RSS

මතකය මතකයි

29 Jul

කහ පාට මල් පිපි පිපි එල්ලෙන
ඇළ ඉහළ අර ඇහැළ ගහ ගාව
කැරකී කැරකී දැවටුණු
සුවද තාමත් තියෙනවද…
ඉස්කෝල පාරේ ඒ දෙවැට අයිනේ
අපෙ මූණු ඇඹුල් කළ
පේර තාමත් ඉදෙනවද…
සරුංගල් කාලෙට
දුරම දුර ඈත අහසේ
එකිනෙකට පැටළුනු
අපි යැවූ සරුංගල්
ඈතම ඈත ඒ අහස දකිද්දී තාමත්
පැටලි පැටලී දැවටි දැවටී ඉන්නවා පෙනෙනවද…
කියන්නට හිතුණත් නොකියාම නැවතුණු
මට නොකී ඒ කතා
තවම ඔය හිතේ
පරිස්සමට තියනවද…
ඇස් පුරා පොදි ගැහුණු
උතුර උතුරා දෝර ගිය
දිවෙන් එළියට නොපැන්න
“එකම එක අකුරු හතරක මතකය”
මා නමින් තියෙනවද…
නිවි හැනහිල්ලේ
ටිකක් ඇලවෙන්න
ඔය ඇස් පියන් යට
තාමත්…
මට ඉඩක් තියේවිද….?

About these ads
 
5 Comments

Posted by on July 29, 2012 in කවි

 

5 Responses to මතකය මතකයි

  1. chami4u

    July 29, 2012 at 8:10 am

    මට නොකී ඒ කතා
    තවම ඔය හිතේ
    පරිස්සමට තියනවද…

    හරිම ලස්සනයි සිත්තරි ./..

     
    • thilini

      July 29, 2012 at 12:14 pm

      ස්තුතියි යාලු…. :)

       
  2. udaya1958

    July 29, 2012 at 11:33 am

    du ka hithunaa.

     
  3. Pradeep

    July 29, 2012 at 3:05 pm

    තාරකා යට හිටියම සෙවනයිද ?

    පුදුමයි

    මාර creative

     
    • thilini

      July 29, 2012 at 3:23 pm

      ස්තුතියි යාලු

      තියෙනව කියල හිතනව
      නිසංසලත්වයේ
      නිහැඩියාවේ
      නිමක් නොපෙනෙන සිතිවිලි සාගරයේ
      සෙවන
      සෙවිල්ල (ආවරණය)

       

බලපු කවුරුත් මොන මොනවාහරි අදහසක් දෙකක් කියලම ගියානම් හිත සතුටුයි. නැතත් තරහක් නෑ. ආයෙත් ඇවිත් යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

 
Follow

Get every new post delivered to your Inbox.

Join 29 other followers

%d bloggers like this: