
මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා ආදේශනය – සමාන්තර උදාහරණ තර්කන ක්‍රියාවලිය

පැරණි ජන කණ්ඩායම් වල හැසිරීම් රටා අධ්‍යයනයේදී පුරාවිද්‍යඥයන් විසින් සමීප අධ්‍යයනයට ගනු ලබන්නේ වර්තමාන ගෝත්‍රික ජනතාවයි. මෙහිදී ඉපැරණිම හැසිරීම් රටා තත්වාකාරයෙන් අධ්‍යයනය කිරීමේ නොහැකියාව පැවතියද යම් තාක් දුරකට පැරණී සමාජය ප්‍රතිනිර්මාණය කිරීමේ ඉඩ ප්‍රස්ථාව සැලසේ. මානවවංශවිද්‍යා විශ්ලේෂණයන් පුරාවිද්‍යාවේ ප්‍රධාන න්‍යායක් ලෙස අධ්‍යයන කටයුතු වලදී පාදක කරගනු ලැබෙන්නේ මෙලෙස අතීත සමාජ ප්‍රතිනිර්මාණය උදෙසා එමගින් ලබාගත හැකි සමීප නිදර්ශන රැස නිසාවෙනි. මිනිසාගේ සමාජ සංස්කෘතික හැසිරීම් රටා අධ්‍යයනයේදී මානව කාති මගින් ඉදිරිපත් කරන්නාවූ දත්ත පාදක කරගත හැකි සේම, එයට වඩා දත්ත ප්‍රමාණයක් වත්මන් ප්‍රාථමික ජන කණ්ඩායම් අධ්‍යයනයේදී ඔවුන්ගේ ‘ඇදහිලි හා විශ්වාස’ පදනම් කරගනිමින් අර්ථවිග්රහ කිරීමේ හැකියාව පවතී.
ලක්දිව ලේඛන විප්ලවය

ලක්දිව අක්ෂර ආරම්භය, එහි විකාශනය කවරාකාරද? මේ කෙටි විමර්ශනය ඒ් පිළිබඳවයි….. ලක්දිව ලේඛනය ඇරඹෙන්නේ මහින්දාගමනයත් සමග ක්‍රි.පූ. 3 වන සියවසේදී පමණ බව සාමාන්‍ය පිළිගැනීම වුවද (ලෙන් ලිපි පූජාවන් හමු වන්නේ මෙසමයේ සිට බැවින්) මෙරටට බුදුදහම පැමිණීමට පූර්වයේ සිටම ලේඛන හුරුව පැවති බවට පූර්ව ඓතිහාසික යකඩ යුගයේ සුසාන පියන්ගල් මත හමුවන (ඉබ්බන්කටුව, යටිගල්පොත්ත, අන්දරවැව වැනි) බ්රාහ්මී නොවන [ක්‍රි.පූ. 8-4 සියවස් වලට අයත්] සංඛේත සාක්ෂි සපයයි. එසේම ඇතුල්නුවර ගෙඩිගේ කැණීමෙන් හමුවූ අක්ෂර සහිත වලං කැබලි ක්‍රි.පූ. 5 වන සියවසට අයත් අවධිය නිරූපණය කරයි. (මේවා වාක්‍ය හෝ වාක්‍යාංශ නොවන අතර වචන හෝ හුදු සංකේත වලට පමණක් සීමා වී තිබීම විශේශිතය.) ඒ් අනුව පුරාවිද්‍යා ගවේශණ සාධක මත මෙරට අක්ෂර ආරම්භයේ ඉතිහාසය පිළිබඳව තවමත් කරුණු අනාවරණය වෙමින් පවතින බව කිව හැකිය.
නමුත් වංශකථා සාධක අනුව,
🍄 විජය රජුපඬිරට මධුරා රජුට දියණිය පතා යැවූ හසුන
🍄 තම සොයුරු සුමිත්ත කුමරුට යැවූ හසුන
🍄 පණ්ඩුකාභය රජු කල නගරනිර්මාණකරණ ශිල්ප තාක්ෂණය
🍄 තිස්ස රජු හා අසෝක රජු අතර පැවති ලිපි ගනුදෙනු
අනූව ක්‍රි.පූ. 3වන සියවසට එපිට (ඉන්දීය සස්කෘතික ආගමනයට පෙර) මෙරට පැවති ලිවීමේ ක්‍රමයක් / සංඛේතාත්මක අදහස් හුවමාරු ක්‍රමයක් පිළිබිඹු කරයි.
හෙළ ජන උරුමය – පන් කවි හෙළි කරන නෑනා / නැන්දම්මා / ලේලි සබඳතා

මිනිසා පරිසරයට අනුව හැඩගැසුණු සත්වයෙකි. මානව පරිණාමයේ මුල් යුගයේ සිට විවරණය වන සාධක පරිශීලනයේදී විද්‍යමාන වන වැදගත්ම සාධකය වන්නේ මිනිසා හා පරිසරය අතර පැවති අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය තුළින් සමාජය යන ව්‍යූහය විකසනය වූ ආකාරයයි. සැබැවින්ම එය, පරිණාමය වන තාක්ෂණයේ ක්රමික දියුණුව අනුව යුගයෙන් යුගය සිදු වූවා සේ ක්‍රම ක්‍රමයෙන් හැඩගසන ලද උල් ආයුධයක් වැනිව, යොදා ගනු ලබන කාර්යයට අනුව සියුම් බවින් මුවහත් බවින් මනා පෙනුමෙන් සුසංයුක්තව මනාව නිමැවුණකි. මෙහිදි පරිසරය යනු පිහිය තැනීමට යොදාගත් ශිලාමය මාධ්‍යයයි. එය සියුම් පිහි තලයක් සේ සකසන්නේ මිනිසායි. මිනිසා සතු බුද්ධි මහිමයයි. මිනිසා එම තාක්ෂණය උගත්තේ හිටි හැටියේ නොව, යුග ගණනක් පුරා සොබාදහම තුළ වෙසෙමින් පසු කළා වූ විවිධ යුගයන්හිදී සොබාදහමෙන් තමා ගත් පරිචයන් තුළින් ලද අත්දැකීම් සමුදාය තුළිනි. මුලින් රළු පරළු නෙරු නිම්න සහිතව නිමවූ ගොරහැඩි පිහි තලය පසු කාලීනව ඉතා සුමටව තියුණුව කැටයමින් අලංකෘතව නිම කිරිමට තරම් දැණුමක් අවබෝධයක් ඔහු ලබා ගත්තේ සොබාදහම තුළ සොබාදහමේ ජීවියෙකු ලෙස දිගින් දිගටම සොබාදහම හා ගැටෙමින් ගතකළ ජීවිතයේ පසුකළ කඩයිම්හි ලද අත්දැකිම් නිසාවෙන්මය. පරිසරය හා බැඳි මිනිසා අව්‍යාජය. ඔහුගේ අවශ්‍යතා ඉතා සීමිතය. ඔහු තම උවමනාවන් සපුරාගත්තේ තමා වාසය කළ පරිසරය තුළින්මය. අද මෙන් කෘතිම සාටෝපකාරී ජීවිත උදෙසා තරඟයක් නොතීබූ ඈත ඉතිහාසයේ අප මුතුන් මිත්තෝ පරිසරය හා බැඳි අපූර්ව වූ කලාකරුවෝ වූහ. එදා සිය ජීවිතයේ සියලු අවැසිතා ඔවුන් අවට පරිසරයෙන් ලබා ගත හැකි අල්පතරයෙන් ඉටු කර ගෙන ඉතා අල්පේජ්ජ වූ සරළ ජීවිත ගෙවූහ. අද වන විටමෙරට සංචාරක ක්ෂේත්රයට පමණක් බොහෝ විට සීමා වී ඒ කෙරෙහි පමණක් යම් ආකර්ෂනීයත්වයක් දරන්නා වූ හස්ත කර්මාන්ත පෙර කී සරළ ගැමි දිවියෙන් අද වන විට ශේෂ වූ මැකි යමින් පවතින සෙවනැල්ලකි.
Read the rest of this entry »බුද්ධ ප්‍රතිමාවේ ප්රභවය ශ්‍රී ලංකාවේ සිදු වී තිබේ ? ලිපි අංක 2

පළමු ලිපිය මෙහි ක්ලික් කරන්න
ලංකාවේ බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය තිර ලෙසම සිදු වී යැයි කීමට ඇති භාදකය වන්නේ, මෙතෙක් ඒ පිළිබඳව සනාථ කෙරෙන කිසිදු පුරාවිද්‍යා මූලාශ්‍රයක් නොලැබීමයි. එසේ හෙයින් බුද්ධ ප්‍රථිමා නෙළීම ශ්‍රී ලංකාවේ ආරම්භ වී යැයි පිළිගැනීම බොහෝ විද්වතුන් ප්‍රතික්ෂේප කරයි. නමුත් ලොව කිසිදු රටක දක්නට නොලැබෙන තරම් බුද්ධ ප්‍රථිමා පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යා මූලාශ්‍ර ලංකාවෙන් ලැබේ. එසේ වුවත් දැනට ලෝකයේ පැරණීම බුදු රුව සේ ගැනෙන පුරාවිද්‍යා සාධකයක් මෙතෙක් ලංකාවෙන් හමුවී නොමැති නිසාත්, සාහිත්‍ය මූලාශ්‍ර වල සත්‍යතාව තහවුරු වන්නේ පුරාවිද්‍යා මූලාශ්‍රයක් හමුවීම තුළින් නිසාත් ලංකාවේ දී බුද්ධ ප්‍රතිමාව ප්රභවය වී යැයි සැලකීම ගැටලු සහගත තත්වයක පවතී. පෙර ලිපියේ සහන් කළ කණිෂ්ක රජුගේ රන් කාසි වල ඇති බුදු රුව අනුව බුද්ධ ප්‍රතිමාව ගන්ධාරය පදනම්කොට ගනිමින් ඇරඹිණි යැයි පවසන විද්වතුන් එහි ලංකා ප්රභවය නොසලකා හරී.

Weight: 7.93 gm., Diam: 20 mm., Die axis: 12 o’clock
Crowned, diademed king standing facing, holding spear and sacrificing at altar at left,
Bactrian legend around: þAONANOþAO KA … NηþKI KOþANO
(King of Kings Kanishka Kushan) /
The Buddha standing facing, left hand holding robe, right hand in abhayamudra, “have no fear,”,
Bactrian legend left: BOΔΔO, tamgha at right
Göbl 66
This is one of the earliest physical representations of the Buddha in any medium
ලක්දිව ඇත්දත් මෙලෙක් කිරීමේ ශිල්ප ක්‍රමය
සත්ව අස්ථි සහ දත් වලින් කරන නිර්මාණ පැලියොලිතික අවධිය දක්වා අතීතයකට දිවෙනවා කීවොත් ඒක ප්රලාපයක් නෙවෙයි. ආසියාතික සාධක ගතහොත් එහි පෞරාණිකත්වය මධ්‍ය ශිලා යුගය දක්වා දිවෙන බව කියන්න පුලුවන් අලවල පොත්ගුල් ලෙණ සහ තවත් ලෙන් කීපයක හමු වූ මෝර දතින් කළ පබලු / මාලපෙති ? / ආභරණ ? අනුව. මේ කියන්න යන්නේ ඇත් දත් කලා කර්මාන්තය ගැන කෙටි විස්තරයක්.

බඹර කැපීම හා බැඳි සුන්දරත්වය
බඹර කැපිල්ල කියන්නෙ ලංකාවේ පැරණි ජන සමාජය හා බැඳුණු ආකර්ශනීය එහෙත් භයානක ජීවන වෘත්තියක්. මෙහිදී වඩාත් විශ්වාසනීය ලෙස සහයට යොදා ගැනුණේ තමන්ගෙ මස්සිනාය කියල කියනවා. හේතුව, යම් යම් කෝන්තර නිසා වෙන අය හැරපොට කැපීමට ඉඩ තිබුණත්, සොහොයුරා කිසිදා තමන්ගේ සොයුරිය වැන්දඹු වෙන්න ඉඩක් නොදෙන නිසා කවදාවත් මස්සිනාට අවිශ්වාසවන්ත වෙන් නෑ කියන පදනම… පහළ බඹර කවි අතරින් දෙවැන්නනම් අවිශ්වාසවන්ත වූවෙක් ගැන. පොඩි පන්තිවල අපිටනම් සිංහල පාඩමක මේ ගැන තිබුණා… ඒ වගේම ලංකාවෙ වැදි ජනයා ගැන විදේශිකයන් ලියූ පොත්වල මේ ගැන කියවා තිබෙනව බොහොම සවිස්තරව. මී කැපීම, මී ඉටි ගැනීම ආදියත් මෙසේමයි.
බුද්ධ ප්‍රතිමාවේ ප්රභවය ශ්‍රී ලංකාවේ සිදුවී තිබේ ? ලිපි අංක 01

ජනතාව හා බැඳුණූ ජනතාවට සමීප වූ විවිධ පුද්ගලයන්ගේ අනුරූ ඉදි කිරීම අතීතයේ සිටම සිදු කෙරුණක් බව පුරාවිද්‍යා හා සාහිත්‍ය මූලාශ්රයන්ගෙන් හෙළිවන කරුණකි. ක්‍රි.පූ. 6 වන සියවසේ භාරතීයන්ගේ අධ්‍යාත්මික චින්තනය ඔපවත් කිරීමට මග පෙන්වූ ගෞතම බුදුරජාණන් නම් වූ බුදු දහමේ ශාස්තෘවරයාණන්ගේ රූපයද, සමකාලීනව නොවුණත් සියවස් ගණනකට පසුකාලීනව මූර්තිමත් කළ බවට පැහැදිලි සාධක ලැබේ. මුල් කාලීනව බුද්ධ රූපය මූර්තිමත් කිරීම සිදු නොකළ යුත්තක් බවට බෞද්ධයන් විශ්වාස කරන්නට ඇතැයි සිතිය හැක්කේ, ආදිතම බෞද්ධ කැටයම් වන භාරුත්_සාංචි කැටයම් අතර බුදුරුව යෙදිය යුතු අවස්ථා වලදී එම සිදුවීම නියෝජනය කරන ධර්මචක්රය, සිරිපතුල, බෝධී වෘක්ෂය, වජ්රාසනය ආදී සංඛේත මගින් බුදුරදුන් නිරූපණය කර තිබීම හේතුවෙනි. එසේම අමරාවතී කැටයම් අතර සමහරක බුදුරදුන් වෙනුවට සංඛේත රූප යොදා ඇති අතර එම එකම කැටයම් ඵලකයේ තවත් තැනක බුදුරුව නිරූපණය කර ඇත. මින් පෙනී යන්නේ එම අමරාවතී_කැටයම්_සිදුකළ_කාලයේ_අතරමගදී_බුදුරුව_කැටයමට_නැගීම_ආරම්භ_කළ_බවයි. Read the rest of this entry »
පිරාහා ගෝත්‍රිකයෝ
