චිත්‍රපටය මෙතැනින් ගන්න
ඔහු ස්‍නේහමෝයි, ඉන්දියානුවෙකි. ඇය මියැගි, ජපන් කතකි. ඔව්හු ආදරවන්තයෝ වෙති. නමුදු කිසි දිනෙක එකිනෙකා මුන ගැසි නැත. ඔවුන්ගේ ආදරය ගලා යන්නේ ලිපි මගිනි. ඔහු සිය බෙංගාල සංස්කාතිය වචනයක් නෑර ඇයට විස්තර කරයි. ඇයද එසේමය. ඒ අයුරින් ඔවුන් එකිනෙකාගේ හැඟීම් හුවමාරු වේ. චිත්‍රපටය ආරම්භයේදී ඔහු විසින් පැවසෙන, ඔහුට තෙවතාවක් මැලේරියාව සෑදී ඇතැයි යන්නත්, නමුත් ඔහු ඉන් මිය නොගියේය යන්නත්, චිත්‍රපටයේ පසු අවස්ථාවන් පිළිබඳ ඉඟි සපයයි.
ඈ විසින් ඔහුට එවන ලද සරුංගල් පේට්ටිය විවර කරන අවස්ථාව, ඇයගේ ලිපි කියවන අවස්ථා, ඔහු ඇය උදෙසා ඇති කරගන්නා හැඟීම් සමුදායන්, එකිනෙකා නොදුටු මෙම යුවළගේ චිත්තාභ්‍යන්තරය මැනවින් විදහා දක්වයි.
ඔහුගේ දිවියේ යම් වෙනසක් ඇති කරලනු වස් නිවසේ නවාතැන්ගන්වනු ලබන වැන්දඹුව හේතුවෙන් ඔහුගේත්, ඔහුගේ ජපන් පෙම්වතියගේත් සිත්හි ඇතිවන වෙනස, ඒ සඳහා ඔවුන් දෙදෙනා දක්වන ප්‍රතිචාරයන්, දෙදෙනාට එකිනෙකා හමුවීමෙහි මතුවන භාධා තුළින් ඉස්මතු වන අනුවේදනියත්වය චිත්‍රපටය පුරා ගලා යයි.
කෙසේ වුව ඔවුන් විවාහ වේ.. එකිනෙකා නොදැකම.. ඔවුන්‍ගේ විවාහය ඔවුන් දෙදෙනා අතර සිදුවේ. සමාජය හමුවේ එය මනෝ විකාරයක් වුවද, අවබෝධයෙන් සිදුවන ඔවුන්ගේ විවාහය තුළ ඔවුන් තෘප්තිමත් බවට පත්වේ. මන්ද විවාහය යනු දෙදෙනෙකුගේ බාහිර ඒකාත්මිකවීමක් නොව, චිත්‍යාභ්‍යන්තරයෙන් ඔවුනොවුන් තුළ සිදුවන අවබෝධයක් බව ඔවුන් වටහාගෙන සිටින නියාවෙනි.
සිය විවාහය පිළිබදව නැන්දනියට දන්වන අවස්ථාවේදී පැහැදිලිව නිරූපණය වන ඉන්දිය සංස්කෘතික ස්වරූපය තුළ ඔහු අතරමං වන ආකාරය, මෙහි මැනවින් රූපණය කර දැක්වේ.
දුරකථන සංවාදවලදී වුවද භාෂා උච්චාරන විෂමතාව මත දෙදෙනාට දෙනෙතා තේරුම් ගැනිමට අපහසු වීම ඉතා ඛේදනීය හැඟීම් ජනිත කරවයි. ඇයගේ සැමියාගේ නම රිසිවරය තුළින් උච්චාරණය වන විටද, විවාහ සංවත්සරය උදෙසා ඔහුගේ සුබපැතුම් පිරිනමන විටද ඔවුන් අසරණ වන්‍නේ සංස්කෘතීන් ද්වයක් තුළ භාෂා මාධ්‍ය දෙකක් තුළ විෂම වූ උච්චාරණයන් තුළ ඔවුන් හුදෙකලා වන බැවිනි.
ඔහු සිටින නිවසේම වාසය කරන වැන්දඹුවගේ ස්වරූපය සෙසු සෑම විසුතරයක් සේම ඔහු ඇයට විස්තර කර යවයි. සැමියා මිය ගිය පසු බිරිඳක් සිටිය යුතු ස්වභාවය එහිදී ඔහු විසින් ඇයට පැවසේ. එකී විස්තරය කෙතරම් දුරට චිත්‍රපටය අදෙසා අදාල වන්නේදැයි හැඟී යන්‍නේ මෙහි පසුවට සිදුවන ඉතා සංවේදී අවස්ථානිරූපණයන් දෙස බැලීමේදීය.
ඇය අසනීප වූ බව දැන ගත් කල්හි ඔහු බෙහෙවින් සිතු තැවුලට පත් වේ. ගුරු වෘතියෙන් දිවි ගෙවූ ඔහුට සිය අසනීප බිරිද බැලීම සඳහා ජපානයට යාමට තරම් වත්කමක් නැත. ඔහු ඇගේ අසනිසයේ ස්වභාවය අසා ඇයට සුදුසු බෙහෙත් සිය ප්‍රදේශයෙන් සොයා යැවිමට කරන්නාවු කැපවිම නෙතට කඳුළු නංවයි.
අවසානයේ එම කුණාටුව ඇති වේ. හාත්පස කළුකර නොනවතින මහ වරුසා සමගින්… ඇය විසින් එනව ලද ඇයගේ වෛද්‍ය වාර්තා, එම සැඩ කුණාටුව මැදම ඔහු වෛද්‍යවරයෙකු වෙත ගෙන යයි. නමුත් පලක් වන්‍නේ නැත. මන්ද ප්‍රතිකාර කරනු වස් ඇය ඔහු වෙත නැත.
කෙසේ වුව අවසානයේ සාර්ථක ලෙස දුරකථන සංවාදයක් ඇති කර ගැනිමට ඔවුනට හැකි වේ. නමුත් ඔවුන් දෙදෙනා සිය හඬ අසා සිටිනා අවසන් අවස්ථාව එය බව දෙදෙනාම නොදැන ඉන්නට ඇත. දෙබසේ ඇති සංවේදී වචන හුවමාරුව මත අප හමුවේ ගම්‍ය වන්නේ එයයි.
එදින රැයේ පෙර අවස්ථාවක දැක්වු රෝගය නැවත ඔහු කරා ලංවේ. තෙවරක්ම වැළඳුනද, එහු මරණය වෙත ලං නොකළ එම රෝගයෙන් සිවුවන වරටද ඔහු ඔත්පල වේ. ඔහු අසල නිතර ඔහුගේ අවතැන් සඳහා ගැවසෙන, එම නිවසේ වාසය කරන වැන්දඹු කතද ප්‍රේක්ෂක මනසේ ඇති කරන සංවේදීතාවය වදනට නොනැගිය හැකි තරම්ය.
කෙසේ වුව අවසානයේ ඔහු…. ඔහුගේ නැන්දනිය, හිස් වූ ඔහුගේ සයනය වෙත වැදි කදුළු සලයි.
සුදු සාරියෙනුත්, මුඩු කරන ලද හිසෙනුත් යුතුව, ඔහුගේ ජපන් බිරිඳ ඔහුගේ නිවස වෙත පැමිණේ.
චිත්‍රපටය මෙතැනින් ගන්න



රෙප් මහත්තයා
September 1, 2012 at 9:38 am
මට මේක බාගෙන බලන්න නොහැකි වීම ගැන කනගාටුව :/
Hasitha
September 1, 2012 at 4:19 pm
මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා දැන් මාස දෙක තුනක් වුනත් තාම බලන්න බැරිවුනා. මේ සටහන කියෙව්වාට පස්සේ හිතා ගත්තා වෙලාවක් ලැබුණු ගමන් බලනවා කියලා
සිත්තරී මං
September 1, 2012 at 4:27 pm
වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්…
සිත්තරී මං
September 1, 2012 at 4:20 pm
අයියෝ……………..
chagureru
September 1, 2012 at 1:36 pm
ජපන් කෙල්ලො හරිම ලස්සනයි හැබැයි ජප්පො හරි කපටි
සිත්තරී මං
September 1, 2012 at 4:19 pm
මේක බැලුවම හිතෙන දේත් කියන්නකො මල්ලි
panhinda..
September 1, 2012 at 1:54 pm
මට තේරෙන්නේ නෑ සිත්තරී අක්කා.. ඔයයි මමයි ගොඩක් වෙලාවට ආස දේවල් එක වගේද කියලත් හිතෙනවා…
මොනා උනත් ඔයාට ස්තුතියි..
මේක බලන්නම්..
බලල කියන්නම්කො මේ ගැන..
සිත්තරී මං
September 1, 2012 at 4:19 pm
ඔකේ නංගා…
බලන්න හරිම ලස්සනයි
බෙංගාලි සංස්කෘතියත්, මේ දෙන්නගෙ විෂමත්වය තුළ ගලා යන ආදරයත් හරිම අපූරුවට ප්‍රකාශනය වෙලා තියෙනවා මේ චිත්‍රපටය තුළ
chami4u
September 4, 2012 at 9:16 am
මමත් ඔය වගේම එකක් බැලුව සිත්තරි අක්කේ.. එකේ නම Japanese Encephalitis මේ කථාව තනිකරම ගෙතිලා තියෙන්නේ මදුරුවෙක් වටා… හරිම ලස්සනයි අසනීපයක් ගැනද කොහෙද තියෙන්නේ — තේරුන හැටියට …
121314
February 3, 2013 at 2:37 pm
athtenma lassanai
Dishan Savithra Rajapaksha
April 12, 2013 at 3:59 pm
ලියල තියන විදිහනම් ගොඩක් සංවේදී, බලල ඉවර වෙලාම යමක් කියන්නම්…..
සිත්තරී මං
April 27, 2013 at 1:00 pm
බොහොම ස්තූතියි ආරාධනා කරනවා මගේ අලුත් බ්ලොග් අඩවියට ගොඩවෙලා යන්න එන්න කියලා
http://sanskaravinivida.blogspot.com/
Kãsuŋ Ãrãvïŋdã Mtg
May 7, 2013 at 10:01 am
බාලම බලමු…
සිත්තරී මං
May 7, 2013 at 5:10 pm
හා හා