනය පිළිබඳ ව සාධක සාධක ඉදිරිපත් කිරීමට පෙර උක්ත සඳහන්, ග්‍රීසියේ ප්‍රධාන වයින් උත්සව පිළිබඳ ව ගෙනහැර දැක්වූයේ ග්‍රීක නාට්‍ය සහ ප්‍රේක්ෂකාගාරයේ වර්ධනයට සහ විකසනයට එම ඉහත සාධක ඍජු ව බලපානු ලබන බැවිනි. එම උත්සවයන් ග්‍රීක නාට්‍යයේ ආරම්භය සඳහා වූ මූලික පදනම පමණක් වන අතර, ග්‍රීක නාට්‍ය සහ නාට්‍යාගාර, එනම් ප්‍රේක්ෂකාගාර නම් අද්විතීය වාස්තුවිද්‍යාංග ප්‍රභවය ලබන්නේ මින් පසු ව ය.

ඩයොනීසස් දෙවියන් උදෙසා රඟ දැක්වූ මුල් කාලීන පුද පූජා.diyonisus

මේවා රඟ දැක්වූයේ එළිමහන් බිමකයි. ඒ සඳහා පුද පූජා පිණිස පැමිණ සිටි සැවො ම සහභාගී වී ඇත. මේ අවස්ථාවේ දී ගැයුණු Dithyram ගීතිකා ග්‍රීක කේදාන්ත නාට්‍යයේ ඇරඹුම ලෙස ද සැලකේ. මුල දී අසංවිධානාත්මක ව තිබූ මෙම රංගනයන් ක්‍රි.පූ. 600 දී පමණ Arion නම් කවියා ගේ මැදිහත් වීම මත මුල් වරට සංවිධානාත්මක ස්වරෑපයකට පත් වූ බව සැලකේ. ඔහු පනස් දෙනෙකුගෙන් යුත් ගායන නර්තන වෘන්දයක් පුහුණු කළ බව සඳහන් වේ. ඔවුන් නර්තනයේ යෙදී ඇත්තේ වක්‍රාකාර ව ස්ථාන ගනිමින් බව ද පල වේ. මෙම කණ්ඩායවට පසු කාලීන ව නායකයෙක් ඇති වූ අතර ඔහු Narrator නම් විය. ඒ අනුව ඔහු සහ පිරිස අතර උත්තර ප්‍රත්‍යුත්තර හුවමාරැ වීම ඇරඹී ඇත (රණවීර 1991, 12)

මුල දී මෙම රඟ දැක්වීම් සිදු කර ඇත්තේ එළිමහන් කඳු බෑවුමක ය. මෙහි දී කිසි දු ආකාරයක වේදිකාවක්, ගොඩනැගිල්ලක් හෝ ආවරණයක් භාවිත කර නැත. නමුත් කාලයත් සමග පෙර කී Narrator සාමූහික වෘන්දය ඇමතීම සඳහා මේසයක් වැනි උස් තලයකට නැගි බව සඳහන් වේ. ප්‍රේක්ෂකාගාර සංකල්පයට පෙර වේදිකාව නම් සංකල්පය සඳහා මූලික වූ පියවර මෙය බව සඳහන් කළ හැකි ය. ඒ අනුව මෙම ඩයොනීසස් පුද පූජා තුළින් මුල් ම නළුවා කරලියට ප්‍රවිශ්ට වූ ආකාරය හඳුනා ගැනීමේ හැකියාව ලැබේ.

ග්‍රීක රංග පීඨයේ සහ නාට්‍යෙය් සාමූහික විකාශනය.

ග්‍රීක කලා ඉතිහාසය සැලකූ විට උක්ත ද්විවිධ අවස්ථාවන්ම සිදු වී ඇත්තේ එකකට එකක් සුසංයෝජනයෙන් බව කිව හැකි ය. මෙහි පළමු අදියර වන්නේ පළමු නළුවා හදුන්වා දීමෙන් අනතුරුව පරිපූර්ණ නාට්‍යයක් නිපදවීම සදහා නිශ්චිත කථා වස්තුවක් වටා සිද්ධීන් පෙළගැස්වීම යි. මෙහි නිර්මාතෲ වූයේ ඉකේරියා නුවර සිටි “Thespis” නම් කවියා බව පිළිගැනේ.

Thespis

සිය ගායන නර්තන වෘන්දයේ (coras) මූලිකයා ලෙසින් එනම්, පළමු නළුවා ලෙසින් පෙනීසිට ඇත්තේ ද මොහුම ය. ඔහු සිය නාට්‍යය මුල් වරට රඟ දක්වා ඇත්තේ ක්‍රි.පූ. 534 දී ඩයනීසියා නගරයේ දී බව කියැවේ. මුල දී 50ක් පමණ වූ coras එක 12 දක්වා අඩු කළ ඔහු සිය රඟ දැක්වීම් සිදු කර ඇත්තේ කරත්තයක් තුළ බව සඳහන් වේ. ඒ අනුව පළමු වරට නාට්‍යය රංගගත කෙරුණු රංග පීඨය සඳහා භාවිත වූ ක්‍රමවේදය පිළිබඳව උක්ත නාට්‍යය රචකයාගේ සමයෙන් නිදර්ශන ලැබේ.

ක්‍රි.පූ. 6වන සියවසේ දී පමණ පියෙස්ට්‍රෙටස් වැනි රාජ්‍ය පාලකයින්ගේ උනන්දුව සහ කැපවීම මත නාට්‍යය කලාව ක්‍රමයෙන් දියුණු වන අයුරු දක්නට ලැබේ. පසුකාලීනව නාට්‍යය තරඟ පැවැත්වීම සඳහා අවශ්‍ය “ප්‍රේක්ෂකාගාර” තනා ඒවා නඩත්තු කළේ ආණ්ඩුව බව සඳහන් වේ. මෙහිදී නාට්‍යය මෙන්ම මුලින්ම ප්‍රේක්ෂකාගාර සඳහා ද ලැබුණු රාජ්‍ය මැදිහත්වීම පිළිබඳව මුල්ම සාධක ලැබෙන අයුරු දර්ශනය වේ. මෙකී ප්‍රේක්ෂකාගාරවල ඇතිවීම, වර්ධනය සහ පැවැත්ම රඳා පවතින්නේ ග්‍රීක නාට්‍යකරණයේ ප්‍රධාන ත්‍රිමූර්තිය ලෙස හඳුන්වන පුදුගලයින් තිදෙනා නිසාවෙනි. එහෙයින් මෙහිදී ඔවුන් පිළිබඳව සඳහන් කළ යුතු ය.

  • ඊස්කිලස්

  • සොපොක්ලීස්

  • යුරිපිඩීස්

ඒ අනුව පෙර කී විකාශනය ඔස්සේ මෙන්ම උක්ත නම් සඳහන් කරන ලද පුද්ගලයන්ගේ ද නොමද දායකත්වය යටතේ ග්‍රීක නාට්‍යය කලාවේ උන්නතිය විදහා දන්වන ප්‍රේක්ෂකාගාර ද ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ ආකාරය විමර්ශනය කළ හැකි ය. මුල් කාලීනව කඳු බෑවුමක සිට, මෙය ඉතා විශිෂ්ට තාක්ෂණයක් විදහා දක්වන්නා වූ අද්විතීය අලංකරණයකින් යුතු වූ සුවිශිෂ්ට වාස්තුවිද්‍යාංගයක් ලෙසට පත් වූ ආකාරය දැනට ශේෂ වී ඇති නශ්ටාවශේෂ උපනිශ්‍රයෙන් දැකගත හැකි ය.

ග්‍රීක ප්‍රේක්ෂකාගාරයේ තාක්ෂණය

මේවායෙහි වසරකට 25000-35000 අතර ප්‍රේක්ෂක පිරිසක් නාට්‍ය නැරඹූ බව වාර්තා වී ඇත. මෙතරම් විෂාල පිරිසත් එකවර ඇතුල් කර ගැනීම සඳහා මෙම ප්‍රේක්ෂකාගාර ඉඩකඩ පහසුකමින් සහ තාකුෂණයකින්ද යුක්තව ගොඩ නංවා ඇති බව උපකල්පනය කළ හැකිය. ග්‍රීක නාට්‍ය හුදෙක් රංගනයට නොව වාචිකාභිනයට මුල් තැන දුන් ඒවා විය. එහෙයින් ශබ්ද උච්චාරණයේදී ප්‍රේක්ෂකාගාරයේ ඈතම කෙළවරේ සිටින පුද්ගලයාටද ඇසෙන පරිදි දෙබස් හැසිරවීම මෙකී නාට්‍යයන්හි නෛසර්ගික ලක්ෂණයක් විය. එසේම අර්ධ වෘතාකාර ලෙස, එකකට එකක් සමාන්තර පේළිවල ඇතිරූ මෙම ගල් ආසන පිහිටා තිබූ විලාසය අනුව එකම මට්ටමේ පේළියක කොතැනක සිටියත් ඇසෙන්නේ එකම පරිදි වේ. එනිසා මෙම ආසන පේළියෙන් පේළියට වේදිකාවේ සිට පවසන දේ ඇසෙන්නේ ඒකීය පරාසයකිනි. මෙම ප්‍රේක්ෂකාගාරයේ ඇතුළත් වූ අනෙක් අංග මෙන්ම ඒවා වර්ධනය වූ ආකාරය පිළිබඳව අධ්‍යයනය සඳහා ඩයනීසස් රඟමඩල උදාහරණයක් ලෙස දැක්විය හැකිය.

ඩයනීසස් රඟමඩල සහ එහි විකාශනය

නාට්‍ය රඟ දක්වන ලද්දේ මෙහිය. මෙය ඩයනීසස් දේවාලය ඉස්මත්තේ බලකොටු බෑවුමේ පිහිටා ඇත. මෙම රඟමඩල කාලයෙන් කාලයට විවිධ වෙනස්කම්වලට ලක් වී ඇත. ඒ අනුව ග්‍රීක ප්‍රේක්ෂකාගාරයේ පරිනාමීය අවස්ථා මෙය ප්‍රස්තුත කොට ගනිමින් ඉදිරිපත් කළ හැකිය. ක්‍රි.පූ. 6වන සියවසේදී ප්‍රේක්ෂකාගාර නොතිබිණි. රවක නාට්‍ය රඟ දැක්වූයේ මෙහි තිබූ කඳු බෑවුමකින් සමන්විත වූ බිමකයි. ප්‍රේක්ෂකයෝ කඳු බෑවුමේ වාඩිවී හෝ සිටගෙන නාට්‍ය නරඹා ඇත. රඟ දැක්වීම් සිදු වී ඇත්තේ බෑවුමෙන් පහළ සමතලා බිම් කණ්ඩියේයි. මෙම බිම් කණ්ඩිය මැද පුදසුනක් එනම් අල්තාරය පිහිටා ඇත. මෙම ස්ථානයේ වේදිකාවක් හෝ විචිත්‍ර පස්බිමක් තිබූ බවට වාර්තා නොවේ. තම්ත් ප්‍රේක්ෂකයන් සඳහා අසුන් තැනවී ඇත්තේ පශ්චාත් කාලීනවයි. මේ සඳහා මාධ්‍ය කොට ගෙන ඇත්තේ හිරිගල්ය. ප්‍රේක්ෂකාගාරය යනු මෙම ආසන සහිත කොටසයි. ක්‍රි.පූත 5වන සියවසේදී මෙම මූලික සරල රංග භූමිය අනුක්‍රමයෙන් සංකීර්ණත්වයට පත්ව ඇත. එහිදී එයට රංගගාරයක් ගලින්ම ඉදි කරවා තිබේ. නම්ත් මෙකී විකාශනය පරිපූර්ණ වූයේ ක්‍රි. පූ. 4 වන සියවසේදීය.

ප්‍රේක්ෂකාගාරය :- පළමුකොට ස්ථාවරත්වයක් දුනුනේ මෙයටයි. කන්දට ගල් පුවරු කාවැද්දීමෙන් ආසන තනා ඇත. මෙය අර්ධ කවාකාර හැඩය ගනී. කවාකාර වූ වේදිකාව (okestra) තුන් පැත්තකින් වට වූයේ මෙම අර්ධ කවාකාර ආසන පේළි සහිත ප්‍රේක්ෂකාගාරයෙනි. 14000 ක් පමණ ප්‍රේක්ෂකයන්ට මෙහි අසුන්ගත හැකි විය. මෙහි විශ්කම්භය දළ වශයෙන් අඩි 65 ක පමණ ප්‍රමාණයකි.

Skene :- රඟමඩලේ කොටසක් ලෙස මෙය ඇතිවූයේ පසුකාලීන සමයකයි. එය රඟමඩලේ ගලින් නිම වූ අවසාන කොටසයි. පසුව එය විටිනි විට වෙනස් කරනු ලැබිණි. 6 වන ශතවර්ශයේ නොතිබුණු මෙය මුලින් සාදන ලද්දේ නළුවන්ට වෙස් ලා ගැනීමට, වෙනත් චරිතයකට වෙස් මාරු කර ගැනීමට ආදී වූ ක්‍රියාවන් සඳහා බව සැලකේ. නමුත් මෙය Proskinion නම් කොටස සෑදීමට ප්‍රථම රංග පීටයක් ලෙස භාවිත වූ බවත්, Proskinion ඉදි කළ පසුව වෙස් ලා ගැනීම් සිදු කිරීමට භාවිත වූ බවත් පැවසේ. පස් වන සියවසේ අවසාන සමයේ එය දිගට් ගොඩනැගිල්ලක් විය. එහි ඉදිහියට නෙරා ගිය පාර්ශවීය කොටස්වලින් යුතු ස්ථාන වාද්‍ය වෘන්දය සඳහා ආයක චතුරස්‍රාකාර පසුබිමක් සැපයීය.

Proskenion :- රංගනයේ යෙදීමට යොදාගත් කොටසයි. මෙය හා Skene අතර ඇති කෙටි බිත්තිය වේදිකා පසුතල නිරූපණය සඳහා භාවිත වූ බව සැලකේ. මෙම ගෘහයේ අත්තිවාරමට මදක් ඉදිරිපසින් සොයා ගෙන ඇති වළවල් පේළිය පස්බිම් නිර්මාාණ බද්ධ කළ කණු සිටවූ වළවල් බවටද මතයක් ඇත.

ක්‍රි.පූ. 5වන සියවසේදී භුමි මට්ටමෙන් ඔසවා සෑදූ වේදිකාවක් නොතිබිණි යැයි පොදුවේ පිළිගැනේ. තවද අවශ්‍ය වූ විට නේපත්‍යාගාරයේ පියස්සද රංගන කාර්යයන් සඳහා පරිහරණය කළ බවට සාධක ලැබේ. එසේම රංග භූමියට ඇතුළු වීමට සහ පිට වීමට නළුවන්ට මෙන්ම වාද්‍ය වෘන්දයට අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය නාට්‍යෙයන් නාට්‍යයට විවිධ විය.

ග්‍රීක ප්‍රේක්ෂකාගාරය පිළිබඳ, එහි තාක්ෂණය පිළිබඳ විස්තර කිරීමේදී ඔවුන් නාට්‍යයන්හි යම් යම් කොටස් ගෙනහැර දැක්වීම සඳහා භාවිත කළ විවිධ උපක්‍රම කීපයක් පිළිබඳවද කෙටියෙන් හෝ සඳහන් කළ යුතුය. උදාහරණ ලෙස “වලාකුළු” නාට්‍ය හා වෙනත් බොහෝ නාට්‍යයන්හිදී දෙවියන් ගුවනේ සිට එන ආකාරය පෙන්වීමට Chariat නම් යන්ත්‍රක් භාවිත කර තිබේ. එ අන්ව නාට්‍ය සඳහා පියසස්ද උපයුක්ත කරගත් ආකාරය විද්‍යමාන වේ. තවද මියගිය අය වේදිකාව මත දර්ශනය කළේ රෝද සහිත තුන් වන වේදිකාවක් භාවිතයෙනි.

උක්ත සාධක සැලකිල්ලට ගැනීමේදී ක්‍රි. පූ. 6 වන සියවසින් ඇරඹි නාට්‍ය කලාව තත්කාලීන සමාජ, තාක්ෂණික විපරිනාමයන්ට ලක් වෙමින් ක්‍රම ක්‍රමයෙන් සාධනීය මට්ටමක් කරා ළඟා වූ අයුරු දැකිය හැකිය. තවද ඒ හා සමගාමීව ග්‍රීසියේ නාට්‍ය රඟදැක්වූ ප්‍රේක්ෂකාගාරය කාලයත් සමග ඒ ඒ නාට්‍යවලට උචිත ස්වරූපය අනුව සහ තාක්ෂණය අනුව වර්ධනයට පත් වූ ආකාරය පිළිබඳව අළ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ලැබේ.

අංග සම්පූර්ණ ග්‍රීක ප්‍රේක්ෂකාගාරය

Ochestra :- කවාකාර වේදිකාවකි. මතුපිට ගල් අල්ලා සකස් කර ඇත. මෙ වටේ ආසන පේළි තුන් පැත්තකින් පිහිටයි. පසුපස තවත් වේදිකාවකි. Coras නම් පිරිස මුලින්ම ගායනයේ යෙදුනේ මෙහිය.

Altar :- ඩයොනීසස් දෙවියාට කැප වූ අල්තාරයයි. මුලදී පූජාවන් පැවැත්වූයේ මෙහිදීය. Ochestra එක මධ්‍යයේ පිහිටයි.

Diazoma :- අර්ධ වෘතාකාරව පිහිටා ඇති ආසන කොටස, එනම් ප්‍රේක්ෂකාගාරය ඉහළ සහ පහළ ලෙස බෙදෙන තිරස් මාර්ගයයි. නරඹන්නන්ට පැමිණීමේ සහ පිටවීමේ පහසුවද මින් සැලසේ.

Klimakes :- ආසන පේළි අතර සිරස් ලෙස විහිදෙන පඩිපේළ් සහිත මාර්ගයයි. Diazoma මගින් බෙදෙන පහළ කොටසේ Klimakes 11ක් සහ ඉහළ කොටසේ 23ක් පමණ බොහෝ දුරට පිහිටයි. නමුත් මේවායෙහි ප්‍රමාණය රංග පීටයේ හැඩය අනුව වෙනස් විය හැකිය.

Vegears :- Klimakes 2ක් මගින් බෙදෙන ආසන පේළි සහිත ප්‍රේක්ෂකාගාර කකොටස් මේ නමින් හඳුන්වයි.

Parados :- Ochestra එකට යාමට  ආසන පේළි කෙළවර වන තැනින් යෙදී ඇති දොරටුවයි. නර්තන සහ වාද්‍ය වෘන්දය ඇතුළු වන්නේ සහ පිට වන්නේ මෙතැනිනි.

Skene :- Ochestra එකට පිටුපස ඇති චතුරස්‍රාකාර වේදිකාවයි. මුල් කාලයේ රංගනයේ යෙදී ඇත්තතේ මේ ස්ථානෙය්යි.

Proskenion :- Ochestra සහ Skene අතර පිහිටන නව ෙව්දිකාවයි. අවසන්  සමයේ රංගනයට භාවිත වූයේ මෙයයි.

 

10 responses to “ග්‍රීක නාට්‍ය කලාව ඇසුරෙන් පිළිබිඹු වන ග්‍රීක ප්‍රේක්ෂකාගාරයේ ආරම්භය සහ වර්ධනය

  1. Damith Dahanayake

    August 24, 2011 at 9:42 am

    It’s good shalwyn. All the Best

     
  2. chathu

    February 22, 2012 at 11:49 am

    ග්‍රීක නාට්‍ය කලාව ගැන මට ඕන හැ විස්තරයක්ම ලැබුනා.ස්තූතියි

     
  3. deepika

    March 5, 2012 at 8:51 am

    godak pin. harima wedagath… thawath liyanna, mama balanawa…

     
  4. අඩිපාර

    July 2, 2012 at 9:58 am

    මගෙ බුදු කිරිඅප්පොච්චියේ….., මේ දැරිවි දන්න දේවල්….

     
  5. neel

    January 23, 2013 at 3:55 am

    hungak pinsiduwenawa obata

     
  6. U.L.D.L Weheragoda

    May 7, 2013 at 4:12 pm

    Hugak watinawa.lecturs walin dun karanu thawath wedikaraganna udauwak una.

     
    • සිත්තරී මං

      May 7, 2013 at 5:10 pm

      බොහොම ස්තූතියි. හොඳින් , සාර්ථකව අධ්‍යයන කටයුත් කරන්න
      ජය වේවා!

       
  7. Anonymous

    August 24, 2016 at 7:17 am

    ඉතාම වටිනා ලිපියක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔබට හදපිරි ස්තූතියි!

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: