RSS

~~~~ ප්‍රාග් ඉතිහාසය යනු ~~~~

“ශිලා මෙවලම් තාක්ෂණයේ පරිණාමයෙන් යුතු, ලිඛිත ඉතිහාසයක් නොමැති අවධිය ප්‍රාග් ‍ඓතිහාසික අවධිය ලෙස නම් කෙරේ.”
මෙසමයේ මානවයා පිළිබද දත්ත ලබාගත හැකි වන්නේ, දැනට ශේෂ වී ඇති, ඔවුන් භාවිත කළ මෙවලම්, ගුහා බිත්ති මත ඔවුන් ඇදි සිතුවම් පරිශීලනයෙනි. භූ තැටි බෙදිමේදී ඒ ඒ පාරිසරික සාධකවලට උතිත වූ පරිදි ඒ ඒ කලාප වල වෙසෙන ජීවීන් තීරණය වී ඇත. එහිදී පාරිසරික සාධක මත ජීවීන් ඒවාට අනුවර්තනය වී එම සාධකවලට උචිත පරිදි හැඩ ගැසී ඇත. මෙහිදී භූ විද්‍යා කාලනිර්ණය අවධානයට ගත යුතුය.

පරිණාමයේ ආරම්භය, “ප්‍රාග් කේම්බ්‍රීය යුගය” වන අතර අවසානය, “හොලෝසීන යුගය” එනම් මේ පවතින යුගය ලෙස හදුනාගෙන තිබේ. මේ කාල රාමුව තුළ විවිධ අවධි බෙදි තිබේ.
ප්‍රාග් ඉතිහාසයේදී වැදගත් වන්නේ, ප්ලයිටොසින සහ හොලෝසින අතර යුගයයි.

  • ප්ලයිටොසීන – (බටහිර රටවලට සාපේක්ෂව වසර මිලියන 1.8 / ආසියාතික කලාපය වසර මිලියන 2.5)
  • හොලෝසින – (අදින් වසර 10,000 සිට අද දක්වා)

ප්ලයිස්ටොසීන අවධිය වැදගත් වීමට හේතුව වන්නේ, මෙම වකවානුව තුළ මානව පරිණාමයේ සුවිශේෂීතා මත ප්‍රාග් මානවයා සිය අත්දැකිම් තුළින් උපන් පරිචය ඔස්සේ ලබා ගත් විශේෂ ජයග්‍රහණයන්ය. එනම්, මෙසමයේ මානව පරිණාමයේ ආරම්භය සහ ශිලා මෙවලම් පරිණාමයේ ආරම්භය දක්නට ලැ‍බිම අති විශේෂ සංසිද්ධිය වේ.

හොලෝසීන අවධියේ සුවිශේෂීත්වය වන්නේ, වත්මන් මානවයා, එනම්, හෝමෝ සේපියන් මානවයා මේ වන විට පරිණාමය වී තිබිමයි. ඒ අනුව නූතන මානවයාගේ ආරම්භය මෙම අවධියේ සිදු වූ බව පෙන්වා දිය හැකිය.

මානවයාගේ ජිවන රටාව සදහා හේතු වූයේ භූ විද්‍යාත්මක පරිණාමය සහ ජීව විද්‍යාත්මක පරිණාමයේ සංසිද්ධීන් වේ. පරිණාමය සමග මානවයාගේ මොළයේ ක්‍රියාකාරිත්වය තීරණය විය. එසේම ස්වභාවික පරිසරය සමග නිතර ගැටුණු ඔහු සිය නිරික්ෂණ තුළින් යම් යම් අත්දැකීම් සිය ජිවිතයට උකහා ගන්නට ඇත. මානව පරිණාමය සමග තාක්ෂණික පරිණාමය සිදු වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. පරිසරය තුළින් සිය ජිවනෝපාය සපුරාගත් ඔවුන් “නිරික්ෂණය” සිය ජයග්‍රහණයේ ජය සංකේතය කරගෙන තිබුණු බව හැගී යයි. මන්ද වන සතුන් මැද තවත් එක් ජීවියෙක්ම පමණක් වූ ඔහු ජිවත් විමට ගත් උත්සාහයේදී පරිසරයට අනුව අනුවර්තනය වීමක් සිදු වී ඇත. තමා අවට පරිසරයෙන්ම සිය ආහාර, ආරක්ෂාව ආදී වු අවශ්‍යතා සපුරා ගැනීමේදී ඔහුට “නිරික්ෂ්‍ණය” වැදගත් වී ඇත්තේ එදිනෙදා ජීවිතයේ ලද “අත්දැකිම්” තුළින් මෙකී පරිසරයේ ජීවත් වීම උදෙසා අවශ්‍ය පසුබිම සකසාගැනීම පිණිසයි.

අතිත පරිසරය Palio Environment මෙය අධ්‍යයනය කිරිමේදී ඉතා වැදගත් වන විෂය පථයකි. මානව පරිණාමය උදෙසා මෙය ප්‍රබල දායකත්වයක් සපුරා තිබේ. මානවයාගේ පරිණාමීය අවස්ථාවන්හි විවිධ ලක්ෂණ අධ්‍යයනය කළ කල්හි, ඒවා හැඩගැසී තිබුණේ ඔවුන් විසූ පරිසරයට, ඔවුන් ජීවත් වූ ක්‍රමයට ඖචිත්‍ය වූ පරිදි බව නිගමනය කළ හැකිය.

උදාහරණ ලෙස, අධීක ශීතල පරිසරයකට උචිත පරිදි නියන්ඩතාල් මානවයාගේ සමේ රෝම බහුල ලෙස වර්ධනය වි තිබුණු බවට සාධක ලැබේ. ගස් මත ජිවත් වී ක්‍රම ක්‍රමයෙන් පොළව මත ජීවිතයකට සංක්‍රමණය වීමේදී ශේෂ වූ අංගයක් ලෙස මුල්ම මානවයාගේ දෑත් දිගින් වැඩි විම තවත් එක් සාධකයකි. මානව පරිණාමයේදී භෞතික වශයෙන් මානවයාගේ ශරිරයේ දැක්වූ සුවිශේෂිතා සදහා මේ නිදර්ශන දැක්විය හැකි අතර පාරිසරික සාධක සැලකීමේදී මානව‍යාගේ විතැන් වීම් සදහා මුහුදු මට්ටම්හි සිදුවූ ඉහළ පහළ යෑම් උදාහරණයට ගත හැකිය. ‍පුරා පරිසරය අධ්‍යයනයේදී මෙම සාධකය හේතුකොට ගෙන මානවයා නව ප්‍රදේශ කරා සංක්‍රමණය වීම් සිදුවු බව දැනට පිළිගැනෙන ප්‍රබල සාධකයකි. ඒ අනුව පුරා පරිසරය, මානව පරිණාමය කෙරෙහි අති විශේෂ බලපෑමක් ඇති කළ බව දක්නට ලැබේ.

මානවයා භාවිත කළ තාක්ෂණය ඔවුන්ගේ ජිවන රටාව සමග ප්‍රබල ලෙස ආබද්ධ වීය. ඔවුන් සතු වුයේ ශිලා මෙවලම් තාක්ෂණයයි. නමුත් මෙයද මානව පරිණාමයේ එක් සුවිශේෂී සංධිස්ථානයක් පමණි. ඔවුන් මුල් කාලීනව මළ සතුන් බුදින්නන් ලෙස වාසය කරන්නට ඇත. ඒ ශිලා හෝ දැව හෝ වේවා, කවර ආකාර වූ හෝ සරළ තාක්ෂණයක්වත් භාවිතයට නොදන්නා මුල්ම අවධියේදීය. මානවයා ක්‍රමයෙන් තමා පරිසරයෙන් ලද අත්දැකීම් ඉවහල්කොට ගනිමින් තම තාක්ෂණික මෙවලම් අත්හදා බැලිමට හුරු වීමත් සමග පරිණාමීය දියුණුව දැක ගන්නට ලැබේ. මේ අනුව මෙවලම් භාවිතය ඒ ඒ මානව පරිණාමීය අවස්ථා අනුව විකසනයට ලක් වුයේ මානවයාගේ චින්තනයේ සිදුවූ ප්‍රගමනයන් හේතුවෙනි. මෙම සංසිද්ධිය නූතන සමාජයට ආදේශ කරන්නේ නම්, අද පවතින දියුණුව සදහා ඉවහල් වූයේ අතීත මානවයා සිය අත්දැකීම්, පරිකල්පනය සහ දෑත මෙහෙයවා බිහි කළ එම සරළ මට්ටමේ වූ තාක්ෂණයේ මූලික අවස්ථාව බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණකි.

ප්‍රාග් ඉතිහාසය යනු හුදෙකලා වූ විෂයක් නොවේ. මෙය වෙනත් නොයෙකුත් විශයන්ගෙන් ලබා ගන්නා ලද දැණුමෙන් යුක්තව අධ්‍යයනය කළ යුතුය. එසේම විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ නිවැරදි දත්ත වාර්තාකරණයක් මෙහිදී ආවශ්‍යයික වේ. සමස්ථයක් ලෙස ගත් කල්හි පුරාවිද්‍යාව යනු හුදෙකලා වූ විෂයක් නොව සෑම විෂයක් තුළින්ම සුපොෂණය වූ විද්‍යාත්මක විෂයක් බව කිව යුතුය. එහෙයින් ප්‍රාග් ඉතිහාසය හැදෑරිමේදීද මෙය අනෙකුත් විෂය පරාසයන් හා සහසම්බන්ධ වන්නේ සුවිශේෂී ආකාරයෙනි. එසේම ඉතාමත් නිවැරදි දත්ත ලබාගනු වස් විද්‍යාත්මක තාක්ෂණයේ භාවිතය මෙහිදී අතතිශය වැදගත්කමක් දරයි. ප්‍රාග් ඉතිහාසය අධ්‍යයනය වර්ධනය වන්නේද ලොව විද්‍යාත්මක තාක්ෂණයේ දියුණුවත් සමගයි. එසේම මෙයට සාම්ප්‍රදායික දේව නිර්මාණ වාදයෙන් මිදී නව චින්තනයන් සොයා යාමේදී ඇතිවූ ප්‍රවණතාවන්ද අතිශයෙන් ඉවහල් වූ බව කිව යුතුය.

කෙසේ වෙතත් ප්‍රාග් ඉතිහාසය අධ්‍යයනයේදී ඉවහල් වන වෙනත් විෂයන් සදහන් කරන්නේ නම්, භු විද්‍යාව, භූ රූප විද්‍යාව, පාංශු විද්‍යාව, සාගර විද්‍යාව, පොසිල විද්‍යාව, පරාග විද්‍යාව, මානව විද්‍යාව, මානවමිතික විද්‍යාව, මානවවංශ පුරාවිද්‍යාව, අත්හදාබැලිමේ පුරාවිද්‍යාව, සංස්කෘතික මානව විද්‍යාව, දේශගුණ විද්‍යාව, සමාජ විද්‍යාව ආදී වූ අංශ පෙන්වා දිය හැකිය. මෙම විෂයන් යටතේ කියවෙන මූලධර්මයන් ඇසුරෙන් පෘථිවියේ නිර්මාණය, පාරිසරික කලාප, සත්වයාගේ ප්‍රභවය, ප්‍රාග් ඓතිහාසික යුගයේ ස්වභාවය, තත්කාලින පරිසරය, පාරිසරික, දේශගුණික සාධක, ශාකායනය, සත්ව සංතතිය ආදි වූ සාධක රැසක් අධ්‍යයනයේ හැකියාව පවතී. ඒ අනුව ප්‍රාග් ඉතිහාසය හුදෙකලා කොට ගෙන අධ්‍යයනය කළ නොහැකි වූත් සෙසු අනු විෂයන් රැසක් හා ආබද්ධවූත් විෂයක් ලෙස පෙන්වා දිමේ හැකියාව පවතී.

ප්‍රාග් ඉතිහාසය යන වචනයේ ආරම්භය සැලකු කල්හි, මුලින්ම ප්‍රංයේයේ Prehistorighe යන වචනය මේ උදෙසා භාවිත වු බව පැවසේ. මුලින්ම Pre History යන්න ව්‍යවහාරයට එක් කර ඇත්තේ 1851දී Daniel Wilson විසිනි. ප්‍රාග් ඉතිහාසය පිළිබද පර්යේෂණ සදහා මුලික හේතුව වූයේ 1850න් පසු සත්ත්ව විද්‍යාඥයින් සහ මානව විද්‍යාඥයින් විසින් සත්ත්ව පොසිල එකතු කිරිමේ නියැලීමයි. කාල් මාක්ස්, එංගල්ස් ආදිහු සමාජ පරිණාමයක් පිළිබද මත ඉදිරිපත් කිරිමත් මෙසමයේ සිදු වීම හේතුවෙන් දේශපාලනික පෙළඹවීමක්ද මේ සදහා ලැබිණැයි සැලකේ. එමතුද නොව දේව නිර්මාණවාදයෙන් මිදීමත් නව විද්‍යාත්මක සංකල්පයන්ගේ ආගමණයත් මේ සදහා ප්‍රබල දායකත්වයක් සැපයිය.

මානව පරිණාමය සහ ව්‍යාප්තිය සැලකිමේදී මේ සදහා මත දෙකක් ඉදිරිපත් වී ඇත. එනම් මානවයා අප්‍රිකාවෙන් බිහිවී ලෝකයේ අනෙක් ප්‍රදේශ වෙත සංක්‍රමණය වු බව (Single Origin) සහ ලෝකයේ ඒ ඒ ප්‍රදේශවල වෙන වෙනම බිහිවූ බව (Multi Regianal Origin) යි.

පුරාවිද්‍යා කාලරාමුව සැලකිමේදී ප්‍රාග් ඓතිහාසික අවධිය මෙහිදී ‍ප්‍රධාන අවධි තුනකින් යුක්තව හදුනා ගැනේ.

  • පුරාශිලා යුගය Upper Paleolithic – අදින් වසර ලක්ෂ 20 – වසර ලක්ෂ 2 දක්වා
  • මධ්‍යශිලා යුගය Middle Paleolithic – අදින් වසර ලක්ෂ 2 – වසර 40,000 දක්වා
  • නවශිලා යුගය Lower Paleolithic – අදින් වසර 40,000 – වසර 10,000 දක්වා

නමුත් මෙම සාධක ආදේශ කළ හැකි වන්නේ යුරෝපිය කලාප වෙත පමණි. ආසියාතික ප්‍රදේශ තුළ අධ්‍යතනයේ මෙකී කාල පරාසයන් ඉක්මවා යන මානව සාධක ලැබිම මත මෙකී කාලරාමුව ආසියාතික කලාපයට මේ ලෙසම ආදේශ කිරිමේ නොහැකියාව පවතී.

උක්ත සාධක විමර්ශනයේදී ප්‍රාග් ඓතිහාසික අවධිය යනු කුමක්ද යන්න කෙටියෙන් හදුනා ගැනීමේ හැකියාව පවතී. මෙය ක්‍රම ක්‍රමයෙන් ආරම්භක අවස්ථාහේ සිට විස්තරාත්මක ලෙස විග්‍රහ කිරිමට කරම් සාධක අද වන විට හමු වි පවතී. ඒවාට අනුව ඒ ඒ කාල වකවානු තුළ මානවයාගේ පරිණාමයේ හදුනාගත හැකි සුවිශේෂී අවස්ථා, තාක්ෂණික දියුණුව, සමාජ ස්වභාවය, කලාව ආදී වූ නන් විධ අංශයන් අනාවරණය කිරිමේ හැකියාව ලැබේ.

 

**** ලොව පවත්නා ආගම්හි සත්‍යාසත්‍යතාව සොයා යාම ****

ලොව පුරා නන් විධ ආගම් අදහන්නෝ වෙති. යම් සමාජයක පැවැත්මේ මුඛ්‍ය ලක්ෂණයක් ලෙස “ආගම” යන සංකල්පයට හිමි වන්නේ අග්‍රගන්‍ය ස්ථානයකි. මිනිසා සමාජගත වීමේ පළමු අදියරේ සිටම ආගම හෝ ඇදහිම යන ප්‍රපංචය තුළ සිය විශ්වාසයන් සංයුක්ත කිරීමේ පියවරකට එළඹි බව ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක අවධානයට ගැනිමේදී දක්නට ලැබෙන සුවිශේෂී කරුණකි. මානව චින්තනයේ ක්‍රමික පරිණාමය ඇරඹි සමයේ සිට කණ්ඩායම් සමාජ වෙත තමා යටත්ව සිටිනා තමන්ට වඩා බලවත් වූ යම් බලවේගයක් පිළිබද දැඩි හැගීමක් තිබුණි. හුදෙක් එය තාක්ෂණික වශයෙන් සරල වූත්, මිනිසාට වඩා ශක්තිසම්පන්න වන සතුන් බහුතරයක් අතර හුදෙකලා වූත් දෑතේ සවිය සහ සැගවි සිටිය හැති අවම පාරිසරික සාධකයන්ට ගැති වුත් මුල් කාලින මානව‍යාගේ මානසික ශක්තිය යම් තාක් හෝ නංවාලීමේ සංකල්පයක් ලෙස විග්‍රහ කළ හැකිය. අව්ව, වැස්ස, සුළි කුණාටු, ගින්දර, ගංවතුර ආදි වූ නොයෙක් ස්වභාවික විපර්යාස මෙල්ල කරලීමට තබා, ඒවා කොතැනින් කෙසේ ආරම්භ වනවාදැයි සිතිමටවත් අත්දැකිම් අවම වූ සමාජයකට, මෙවන් ස්වභාවික සංසිද්ධීන් දේවත්වයෙහි තබා සලකනවා හැරෙන්නට කළ හැකි අන් යමක් නොවුණි.
නිරවුල්ව සිතා බලන්නේ නම් පශ්චාත් කාලීන මුල් නාගරීකරණය පිළබිඹු කරන ශිෂ්ටාචාරයන්හිත් ඇදහිල්ලට පාත්‍ර වුයේ මෙකී ස්වභාවික සංසිද්ධීන් මුල්කොට ගෙන උත්පාදිත දේවත්ව සංකල්පයන් බව පෙනේ. උදාහරණ ලෙස, ඉන්දු නිම්නයේ ඉන්ද්‍ර, වරුණ, යම, අග්නි ආදී වු දේවත්ව සංකල්පයන්ද, මිසරයේ රේ දෙවියාද, ග්‍රීසියේ සියුස් දෙවියාද මෙවන් ස්වභාවික වස්තූන් මුල් කොටගෙන ඇදහිල්ලට පාත්‍ර වු පිරිස් ලෙස හදුනා ගත හැකිය. එමතුද නොව මරණය, ආත්මය වැනි වු ම්නිස් සිතට තේරුම් ගත නොහැකි වූ ගූඪ සංකල්ප දේවත්වයෙහි ලා පිදුම් ලැබූ බවට මිසරයේ “කා” ඇදහිල්ල තුළින් පැහැදිලි වේ. උක්ත සංකල්ප මිනිසා යුගයෙන් යුගයට සම්ප්‍රේෂණය කරලූයේ ආගම, ඇදහිල්ල, විශ්වාස, බිය, අපේක්ෂා ආදී වූ නන් විධ සාධක සිත්හි රදවාගෙනය.
මේ අනුව ‍ලොව දෙවන නගරායනය සිදු වන අවධියේ, ඊට සාපේක්ෂ වකවානුවේ සහ පශ්චාත්කාලීනව විවිධ ආගම් සහ දර්ශන ඇති වනු දක්නට ලැබේ. මෙම ආගම් සහ දර්ශන පෙරකී අවධියේ සංකල්ප මුලිනුපුටා දැමූ බවක් බොහෝ විට දක්නට නොලැබේ. සමාජයට යම් දැක්මක්, ස්ථිරසාර අරමුණක්, මිනිස් ජීවිතයේ තිරසාර නිර්මල පැවැත්මට යම් මාර්ගෝපදේශනයක් ලබා දෙනු වස් මෙම බොහෝ ආගම් තුළ ඇති අන්තර්ගතයන් ඉවහල් වන බව ඒවා අධ්‍යයනයෙන් පෙනී යයි.
සමාජයක, සංස්කෘතියක, ජන කණ්ඩායමක පැවැත්මට ආගමක් අවශ්‍ය නොවූයේනම්, ලොව කිසිදාක මෙවන් ආගම් ඇති නොවනු ඇත. නමුත්, මෙලෙස ඇතිව ව්‍යාප්ත වු ආගම් අද දක්වාත් සමාජ තුළ මුල්බැසගෙන පැවතීම මත පෙනී යන්නේ මේවායෙහි ඇති ආවශ්‍යයිකතාවයයි. බහුතර මිනිස් කණ්ඩායමක විශ්වාස, ඇදහිලි මත ඔවුන්ගේ මානසික සුභසිද්ධිය සැලසෙන්නේනම්, එවන් විශ්වාසයන් සමාජයෙන් අතුගා දැමීම උදෙසා තර්ක කළ යුතු නැත. මන්ද, ජිවිතයේ නොයෙක් කම්කටොළු හමුවේ පිඩාවෙන් සිටින මිනිසා සිය මානසික සුභ සිද්ධිය නංවාගනුවස් ආගමක, ඇදහිල්ලක විශ්වාසයක පිහිට අපේක්ෂා කරන බැවිණි.
නමුත් බුදුරජාණන් වහන්සේ නමින්, ජේසුස් වහන්සේ නමින්, නබි තුමා නමින්, නිඝන්ඨනාථපුත්ත නමින්, කොන්ෆියුසස් නමින් පුද්ගලයෙක් සත්‍ය වශයෙන්ම සිටියේද, නිවැරදි ලෙසම ඒ කවර වකවානුවේද, දැනට පවත්නා ද්‍රව්‍යමූල මත එම පුද්ගලයින් සිටි බවට පර්යේෂණ කළ හැකිද ආදී වූ දෑ සමාජය හමුවට ගෙන ඒම යුක්ති යුක්ත වන්නේද යන්න ප්‍රශ්න කළ යුත්තකි. මන්ද ඉන් සිදු වන්නේ, මෙකී සාධක සාවද්‍ය හෝ නිරවද්‍ය වේවා, මිනිස් කණ්ඩායමකගේ විශ්වාසයන් දෙදරා යාමකි.
බුදුන්ගේ දන්ත ධාතුවත්, ජේසුස් වහන්සේගේ ලේ වැකුණු රෙදිකඩත් කාල නීර්ණයට ලක්කර මේවා කවර කාලයකට අයත්දැයි නිවැරදි ලෙසම ප්‍රකාශයට පත් කළ හැකි වුවත්, මෙම පුද්ගලයන් සත්‍ය වශයෙන්ම සිටියේද යන්න කිව හැකි වුවත් මෙවන් දෑ සමාජය හමුවට ගෙනවිත් තර්කනයට, විවාදයව ලක් කිරීම සදාචාරාත්මක බව පිටුපා යාමකි.
එසේම “තමන් අදහන හෝ අනුගමනය කරන්නාවූ ආගම පමණක්ම නිර්මල වූ ධර්මය වේ” යැයි සිතා අනෙක් ආගම් හෙළා දැකීමද මනුෂ්‍යත්වයට කරන්නාවු නිග්‍රහයකි. මනෝවිද්‍යාත්මක, විද්‍යාත්මක, සදාචාරාත්මක දෘෂ්ටීන් තුළින් ඇතිකරගත් මානයන්හි පිහිටා සිට බලමින් මේ මේ ආගම් පමණක් නිවැරදි වේය, මේ ආගම පමණක් සත්‍ය වේය යන කරුණු සමාජය හමුවට ගෙනවිත් තර්ක කිරිම නිවට මෙන්ම මුග්ධ ක්‍රියාවකි.
යම් අයෙකුට අවශ්‍යනම්, තමන් අදහන, අනුගමනය කරන, විශ්වාස කරන ආගමෙහි සත්‍යාසත්‍යතාව සොයා යා හැක. එය කළ යුත්තේද නිවැරදි දැක්මෙහි සහ බුද්ධියෙහි පිහිටා සිටිමිනි. නමුත් මහා පරිමාණ වශයෙන් සමාජයට විශ පොවා අන්තවාදී ලබිධිකයින් ඇතිකරලීමේ පරම අපේක්ෂාවෙන් සහ “තම ආගම හැර සෙසු ආගම් පිටු දැකීමේ අරමුණින්” අඥාන ලෙස හැසිරිම සමස්ත මානව සංහතියටම කරන්නාවූ මහා පරිමාණ සමාජ දූෂණයකි.

 

“”"”"”"සරසවි සිසුවාගේ රසාඥතාව සහ තාර්කික ඥාණය”"”"”"”

 

අද සරසවිය, සරසවි අධ්‍යාපනය දෙස බැලීමේදි හුදෙක් මෙය තමන් උගත යුතු විෂය පථයේ ඇතැම් අනු අංශ කෙරෙහි පමණක් යොමු වී ඇති බව දක්නට ලැබේ. සරසවි සිසුවකුගෙන් අපේක්ෂිත සාධනිය මටිටම කුමක්ද යන්න පිළිබදව විද්‍යාර්ථියා දැනුවත්ව සිටිය යුතු වුවද, ඔහුට ඒ කෙරෙහි හෝ අවධයනයක් යොමු කිරිමට උවමනාවක් හෝ ඇල්මක් කිසිදු විටෙක නොමැති බව බොහෝ අවස්ථාවන්හි පෙනි යන සුලභ දෙයකි. අද සරසවියේ දේශන බහුතරයක් පාසල් විෂය මාලාවේ මෙන් දේශනයට පමණක් සිමා වි ඇති අයුරු පෙනි යයි. දේශකවරයා කරවක් සදහන් කළද පටන්ගත් මොහොතේ පටන් නිමාව දක්වා එක දිගට සටහන් තබා ගැනිමේ තරගයකට සරසවි සිසුවා නිරායාසයෙන්ම යොමුවි ඇත. මා මෙහිදි අවධානයට ගනුයේ සරසවියේ කලා අංශයයි. ඇතැම් දෙපාර්තමේන්තු තුළ සිදු කරනුයේ පෙර කි ලෙස ආරම්භයේ සිට අවසානය දක්වා සටහන් ලියා ගැන්මට දිමයි. මා දත් එක් ආචාර්යවරයෙකු සිය දේශන මාලාව ක්‍රියාත්මක කරනුයේ ඔහු සතුව ඇති දියවි යන්නට ඔන්න මෙන්න වූ කහ ගැහුණු කොළ මිටියක් දෙස බලාගෙනය. මෙවන් විටකදි නූතන ලෝකයේ සීඝ්‍රගාමී වර්ධනය සහ දිනෙන් දින එකතු වන නව දැණුම සරසවි සිසුවාට සම්ප්‍රේෂණය වන්නේද යන්න ප්‍රබල ගැටළුවකි. දේශක වරුන්ගෙන් තමා බලාපොරොත්තු වන සාධනීය විෂය කරුණු නොලැබෙන්නේ නම්, ඒවා සොයා යාමට සරසවි සිසුවාට නිදහස ඇත. නමුත් මෙය බොහෝ විට සිදු නොවන තරම්ය. මන්ද දෙන දේ ලියාගෙන නිහඩව සිටීම ඇගට ගුණදායක බව බොහෝ දෙනා සිතන බැවිණි.

සියලු ආචාර්යවරයන් මෙසේ නොවන බවත් සුළුතරයක් පමණක් මෙසේ වන බවත් දැණුවත් කිරිමට කැමැත්තෙමි. නමුත් කලා විෂයන් හදාරන සිසුවා බෙහෙවින් අද වන විට ඇබ්බැහි වි ඇත්තේ තමාට දෙනු ලබන සටහන කටපාඩම් කර විභාගය සදහා පෙනි සිටීමටයි. (මෙය පාසල් විශය මාලාව ඉගැන්විම් රටාවේ ගැති වු සිසුවා ලද සානුකම්පිත තන්වයකි). නමුත් දේශන කාමර තුළ කවරාකරෙයෙන් දේශන ක්‍රියාත්මක වුවද, විභාගයේදි ආචාර්යවරුන් බලාපොරොත්තු වන්නේ නව දැණුමයි. මෙය සිසුවා අවබෝධ නොකර ගැනීමේ විපාකය මත අවශ්‍ය සාධනීය මට්ටම නොලබා යාම සිදුවේ.

ආචාර්යවරයෙකු නව අභ්‍යාස ක්‍රමයකට යොමු වුවද එය පිටුපා හැර තමාට පහසු නිබන්ධනයක් ඉල්ලීමට තරම් සරසවි සිසුවා දුර්වල තත්වයට පත්වී තිබේ. මෙය ලාංකේය අධ්‍යාපන ‍ක්ෂේත්‍රය දුර්මුඛ කරන්නාවු ඉතා අභ්‍යාග්‍ය සම්පන්න සිදුවිමකි. නව ආකාරයකින් සිතිමට, තමාට ආවේණික වූ ඉගෙනුම් සම්ප්‍රදායක් ගොඩ නගා ගැනිමට, නව දැක්මක් ලොවට හෙළි කිරිමට සමාජයේ උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වු මොවුන් දුර්මුඛ වි ඇත්තේ තම පහසුව සලකා ගොඩින් ඇග බේරා ගැනීමේ ක්‍රමයක් වශයෙනි. නමුත් මෙකි තත්වය තුළ සිදු වන්නේ නව දැණුම සොයා යන පිරිසකට හෝ තම අපේක්ෂා ඒ අයුරින්ම සාක්ෂාත් කර ගැනිමේ අවස්ථාවක් නොලැබි යාමයි.

2008 වර්ශයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිරගත කෙරුණු “කාම සූත්‍රය” චිත්‍රපටය නැරඹීමට ආ සිසුවියන් නැවත හරවා යවනු ලැබිණි. එමතුද නොව එය නැරඹීමට පැමිණි තම බැජියන් හට නොයෙක් නම් කියමින් කෙනෙහිළි කිරීමටද සහෝදර පාර්ෂවයේ ඇතැමුන් පසුබට නොවුණි. කලා සාගරයක සිටියද කලාව යනු කුමක්දැයි අවබෝධයෙන් හින වීම මෙවන් මන්ද මානසික සංකල්ප කරපින්නාගෙන යැමට හේතුව සේ මම දකිමි. එම චිත්‍රපටය තුළින් ගෙනහැරපාන්නාවූ, ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත හැක්කේ පහත් රසවින්දනයක මූලබීජ තම හිතින් අතුගා දමා, ජීවිතය, කලාව යම් පමණකින් හෝ අවබෝධ කර ගැනිමට යත්න දරන්නාවු අයෙකුට පමණි.

පසුගිය වසරේ වේදිකාගත කෙරුණු “හැපි ජර්නි” වේදිකා නාට්‍යයටද පේරාදෙණිය සරසවිය තුළ අත් වුයේ මෙවන් කනගාටුදායක ඉරණමකි. එකිනෙක මිනිසාගේ චෛතසිකයන් විග්‍රහ කරන ලද එම වේදිකා නාට්‍යය යම් තරමකින් හෝ අවබෝධ කරගැනිමට තරම් ඇතැම් සරසවි සිසුන්ගේ බුද්ධිය මුහුකුරා ගොස් තිබුණේ නැත. අවසානයේ රංග ශිල්පින්ට තම නාට්‍යය අතරමග නතර කර යාමට තරම් ‍වු ගෝෂා හඩ මධ්‍යයේ වේදිකා නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ වු පේරාදෙණියේ ගෞරවයද දියවි ගියේය. එම නාට්‍ය දැඩි නිහඩතාවක ගිලි මගේම වු ලොවක අතරමංවි සිට නැවත සම්පූර්ණයෙන් රස විදීමට මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල එළඹෙන තෙක් සිටිමට සිදුවූයේ පේරාදෙණියේ අභාග්‍යය නැවත නැවතත් මතක් කරවා දෙමිනි.
“හැපි ජර්නි” වෙනුවට මුල සිට අග දක්වා හිනහව සහ අසබ්‍ය වචන පමණක් පිරුණු කලා කෘතියක් ඉදිරිපත් කළේනම් එදා ‘වල’ දෙදරන තරම් හඩින් හු තැබු සුළුතරයක් කඩාකප්පල්කාරීන් ඇති තරම් රසයක් ඉන් ලබනු ඇත. අළුතෙන් දෙයක් සිතීමට තරම් මොළය කළදක් හෝ වෙහෙසවන්නේ නැති පිරිසකගේ තත්වය මෙයයි. මෙවන් සුළු පිරිසකගෙන්, ‍විශය මාලාවේ නව්‍යතා පිළිබදව විමසා සිටිම පවා විහිළුවක් ලෙස සැලකිම වරදක් නොවේ යැයි සිතමි. නමුත් ලාංකේය අධ්‍යාපන රටාවේ මෙවන් දොශ සහගත අවස්ථා වෙනස් විය යුතුය. වනපොත් සම්ප්‍රදායෙන් මිදි නව මානයන් සොයා යාම කෙතරම් විනෝදාත්මකද යන්න සහ දැණුම වර්ධනය කරන්නක්ද යන්න පාසල් මට්ටමේ සිට සිසුනට කියා දීම සාරවක් ක්‍රියාවක් ලෙස මම දකිමි. එසේ නම් පාඩම් පොත් තුළ ගිලි නිදි මරමින් වද විදිනු වෙනුවට තමාට හැකි, විනෝදාත්මක ක්‍රම මගින් තම දැණුම දියුණු කර ගැනීමේ හැකියාව සිසුවාට ලැබෙනු ඇත. උගත් බව ඇති වන්නේ තමා ඉන්නා පරිසරයෙන්, උගන්නා දෙයින් පමණක් නොවන බව සිසුවා අවබෝධ කරගත යුතුය.

************* මා දන්නා යෙහෙළියක් පාඩම් කරන කල්හි දෙපා වතුර භාජනයක දමා සිටීමට පුරුදු වූවාය. ඒ තරමට ඇය වෙහෙස වි පාඩම් කළාය. නමුත් අවසානයේ වතුර භාජ‍නය නොමැතිව නින්ද යා නොහැකි තත්වයට ඇය පත් වූවාය ***************

 

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික යකඩ යුගයේ සුසාන වර්ග.

This slideshow requires JavaScript.

ප්‍රාථමික යකඩ යුගයේ අවධාරණය කළ යුතු සුවිශේෂී කාරණයක් වන්නේ සුසාන වර්ගයන්ය. මේවායෙහි උක්ත කාල වකවාන්වට අයත් සාධක රැසක් සන්ධර්භගතවි ඇත. විද්වත් මතය වන්නේ මෙය ඉන්දිය මෙගලිතික සුසාන සම්ප්‍රදායේ ආභාසයෙන් ලංකාවේ ඇති වූවක් වන බවයි. (සෙනෙවිරත්න, 1994, 13-20) නමුත් එසේ වුවද ලංකාවේ සිදු කර ඇති පර්යේෂණයන්ට අනුව මෙම සුසාන ඒකාකාරිත්වයෙන් තොර විවිධතාවක් හොබවන අංශයක් බව පෙනි යයි. ලංකාවේ හමුවන ප්‍රොටෝ ඓතිහාසික සුසාන වර්ග සහත පරිදි වේ.

Cist Burial
Clay Canoe
Urn Burial
Pit burial
Cairn Circle
Dolman
මෙකී සුසාන බහුතරයක හමු වන්නේ ද්විතියික වළලෑම් ක්‍රමයයි. එහිදි තෝරාගත් මියගිය පුද්ගලයින් එක් අයෙකුගේ හෝ බහුතරයකගේ තෝරා ගත් අස්ථි පමණක් ගෙන මැටි බදුන් තුළ බහා වැළලීම බහුලව පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ තිබේ. Pit burial සම්ප්‍රදායේ ප්‍රාථමික වලලෑම් පිළිබද සාධක හමු වන අතර ඩොල්මන් යනු සුසාන නොව ස්මාරක විශේෂයක් බවට මත පලවි ඇත.

Cist Burial :- මෙය ශිලා මංජුසා සුසාන ලෙස හදුන්වයි. ගලකින් ගලක් පන්නා සිටින පරිදි විශාල ගල් පතුරු හතරක් පෙට්ටියක් මෙන් සැදෙන පරිදි සිරස්ව සංයුක්තව තබා එහි මධ්‍යයේ සුසාන ද්‍රව්‍ය තැන්පත් කර මුදුන පියන් ගලකින් වසා මෙම සුසාන වර්ගය ඉදි කරයි. දානට ලංකාවේ මෙම සුසාන ‍ක්ෂේත්‍ර 36ක් පමණ පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇත.
(පිංවැව ගල් සොහොන් කනත්ත, මාමඩුව, අළුත් බෝඹුව, තම්මැන්න ගොඩැල්ල, ගුරුගල් හින්න, වඩිග වැව, දිවුල් වැව, රඹෑව, මච්චාගම, ඉබ්බන්කටුව, ආනකටාව, සියඹලා වැව, කදිරවේලි, ගල්අතර, මහපැලැස්ස, මහගල්වැව, තඹරව, ඹැඹව)

Urn Burial :- බරණි සුසාන ලෙස හදුන්වන මෙම සම්ප්‍රදාය පිළිබද වැදගත් සාධක හමුවන ක්ෂේත්‍රයක් ලෙස පොම්පරිප්පු හැදින්විය හැකි අතර එහි සිදු කරන ලද ක්‍රමානුකුල කැණීම් සහ පර්යේෂණයන්ට අනුව වැදගත් සාධක හදුනාගනු ලැබ තිබේ.
(තෙක්කම්, කරඹන්කුලම්, දුවෙගම, කතරගම, මාකෙවිට, විලන්කුලම්, පොම්පරිප්පු, සෙවනගල)

Pit burial :- ලංකාවේ Pit burial පැහැදිලිව හදුනාගත නොහැකි අතර ඒවා යම් යම් ආකාරයෙන් සම්මිශ්‍රිතව හදුනා ගැනිමේ හැකියාව ලැබේ. මේවායෙහි සිරුරු දිගු අගට වලළා ඇත්තේ ගැඹුරු වලවල් තුළයි. Extanded burial සම්ප්‍රදාය ලෙස මෙම වැළලිම් ක්‍රමය හදුන්වයි.
(කරෛනගර්, ආනෛකොට්ටෛ, මන්තායි, පොම්පරිප්පු)

Clay Canoe :- මෙය මුලින්ම හමු වූයේ වාරණ අසළ කලෝටුවාව ප්‍රදේශයෙනි. මැටි ඔරු ලෙස හදුන්වන මෙම සුසාන ක්‍රමය කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමු වි ඇත (ජයරත්න, 2011, ACL 406 දේශන).
(කලෝටුවාව, නිකවලමුල්ල, රංචමඩම, හල්දුම්මල)

Cairn Circle :- සුසානයක් මතුපිට ගල් කැබලි ගොඩ ගැසිම සහ වටේට ගල් කැබලි වෘතාකාර ලෙස තැන්පක් කිරිම මෙහිදි සිදුවේ. නමුත් මෙය ඉන්දියාවේ මෙන් ලංකාවේ සංකිර්ණ ලෙස හමු නොවේ.
(මාමඩුව, හබරැත්තෑවල)

Dolman :- මෙය සුසානයක් නොව සිහිවටනයක් ලෙස ඉදි කරන ලද්දක් බව සැලකේ. බටහිර රටවල මෙන් නොව ආසියාතික රටවල ඩොල්මන් තරමක් පසු කාලින වන බව කාල නිර්ණයන්ට අනුව පැහැදිලි වේ. සිරස් අතට සිටවු ගල් ස්ථම්භ තුනක් මත තිරස් අතට තැබු පියන් ගලකින් ඩොල්මන් සංයුක්ත වේ.
(පදවිගම්පොළ)

ලංකාවේ මෙම ඉහත දැක්වු සුසාන ක්‍රමයන්ට අමතරව ඒවා සම්මිශ්‍රිත ලෙස යොදාගත් අවස්ථාද හමුවේ. පිංවැව ගල්සොහොන් කනත්තෙන් හමුවන Pit with Cap Stone සම්ප්‍රදාය ගල්අතර ක්ෂේත්‍රයෙන්ද හමුවේ. එම නිසා මෙම සමාජයන්හි පිරිස් බොහෝ විට ඒකීය සම්ප්‍රදායකට සිමා නොවුණු බවත්, මෙසමයේ පිරිස් සම්මත සම්ප්‍රදායකට මැදි නොවී තමන් රුචි පරිදි මිහිදන් කිරිමේ සම්ප්‍රදායන් අනුගමනය කළ බවත් වටහා ගත හැකිය. එසේම මෙම සුසානයන්හි තැනපතු සැලකිමේදි එහි අඩංගු ද්‍රව්‍යන්ගේ සරු බව මත සමාජ ස්ථරායනය පිළිබද පැහැදිලි සාධක රැසක් උපකල්පනය කිරිමේ හැකියාවද පවතී.

 

ක්‍රි.ව. 17-18 සියවස්වල යුරෝපියයන්ගේ ඉන්දියානු වාණිජ කටයුතු (2 කොටස)

‘ඉන්දියා කොදෙව්වල වෙළදාම් කරන ලන්ඩන් වෙළදුන්ගේ සමාගම හා එහි අධිකාරය’ නම් වූ වාණිජ මණ්ඩලය සදහා වෙළද අයිතීන් දෙනු ලැබුයේ 1600දීය. පෙරදිග ඉන්දියා සමාගම ලෙසද හැදින් වූ මෙහි පළමු සහ දෙවන මුහුදු ගමන් සදහා මූලිකත්වය ගෙන ඇත්තේ ‘ජේම්ස් ලැ‍න්කෙස්ටර්’ නම් තැනැත්තායි. තෙවැනි ගමනේ මූලිකත්වය ගත් ‘විලියම් හොකින්ස්’ 1606-1611 දක්වා කාලය තුළ මොගල් රජ මාළිගයේ වාසය සදහා අවසර ලබා ඇත. මින් විද්‍යමාන වන එක් කරුණක් වන්නේ තානාපති සබදතා පාදක කොට ගෙන පෙරදිග වෙළද ඒකාධිකාරය ලබා ගැන්මට ඉංග්‍රීසීන් දැරූ ප්‍රයත්නයයි. නමුත් මොගල් රාජ සභාවේ මෙසමයේ බල පැවැත්වූ පෘතුගිසි ආධිපත්‍ය හේතුවෙන් 1612දී ‘තෝමස් බෙස්ට්’ යට‍තේ පැමිණි නැවු මගින් පෘතුගිසි බලය බිදින තුරු ඉංග්‍රීසිනට සිය ආධිපත්‍ය පතුරුවාලීම අසීරු වී ඇත. මෙම ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙස 1613දී බ්‍රිතාන්‍ය වාණිජිගාරයක් බිහි කිරිමට හැකි විය. මොගල් රාජ සභාවේ වසර තුනක් සේවය කළ ‘සර් තෝමස් රෝ’ ගේ මූලිකත්වයෙන් ගුජරාටයේ වාණිජ අයිතිවාසිකම් ලබා ගැනීමට ඉංග්‍රීසින්ට හැකි විය. එපමණක් නොව අග්‍රා, අහමදාබාද් සහ බ්‍රෝච් නම් ස්ථානයන්හි වාණිජාගාර ඉදි කරම්න් ඉන්දියාව තුළ වෙළද කටයුතු නගාසිටුවාලීමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය.
මෙහි තවත් ප්‍රතිඵලයක් වූයේ 1622දි  ඔර්මුස් අල්ලා ගැනීමයි. මෙතෙක් පෘතුගීසින් සතු වූ වෙළද බලය බිද වැට්ටීමට මෙයද එක් හේතුවක් විය. ඒ අනුව ක්‍රමයෙන් මසුලි පට්ටනම්, දර්මැගන් ආදී ස්ථානයන්හිද වාණිජාගාර පිහිටුවාලමින් ඉන්ග්‍රීසීන් පෙරදිග වෙළද අධිකාරය සියතට ගැනීමට කටයුතු කළ අයුරු දක්නට ලැබේ. මෙහිදී ඔවුනට නාවික බලය මතු නොව යුධමය හැකියාවද බෙහෙවින් ඉවහල් වන්නට ඇත.
ලන්දේසින් සහ ඉංග්‍රීසින් අතර කිසිදු ලෙසකින් සාමදානයක් නොපැවතුණද 1642දි පෘතුගීසි ඉංග්‍රීසි ජාතිකයින් අතර ඇතිවූ තාවකාලික සුහදතාවයේ ප්‍රතිථලයක් ලෙස මදුරාසියේ ශාන්ත තෝම්ගේ පෘතුගීසි බලකොටුව අසළ ශාන්ත ජෝජ් නම් ඉංග්‍රීසි බලකොටුව ඉදි විය. මසුලිපටුන මුල් කරගෙන පවත්වා ගෙන යනු ලැබූ පෙරදිග ඉන්දියා සමාගමේ නව මධ්‍යස්ථානය මෙය බවට පත් කරන ලදි. ඉංග්‍රීසීන් සිය අරමුණ ක්‍රමක්‍රමයෙන් සාක්ෂාත් කර ගනිමින් ලුණු, සීනි සහ වෙඩි ලුණු ආදීවූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සදහාද ඉන්දියාව තුළ

  • මහානදි ඩෙල්ටාව
  • හරිහර පුරය
  • හුග්ලි
  • පැට්නා
  • කොසිම් බසාර්
  • බෙංගාලය

ආදි වු ස්ථානයන්හි වාණිජ මධ්‍යස්ථාන පිහිටුවන ලදී. එතරම් වාණිජාගාර ප්‍රමාණයක් පාලනය සදහා අවශ්‍ය යුධමය බලය මෙන්ම, වෙළදාම සහ හමුදාව නඩත්තුව උදෙසා අවශ්‍ය කළ ආර්ථික සමෘද්ධියද ඉන්ග්‍රීසින් සතු විය.
ක්‍රි.ව. 1630-1631 අතර කාලයේ ඇතිවූ පාරිසරික වෙනස් වීම් මත කපු නිශ්පාදනය ගුජරාටයේ සිට මදුරාසියට වෙනස් වූ අතර ප්‍රධාන වෙළද ද්‍රව්‍යක් වු ‘නිල් අවරිය’ වාණිජ බෝග අතුරෙන් ඉවත් විය. මේ හේතුව මත යුරෝපිය වෙළද කටයුතු නැගෙනහිර ඉන්දියාවේ ස්ථාපිත කීරිමට කටයුතු සැලසිණි. පෙරදිග ඉන්දියා සමාගම කේදවාචකයකට මුහුණ දෙනු ලැබුයේ 1698දී ‘නැගෙනහිර ඉන්දියා කොදෙව්වල වෙළදාම් කරන ඉංග්‍රීසි සමාගම’ වෙත වෙළද ඒකාධිකාරය පැණවීමත් සමගිණි. මෙම සමාගම් දෙක අතර ඇතිවු ගැටළු සදහා පිළියමක් වශයෙන් 1702 දි ‘නැගෙනහිර ඉන්දියා කොදෙව් වල වෙළදාම් කරන ඉංග්‍රීසි වෙළදුන්ගේ එක්සත් සමාගම’ ලෙස මෙම සමාගම් දෙක ඒකාබද්ධ කෙරුණි. එසේම වැදගත්ම කරුණ වූයේ සමාගම යටතේ සේවය කරන සැම නියොජිතයෙකුටම සිය පෞද්ගලික වෙළදාම සිදු කරගෙන යාමේ අයිතිය ලබා දීම සහ ඔවුනට වේතනයක් පිරිනැමිමයි. මෙම වෙළදුන් ඉන්දීය වෙළදුන් ලෙස පෙනී සිට සිය කටයුතු සිදු කළ හැකි වූ හෙයින් සුරාත්, මදුරාසි සහ හුග්ලි යන වාණිජාගාර පමණක් පවත්වා ගනිමින් ඉන්දියාව සහ එංගලන්තය අතර කෙළින්ම වෙළදාම් සිදු කරන ලදහ.
ඉන්දිය කර්මාන්ත අතුරෙන් මුල් තැන ගත්තේ රෙදි පිළි කර්මාන්තයයි. 1757න් පසු විදේශ වෙළදාමේ ස්ථිරසාර වර්ධනය හේතුවෙන් ඉන්දිය ධනය යුරෝපය කරා ගියා පමණක් නොව එහි නව කර්මාන්තයන් ඇරඹීමටද පසුබිම සැලසුණි. අපනයනික වෙළදාමේදී මෙන්ම රට තුළ වෙළදාමේදීද බ්‍රිතාන්‍යයන් ගෙන ගිය අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ඉන්දීය ස්වදේශීය කර්මාන්ත බිද වැටුණි. 1700 සහ 1720 පාර්ලිමේන්තු පණත් මගින් ඉන්දීය පට පිළි සහ කපු රෙදි ඇදීම එංගලන්තයේ තහනම් කිරීමත්, ප්‍රංශ විප්ලව හේතුවෙන් වෙනත් විදේශ වෙළද ප්‍රවාහ ඇහිරි යාමත් ඉන්දිය ස්වදේශීය නිශ්පාදනයන්ට තර්ජනයක් වූ අතර වෙළද සමාගමේ ඒකාධිකාරය මේ උදෙසා ක්‍රියා කළ බැවු පෙනී යයි. තවද 1798 වර්ෂයෙන් පසු කල්කටාවේ නැව් නිශ්පාදන කර්මාන්තයද ව්‍යර්ථ වී ගොස් ඇත.
ඉහත දැක්වූ සියලු සාධක අවධානයට ගැනීමේදි ක්‍රි.ව. 17-18 සියවස් අතර කාලය සලකා බලන කල්හි යුරෝපීය ජාතින් පෙරදිග රටවල සිය දේශපාලන සහ වාණිජ ආධිපත්‍ය පතුරුවාලීමට කටයුතු කළ සියවස්ද්වයක් ලෙස උක්ත කාල සිමාව වඩා වැදගත්කමක් දරන බව විද්‍යමාන වේ.

 

අද්‍යතන සිංහලයා, ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ බුදුදහමේ ආදේශනය

(සිංහලයා යනු කවරෙක්ද, නියම සිංහල කම, දේශීයත්වය සහ අනන්‍යතාව යනු කුමක්ද යන්න යම් තරමකින් හෝ විවරණය කිරිම සදහා මෙම ලිපිය ඉදිරිපත් කරමි)
දේශානුරාගය, ලාංකේය අනන්‍යතාව, බෞද්ධකම ආදි වූ මාතෘකා බොහොමයක් අද්‍යතනයේ බෙහෙවින් විවාදයට පාදක වි ඇති බව දක්නට ලැබේ. නමුත් මෙහි මා ‍බොහෝ විට දකින මුඛ්‍ය දුර්වලතාවයක් වන්නේ සිංහල බෞද්ධකම මුල් කර ගනිමින් අන්‍ය ආගම් සහ ජාතීන් දීන ලෙස හෙළා දැකීමයි. මම විමසන පළමු පැණය වන්නේ මෙයයි…
සිංහල බෞද්ධයා යනු කවරෙක්ද? දමිළ බෞද්ධයන් පිළිබදව ඔබ අසා ඇත්තේද?
දේශානුරාගය තිබිය යුතුය. නමුත් එය අන්තවාදි ලෙස ඔඩු දුවන රෝගයක් බවට පත් වූ කලිහි එයට අනිවාර්ය ‍ඖෂධයක් ලද යුතුය. නැතිනම් ජාත්‍යාලය නැමති රොග නිධානය තමන්ටත්, තම පරපුරටත් විනාශකාරි අනාගතයක් උදා කරවනු ඇත. සිංහලයන් එළාර රජු යටතේ පාලනය නොවුණිද? වසර ගණනක් පුරා උඩරට රාජධානි සමයේ දක්ෂිණ ඉන්දීය නායක්කර් රජ පරපුර යටතේ පාලනය නොවුණිද? මෙරටට රජවරු නැති වූ කල්හි විදේශීය නරපතීන් මෙරටට ආනයනය නොකළෝද?
අප කවුරුත් දන්නා විජය, පණ්ඩුකාභය, නිශ්ශංකමල්ල…. මෙකි නොකී නරපතීන් මෙහි ආවේ කොහි සිටද?
අද ලාංකේය බෞද්ධකම හිස මතට ගෙන ගිගුරුම් දෙන බහුතරයක් පිරිස් එදාද සිටියේනම්, මෙම රජවරුන් එතරම් කල් අප රටට නායකත්වය දෙනු ඇත්ද?
මා දකිනා සිංහලකම වන්නේ සැම එක්ව එකාවන්ව ජීවත් වීමයි. බෞද්ධකම වන්නේ සමානාත්මතාවය, ධාර්මිකත්වය, සහජිවනය වැනි වු දහසකුත් සමාජ වැඩදායී ගුණාංගයි. නමුත් ජාතියේ අභාග්‍යයකට දෝ මෙවන් ආකල්ප සිග්‍රයෙන් අප සමාජයෙන් තුරන් වී යමින් පවතී. අප ඉදිරි පරපුරට මෙම ඇතැම් පිරිසකගේ ආදර්ශයෙන් සම්ප්‍රේෂණය වන්නේ වෛරය, ක්‍රෝධය, ලේ පිපිසාව, අමනෝන්‍ය දුර්මත පිරුණු ආකල්පයන් වීම අභාග්‍යයකට කරුණකි.
මා ඔබෙන් අසන දෙවැනි පැණය වන්නේ ‍මෙයයි,
මිත්‍රවරුණි, සැබෑ දේශීය අනන්‍යතාවන්, අනාදිමත් කාලයක පටන් පැවතෙන හෙළ සංස්කෘතික නැමියාවන් ඔබට අර්ථ දැක්විය හැකිද?
මෑත වර්ෂයක කොළඹදී මා සහභාගි වූ ත්‍යාග පුධානෝත්සවයක් නිමිත්තෙන් පැවැත්වූ නරථන අංගයකදී අපගේ ආච්චි අමිමා කෙනෙකු පැවසූ අදහස මම ඒ ආකාරයෙන්ම, ඇයගේ අව්‍යාජ වචනයෙන්ම මෙහි ගෙනහැර දක්වමි. ඒ මෙසේය,
‘….නොදකින් මේ තේඋඩිච්චියෝ ටික විළිසංගයක් නැතිව පුක පෙන්නගෙන නටන හැටි…’
ඇය දකිනා සමාජ සාරධර්ම පද්ධතියෙන් පරිබාහිර වූ එම පාසල් සිසුවියන්ගේ නර්ථනය ඇයට අප්‍රියකර දර්ශනයක් වූයේ ඒ අයුරිනි. නමුත් යම් තරමකින් හෝ අධ්‍යාපනය ලද අප අතර වෙසෙන ඇතැම් පිරිස් අද්‍යතනයේ එළි දකින කලා නිර්මාණ වේවා සමාජ සංසිදිධි වේවා අර්ථ දක්වන්නේ උක්ත ආච්චි අමිමාටත් වඩා මුග්ධ අයුරින් වීම කාගේ වරදදැයි නොදනිමි. නමුත් ඔබ දන්නවාද? යාපහුව කැටයම් අතර ඇති කාන්තා නර්තන පෙරහැර. මේ නර්තන පෙරහැරේ කාන්තාවන් කරනම් ගසමින්ද යන බව ඔබ දැක තබෙනවානම් අද සමාජයේ කාන්තා නර්තන ප්‍රසංග හෝ වෙනත් එවැනි අවස්ථා අත්තනොමතික විවේචනයට ලක් කළ යුතුදැයි යන්න ගැටලුවකි.
තවද කලා කෘතියක් දුටු විට එහි නිර්මාණාත්මක බව හෝ වෙනයම් ගුණාංග, දෝශ ඇතොත් කලාව පිළිබද කරන විග්‍රහයකින් එය රසවිදිනු හෝ විචාර විවේචන කරනවාට වඩා යම් යම් මිණුම් දඩු තුළ බහා කරන අර්ථ දැක්වීම් යුක්ති යුක්තදැයි අසනු කැමැත්තෙමි.
උදාහරණයක් ලෙස චිත්‍රපටයක්, ගිතයක්, සිතුවමක් ආදී වූ කුමන හෝ කලාංගයක් විචාරයේදී….
‘…..මෙය සිංහල කමට කරන නිගරුවක්, මෙය ජාතිය කෙළසා ‍දැමීමක්, බෞද්ධකම හෙළා දැකීමක්…’ ලෙස ඒකීය රාමුවකට කොටු වූ සිමාවක සිට විග්‍රහය සාධාරණීකරණය කළ හැකිද යන්න ගැටලුවකි.
අප සිගිරි සිතුවම් අර්ථ දක්වන්නේ කෙළෙසද? … රාජ්‍ය ලරිපාලන සේවා තරග විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක අසා තිබුණු ප්‍රශ්නයක් දැක මට මාගේ ජාතිය කෙරෙහිම කළකිරිමක් ඇති විය. එහි අසා තිබුණේ
‘ඉන්දියාවේ අජන්තා සිතුවම් වලට සමාන සිතුවම් මෙහි හමුවන්නේ කවර ස්ථානයකද….’ යන ලෙසයි.
සීගිරි සිතුවම් තුලින් දේශීයත්වය නොදකින අප රටේ ඇතැම් අති පණ්ඩිතයන්, සිංහල කම, බෞද්ධකම, දේශීයත්වය කතා කිරිමට කට සෙලවීම පවා ජාතියට කරන නිගරුවක් ලෙස මම දකිමි.
මාගේ තෙවැනි පැනය මෙයයි,
ඔබට ප්‍රේමයෙන් මුසපත්වී පෙම් කළ හැකියි, ඔබ ගැහැණියක් නම් පිරිමියකු සමගද, පිරිමියෙක් නම් ගැහැණියක සමගද, නොමැතිනම් ස්ව ලිංගිකයෙකු සමගද ඔබට එක්විය හැකියි. නමුත් එය අශිෂ්ටත්වයකින් තොරව සමාජ කතිකාවතක් ලෙස කරළියට පැමිණීමේදී ඔබ එවන් දේ එළිපිට කතා කරනා පුද්ගලයින් දෙස වපරැසින් බලා සමාජය කෙළසන්නන් ලෙස ඔවුන්ට ගරහනු ලබන්නේ ඇයි?
මැතකදී මා ඇසූ විහිළු සහගතම කතාව වන්නේ පැරණි සාහිත්‍ය කරුවන් ලිංගිකත්වය එළිපිට කතා කොට සිංහල බෞද්ධකම වැනසූ බවට කෙනෙක් කළ ප්‍රකාශයයි.
මා ඔහුගෙන් අසන්නේ ඔහු දන්නා සිංහල බෞද්ධකම කුමක්ද යන්නයි. (මට හැගෙනා පරිදි ඔහුගේ බෞද්ධකම වන්නේ උක්ත සංසිද්ධි සැගවී සිට රස විදීම හෝ හොර රහසේ කතා කිරිමයි.) යමෙක් එවන් ප්‍රකාශයක් කරන්නේනම්, ලාංකේය විහාර කර්මාන්ත කොපමණ සංඛාවක, මිනිසුන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතා සිතුවමට, කැටයමට නගා තිබෙනු ඇත්දැයි විමසා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තවද අවිචාරවත් ලෙස මෝහයෙන් කරන වැළදගැනීම් වලින් මිදී දෑස් ඉදිරියේ බැදි කඩතුරා මුදා සමාජය දෙස දෑස් විදහා බලන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි.
ඔබට සංස්කෘතිය යන්නට නිශ්චිත විවිරණයක් දිය හැකිද?
ලොව පුරා මා යම් තරමක් හෝ අධ්‍යයනය කළ සංස්කෘතින් විමසීමේදි පැහැදිලිව විවිරණය වූයේ එම එකිනෙක සංස්කෘතින් කාලානුරූපව නොයෙක් සමාජ ගට්ඨනයන් මත වෙනස් වීම් වලට ලක්වූ බවයි. අප හිස් මුදුනේ තබා කෑ මොර දෙන අප දේශීය සංස්කෘතියද මෙලෙස ස්වභාවනයන්ම වෙනස් වු බව ඔබට පවසනු කැමැත්තෙමි. එය එසේ නොවේනම් රොබට් නොක්ස් සිය ග්‍රන්ථය මගින් ලොවට හෙළි කළ අප රටේ නූතනම විවරණය අනුව තවමත් අප සමාජය එකී සංස්කෘතියේම හවුල් කරුවන් වනු ඇත. නමුත් කාලය, වෙනත් පරිබාහිර සබදතා සහ අධාපනය මත අප අද බොහෝ දුර පියමං කර ඇත.
අද්‍යතනයේ දේශියත්වය රැකගැන්ම උදෙසා ඇතිවී කිබෙන සුවිසල් ප්‍රයත්නයන් අගය කරමු. නමුත් ඇතැම් පිරිස් මේ මුවාවෙන් අවුළුවන්නට යන ජාති ආගම් භේදයන් නිසැකවම පිටු දැකීම බෞද්ධ වූ සිංහල වූ අප අතින් ඉටු විය යුතු ආවශ්‍යයික මෙහෙවරක් වන්නේය. අන් ආගමිකයින් හෙළා දැකිය යුතු බව බුදුරජාණන් වහන්සේ කිසි තැනක දැක්වූ බමක් මම නොදනිමි. උන් වහන්සේගේ දේශනය වූයේ සමානාත්මතාව, සහජීවනය, අල්පේචිඡ බව… ආදීවූ දහසක් වු ඉගැන්වීම් බව කියනු කැමැත්නතමි.
එසේම කිසිවකට ගැති නොවී නිවහල් චින්තනය තුලින් සමාජ යහපැවැත්ම යන්න අර්ථාන්විතව අවබෝධ කර ගන්නේ නම් මෙවන් විවාද විචාර කිසිවකින් තොරව යහපත් සමාජයක් නිරායාසයෙන් ඇති කර ගැනිමේ හැකියාව බොහෝ දුරට පවතින බව කිව හැකිය.

 

ක්‍රි.ව. 17-18 සියවස්වල යුරෝපියයන්ගේ ඉන්දියානු වාණිජ කටයුතු (1 කොටස)

බටහිර ජාතිකයො පෙරදිගට පැමිණීමේ ප්‍රධානතම අරමුණක් වුයේ ඔවුන්ගේ වාණිජ කටයුතුයි. ඒ සදහා අවශ්‍ය පසුබිම, විශේෂයෙන් වෙළද ද්‍රව්‍ය ආසියාතික රටවල සුලභ විය. එහෙයින් ඉන්දියන් සාගරයේ වෙළද ඒකාධිකාරය ලබා ගැනීම උදෙසා බටහිර ජාතීන් අතර දැඩි තරගයක් විය. පෘතුගිසීන් සතු වූ වෙළද ඒකාධිකාරය ක්‍රි.ව. 1595දි ලන්දේසීන් විසින් පැහැර ගැනීමෙන් පසුව ඉන්දිය ප්‍රදේශ තුළ වෙළදාමේ ප්‍රමුඛත්වයට පත් වීමට විවිධ යුරෝපිය ජාතීන් දැරූ ප්‍රයත්නය 17-18 සියවස් අතර සිදුවු සුවිශේෂී සිදුවීම් ඇසුරෙන් පැහැදිලි කළ හැකිය. පෙරදිග ඉන්දිය වෙළද සමාගම සදහා යුරෝපීයන් තුළ තිබූ මෙම දැඩි තරගකාරිත්වයට ප්‍රධානම හේතුව වූයේ මෙම රටවල උපදින ගම්මිරිස් ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය කුළුබඩු වර්ගයි. මේ හේතුව මත උක්ත කාල පරාසය තුළදී ලත්දේසි, ප්‍රංශ, ඩෙනිශ්, බ්‍රිතාන්‍ය ආදි ජාතීහු ඉන්දීය පාලකයන් වෙත තානාපතීන් එවා සබදතා ගොඩනගා ගැනීම මගිනුත්, ප්‍රදේශ යටත් කර ගැනීම මගිනුත්, වාණිජාගාර පිහිටුවා ගැනීම මගිනුත් ඉන්දියාව තුළ තම ඒකාධිකාරය ගොඩනගා ගැනීමට දැරු ප්‍රයත්නයන් වාර්තා වේ.

පෘතුගිසින් සතු වූ පෙරදිග වෙළද ඒකාධිකාරය ලන්දේසින් විසින් පැහැරගනු ලැබු පසු ක්‍රි.ව. 1602 දි නෙදර්ලන්ත එක්සත් පෙරදිග ඉන්දියා සමාගම අරඹන ලදී. වෙළද ඒකාධිකාරය සදහා මෙම එකිනෙක රටවල් අතර බල අරගලයක්ද විය. එමි ප්‍රතිඵලයක් ලෙස පළමුව සිදුවූයේ පෘතුගීසීන් යටතේ තිබූ මොලුක්කා දිවයින මොවුන් විසින් පැහැර ගනු ලැබිමයි. ඒ අනුව 1641 වර්ෂයේ දී මලක්කාවද ලන්දේසි ප්‍රහණයට නතු විය. තත්කාලිනව ජනප්‍රිය වාණිජ බෝග වැවුණු ශ්‍රී ලංකාවද 1638-1658 කාල පරාසය තුළදී ඔවුනට නතු විය. ලන්දේසි වාණිජ කටයුතු වඩා වර්ධනය කිරිමෙහි ලා දායක වූ පුද්ගලයින් අතුරෙන් බතාවියාව පිහිටවූ කෝආන් නම් අද්මිරාල් වරයාට සුවිශේෂීත්වයක් හිමිවේ. ඔහුගේ මුලිකත්වයෙන් නැගෙනහිර ඉන්දියා කොදෙව් වලින් බ්‍රිතාන්‍යයන් එලවා දැමුවද, ඒ වෙනුවට ඉංග්‍රීසීන්ගේ අවධානය වැඩි වාණිජ වටිනාකමක් සහිත බෝග උපදවන අග්නිදිග ආසියාතික රටවලට යොමු විම ලන්දේසින් ලද පරාජයක් විය.
ලන්දේසින් ලබා ගත් බෝග සදහා මුදලින් ගෙවීම ඔවුන්ට අසීරු වු නිසාත්, මලයානු ප්‍රදේශ වල කපු සදහා ඉල්ලුමක් තිබුණු නිසාත් ඉන්දිය හා අරාබි වෙළදුන්ගෙන් කපු වෙළදාම පැහැරගත් ලන්දේසිහු බෝග සදහා මුදලින් නොව, කපු වලින් ගෙවිම ආරම්භ කළහ. මේ අතර ක්විලොන්, කැඤ්ඤනොර්, කොචින් යන ප්‍රදේශ අල්ලා ගනිමින් පෘතුගිසින් පලවා හැරීමටද කටයුතු කළහ. මෙහිදී නාග පටුන ඉන්දියාවේ ලන්දේසි මධ්‍යස්ථානය බවට පත් තිරිමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ වෑන් ගෝආන්ස් බව කියැවේ. ලන්දේසි නාවික ශක්තිය, ඔවුන්ගේ වාණිජ අධිකාරයේ නැගිමට බෙහෙවින් ඉවහල් වූ බව පෙනි යයි. විශේෂයෙන්ම අන්තර් ජාතික වෙළදාමේදී ලාභ ලැබීමට, ප්‍රදේශ ව්‍යාප්තියට දක්ෂ නාවික බලයක් වමන්ම හමුදා ශක්නියක්ද අත්‍යාවශ්‍ය විය. නමුත් මෙකි බලය 18 වන සියවසේදි ලන්දේසීන් අතින් ගිලිහි යාම නිසා 1759 දී ඔවුන් පරාජයට පත් විය. 1781දි ලන්දේසින් හා ඉන්ග්‍රීසින් අතර ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස නාග පටුන සහ ත්‍රිකුණාමල වරායද ඔවුනට අහිමි විය. 18 වන සියවසේ අග භාගය පිළිබද අවධානය යොමු කරන කල්හි, බ්‍රිතාන්‍යයන් අතට යොමු වෙමින් පැවති පෙරදිග ඉන්දීය වෙළද සමාගම නැවත සියතට ගැනිමට ලන්දේසීන්ට නොහැකි වූ බව පෙනී යයි.
ප්‍රංශ ජාතිකයින් 1664 දි ලා කොම්පඤ්ඤ ඩෙස් ඉන්ද් නම් සිය සමාගම පිහිටුවන අවධිය වන විට ඩෙනිශ් වරු මෙන්ම බ්‍රිතාන්‍යයන්ද ඉන්දියාව තුළ තම වෙළද ජනපද පිහිටුවා තිබුණි. එසේම මොවුන්ට උක්ත ජාතින් තරමටම තම බලය ඉන්දියාව තුළ ව්‍යාපුත කිරීමේ හැකියාවද නොපැවතිණි. ප්‍රංශවරු තුළ තිබූ මන්දෝත්සාහි ගතියද මෙයට භාදකයක් විය. කොල්බෙයර් හා ප්‍රොන්සුවා මාර්ටින් යන දෙදෙනා ඉන්දිය වෙළද ඒකාධිකාරය ගොඩනැංවිමට කටයුතු කළ ප්‍රංශ ජාතිකයින්ය. 1673දී ඉන්දියාව තුළ ප්‍රංශ ජනපද වල කේන්ද්‍රස්ථානය ලෙස පොන්ඩිචෙරි නගරය ඉදි කිරීම උදෙසා කැපවී ක්‍රියා කිරීමේ ගෞරවය හිමි වන්නේ ප්‍රොන්සුවාටයි. සුරාත්, මසුලිපටුන, කැලිකට්, මාතේ, කාරිකාල් හා චන්දාර් යන නගරයන්හි ප්‍රංශ වාණිජාගාර ඉදි විය.
ඩෙනිෂ්වරුන්ද සිය වෙළද අධිකාරය ඉන්දියාව තුළ පතුරුවමින් කටයුතු කළද ප්‍රංශයින් මෙන්ම සැලකිය යුතු තරම් වාණිජ මැදිහත්වීමක් ඔවුන්ගෙන්ද සිදු නොවූ බවට සාධක ලැබේ. ක්‍රි.ව. 1616දී ඩෙනිශ් පෙරදිග ඉන්දීය වෙළද සමාගම පිහිටුවනු ලැබිය. ට්‍රැන්ක්විබාර් හා සොරාම්පුර් යන ස්ථානයන්හි 1620 දි හා 1755 දී ඔවුන් සිය වාණීජාගාර ඉදි කළද ඉන්දියාව තුළ වෙළද කටයුතු වල සාර්ථකත්වයක් අත් කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. මේ අතර 18 වන සියවස තුළදි ඇතැම් අවස්ථාවන්හි ඔස්ත්‍රියානු පෙරදිග ඉන්දිය සමාගම් දෙකක් හා ස්විඩිෂ් පෙරදිග ඉන්දියා සමාගමක් පිහිටුවීම උදෙසා බලපත්‍ර නිකුත් කෙරුණද මේ සැමෙකක්ම ඉතා ඉක්මනින් ව්‍යර්ථ වි යන ලදී.

ඉතිරිය දෙවන කොටසින් බලාපොරොත්තු වන්න……

 

ගැහැණිය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මම…. මගේ කුමාරයා එනකන් බලන් හිටියා……..

ඉස්සර වගේම මහ රෑ මගේ කාමරේ ජනේලෙන් පෙනෙන පොල් අත්ත අස්සෙන්… හද පායගෙන එනකන් රෑ දෙගොඩහරියේ නිදි නැතිව මම අද වෙනතුරුත් බලන් හිටියා. අන්දකාර අහසට හද වගේ මගේ වස්තුව, මගේ කාමරේ එළිය කරන්න වඩිනකන්….. ඒ කාලෙ මම කොයි තරම් පිස්සියක් උනාද? මම හදෙන් දැක්කෙ ඔයාවමයි. ඒකයි මම රෑ දෙක තුන වෙනකන් වුණත් හද මගේ ජනේලෙට පිටින් පායනකන් බලන් හිටියෙ…. හැම කවි කාරයම, හැම නවකතා කාරයම, හැම කෙටිකතා කාරයම වගේ මමත් ඔයාව පුරුද්දට හදට උපමා කරනව නෙවෙයි. හදට කටක් තියනවනම් ඇත්තම කියාවි. මේ ඇද උඩ ඒ මේ අතට කැරකි කැරකි මේ දක්වා කාලයක් මගේ ඇස්දෙක හදේ නැවතුණ හැටි හැම රෑකම.
තත්පරෙන් තත්පරේ ගෙවිලා ඒ තත්පර ගණන කෝටි ගණනකින් වැඩි වෙලා… ලස්සනට තිබුණු මගේ තොල් තෙත් කරපු එයාගෙ ඒ තෙත්බර උණුහුම ආයෙමත් මගේ තොල් වලට දැනෙන දවසක් එනකන් මම කොයි තරම්නම් හූල්ල හූල්ල හිටියද? ඒ ඇගිලි මාව කිතිකවාගෙන, මා පුරාම… හැමතැනම දුවවද්දි දැණුනු හිරිය ආයෙමත් දැනෙන දවසක් එනකන්….
පංතියට නොයා අර කැළෑ පාරවල්වල කළුවර අහුමුළුවල අපිම හොයාගත්තු අපේ තාවකාලික දිව්‍ය විමාන ඔයාට මතකද? කෑඩැල්ලො තෙල්කූඹි… අපේ ආදරේට වේදනාවෙ මිහිරි රහක් එක් කරද්දි අපි දෙන්න අපේ සිරුරු දෙක එකක් කරගත්තු තහනම් විරාමයන්….
ඔයා මගේ ජීවිතේට එක්කරපු ඒ නොමැකෙන මිහිර, ඔයා මගෙන් දුරස් වුණාට පස්සෙත් මම හොයන්න උත්සහ කළා කීවොත් මගේ වස්තුව කරහ වෙන්නෙ නැතිවෙයි නේද? එකින් එක මට ලං වුණු හැම පිරිමියෙකුගෙන්ම… ඒත් නොවැරදීම මම ඔයා මගෙ ජනේලෙට පිටින් පායගෙන එනකන් බලන් හිටියා. ඔයා දන්නවද….. ඔයා නාව දවසට මම පිස්සියක් වගේ… ඒ තරමටම මට මාව පාලනය කර ගන්න බැරි මොහොතක් තවත් නෑ. කවුරු මට පණ දෙන්න ආවත්, ආදරේ කළත්, ඒ අයගෙ අවශ්‍යතාවයට විතරක්ම ළං වුණත්… ඔයා දුන්නු ඒ ආදරේ මට කවදාවත් තව කෙනෙකුගෙන් ලැබුණෙ නෑ. බිදවැටුණු අපේක්ෂා ගොඩක් පුරවගත්තු මගේ පපුවට උඩින්, රත් වුණු දාඩිය පුළුටු ගදකුත්, කවුරුහරි මිනිහෙක්ගෙ මහ බරකුත් තියාගෙන සිගරට් දුම අතරින් ඇස් යව යව මම හෙව්වෙ ඔයාවමයි. මට උඩින් ඉන්න ඒ මිනිහගෙ රස්නෙට වඩා මාව පිච්චුවේ මගේ පපුවෙ අහුමුළු සේරම අවුස්ස අවුස්ස දැල්වුණු ඔයා අවුලුවපු ඒ ගින්න කියල මම තත්පරයක් පාසා වඩා හොදින් අවබෝධ කර ගත්තා.
සමාජ මට්ටම, උගත් බව, නම්බුව, කීර්තිය, ප්‍රසිද්ධිය… මගේ වටේ කැරකෙන්න පටන් ගත්තු මගේ ජීවිතේ මුල්ම කාලෙම මාව කාලකන්නි ගෑණියෙක් කළා, ඒ හැම දෙයක්ම එකට එතිල මගේ අම්මලාගෙ ඔළුවෙ යක්ෂයා අරක්ගත්ත නිසා. ඒ ඔයාව මගෙන් උදුරගත්තු මගේ ආත්මය මට තැතිවුණු දවසෙ. මම මැරුණු ගෑණියෙක් වුණු දවසෙ.
අද ජනේලෙට පිටින් හදත් පායලා. පොල් ගහ දැන් ලොකු නිසා කරදරයක් නැතිව හද රවුමට බලාගන්න පුළුවනි. ඔයා… මගෙ වස්තුව මා ගාව ඉන්නව, එදා වගේම දිස්නයක් නැතත් ඒ ඇස් දෙකේ පතුලෙ මගේ රැළි වැටුණු හමේ වේලිච්ච ප්‍රතිබිම්බයක් ඇදගෙන… අද මට කට ඇරල වචනයක් කියා ගන්නත් කොච්චර වෙලා යනවද? කොයි තරම් මහන්සියක්ද….? ඒත්.. ඒත් අවුරුදු ගානක් මගෙ හිතේ ඔයා වෙනුනවන්ම ගෙතුණු, ඒත් හිත ඇතුළෙම පල් වෙවී තිබුණු කතා සේරම මම ඔයාට කොහොමහරි කියන්න ඕන. මගේ ඉස්සරහ සැලුණු ඔයාගෙ එත ඇහි පිල්ලමක් ගානෙ ම‍ගේ හිතේ ඔයා වෙනුවෙන් ඇති වුණු ආදරය මම කියන්න ඔන… මට තව කාලයක් නෑ… මම හුගක් වයසයි ඔයා වගේම දැන්.
ඔයා ඔහොම මගේ දිහා බලන්න එපා. මට තේරෙනව… ඔයාටවත් මටවත් අපේ පුංචි කාලෙට ආය යන්න බැරි බව… ඇයි ඔහොම අහක බලා ගන්නේ…?
මගේ වස්තුව… එක දෙයක් කරනවද… මම හිතන්නෙ අපට දැන් ඉතිරි වෙලා තියෙන්නෙ එච්චරයි…
ඔයා ‍ආයෙමත් එනකන් කියල, බොහොම අමාරුවෙන් දෙයියන්ගෙන් ණයට අරන් තියා ගත්තු මගේ මේ අන්තිම හුස්ම පොදවත් ඔයාගෙ පපුවට වැටෙනකම් මාව තුරුල් කරගෙන ඉන්නවද…?

 

ග්‍රීක ප්‍රතිමා ඉදිවීම කෙරෙහි බලපෑ සාධක සහ ප්‍රතිමාවන්හි වස්තුවිෂය

Image

ග්‍රීකවරු ප්‍රතිමා ගොඩනගනු ලැබූයේ සිය ආගමික අවශ්‍යතා සපුරා ගැනීම පිණීසයි. ඔවුන්ගේ මූලික අභිප්‍රාය වූයේ මෙය වන අතර ඔවුන්ගේ දේවස්ථාන විමර්ශනයේදී මේ බැව් වඩාත් තහවුරු වේ. ඔවුන් ඉදිකළ ප්‍රතිමා දේවස්ථාන සැරසීම පිණිස යොදාගත් බවට සාධක රැසක් හමුවේ. එක් එක් දේවස්ථානයන්හි ඒ ඒ දෙවියන් උදෙසා ඉදිකළ ප්‍රතිමා Naos හෙවත් Cella ලෙස හදුන්වනු ලබන් ඇතුළු කොටසේ තැන්පත් කර තිබිණි. Archaic යුගයෙන්ද මේ බව නිදර්ශනය වේ.
තවද යම් ප්‍රභූ පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවේදී ඔහුගේ හෝ ඇයගේ සොහොන මත එම මිය ගිය පුද්ගලයාගේ ප්‍රතිමාවක් හෝ සංකේතාත්මක ලෙස වෙනත් මිනිස් ප්‍රතිමාවක් ස්ථානගත කර තිබුණු ආකාරය හදුනා ගත හැකිය. මෙය ඔවුන් සුසාන ආශ්‍රිතව යම් චාරිත්‍රයක් ලෙස සිදු කළ ආකාරයත්, එය එවක සමාජයේ පැවති යම් සිරිතක් ලෙසත් හදුනා ගැනීමට ශේෂ වූ ප්‍රතිමා සාධක සපයයි.
මීට අමතරව සංවිධිත වූ ග්‍රීක නගරවල පවතින ඉතා වැදගත් ස්ථානයක් ලෙස හදුනා ගන්නා Market place, Agora ලෙස හදුන්වන ස්ථානයන්හිද හුදු අලංකරණය උදෙසා සමාජයේ විසූ ප්‍රභූ පුද්ගලයි‍න්ගේ ප්‍රතිමා නෙළා තැබීමේ සම්ප්‍රදායක් පැවතී ඇත.
ආරම්භක අවධියේ සිටම දේවස්ථානයන්හි දෙවියන් උදෙසා පූජාවන් ලෙස විවිධ පුද්ගලයින්ගේ ප්‍රතිමා නෙළීමේ සම්ප්‍රදායක් මෙන්ම ර්‍කීඩා, යුධ ආදී ජයග්‍රහනයන් සැමරීම සදහා ජය ගත් හෝ ජය ගැනිමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රතිමා ඉදි කිරීමේ සම්ප්‍රදායක්ද හදුනා ගැනීමේ හැකියාව ඇත. මේ අනුව ඉහත සදහන් අවස්ථා උදෙසා ප්‍රකිමා නිර්මාණය කිරීමේ පැහැදිළි නිදර්ශන Archaic හෙවත් පුරාතන යුගයේදීද හදුනා ගත හැකිය. එසේම මෙම යුගයටම ආවේණික වූ විශේෂතා හේතුවෙන් එසමයේ පැවති සුවිශේෂීත්වය ඉස්මතු වේ.
Archaic යුගයේ ප්‍රතිමා කර්මාන්තය උදෙසා වස්තුවිෂය වූ කරුණු සැලකූ කල වෙනත් අවධීන්හි මෙන් එය දෙයාකාර බව පැහැදිලිව පෙනී යයි.
1. දෙවියන් හෝ වීරවරයන් දැක්වෙන ප්‍රතිමා.
2. සමාජයේ වෙනත් අවස්ථා හෝ දෛනික ජීවිතය දැක්වෙන ප්‍රතිමා.
උක්ත ප්‍රතිමා ඉදි කිරීමට යොදාගත් මාධ්‍ය අතර ප්‍රධාන වශයෙන් කිරිගරුඩ, මැටි, වැලිගල්, ලී, රත්රන්, ඇත්දළ, ලෝහ වර්ග ආදිය දැක්විය හැකිය. මේ අතුරින් දැනට ශේෂ වී ඇති නිදර්ශනයක් ලෙස Archaic යුගයේ ඉදිකළ නිර්මාණ බහුතරය හමු වන්නේ කිරිගරුඩ පාෂාණ මාධ්‍යයෙනි. ස්වරූපය අනුව මේවාද කොටස් දෙකකි.
1. Kouros – පිරිමි ප්‍රතිමා.
2. Kore – කාන්තා ප්‍රතිමා.

Archaic Period-
Early Archaic Period
Middle Archaic Period
Later Archaic Period

Image

 

පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් සහ Ahar සංස්කෘතිය 3

පූර්ව ලිපියට

02
Ahar Culture
(අහාර් සංස්කෘතිය)

වත්මන් ඉන්දියාව තුළ හමුවන පැරණිතම කැල්කොලිතික සංස්කෘතියක් පැවති ස්ථානයක් වශයෙන් මෙම ක්ෂේත්‍රය සුවිශේෂී වැදගත්කමක් දරන බව ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. එසේම Banas නදිය ආශ්‍රිතව ව්‍යාප්ත විම මත Banas Culture යන නමින්ද හදුන්වයි. මෙම නදිය පාදක කොටගෙන ගිනිකොන දිග රාජස්ථානයේ Ahar සහ Gilund නමින් කැල්කොලිතික ‍ක්ෂේත්‍ර දෙකක් හදුනාගෙන තිබේ (Chakrabarti, 1995).

02.01
ක්ෂේත්‍රයේ පිහිටීම

කතියවෝර් සිට 300 km ගිනිකොන දිග ප්‍රදේශයට වන්නට, අරවල්ලි ප්‍රදේශයට නැගෙනහිරින් Banas නදිය මුල් කරගෙන මෙම ක්ෂේත්‍රය පැතිරී ඇත (Allchin, 1996). එසේම මෙය වත්මන් රාජස්ථානයේ Udaipur දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට හදුනාගත හැකිය. එහිදි මීට වසර 4500කට ප්‍රථම කාලයකදී මෙම සංස්කෘතිය පිළිබද සාධක දක්නට ලැබෙන අතර කාබන් කාලනීර්ණ අනුව රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ ක්‍රි.පූ. 3500 – 1800 දක්වා කාල පරාසයක් තුළ මෙම සංස්කෘතිය පැවති බවට සාධක ලැබේ (www.india-today.com).

විශේෂ වැදගත්කමක් ලෙස දැක්විය හැකි වන්නේ ගංගා නිම්න භූමියක් පදනම් කරගනිමින් මෙකී සංස්කෘතිය ව්‍යාප්ත වී තිබිමයි. ඒ අනුව ජනාවාස පිහිටුවා ගැනීමේදී මෙම ජනයා ජල මූලාශ්‍ර වෙත ප්‍රධාන අවධානයක් යොමු කළ ආකාරය පෙනී යයි. තවද, දැනට පාකිස්ථානයේ පවතින හරප්පා සභ්‍යත්වයට යම් තරමක් සමීපස්ථව ‍උක්ත සංස්කෘතිය පැතිරී ගිය ක්ෂේත්‍රය දක්නට ලැබෙන බැවින් එම ප්‍රදේශද්වය අතර සබදතා පැවතියේද යන්න කෙරෙහි, මෙහි පිහිටීම අනුව විමසා බැලීමේ හැකියාව ලැබේ.

තවද කැල්කොලිතික සාධක හමුවන ඉන්දීය ප්‍රදේශ ලෙස Udaipur වලට අමතරව Chitorgarh, Bhilwara, Ajmer, Jaipur, Tonk in Rajasthan, Mandasore in Madhya Pradesh ආදී ස්ථාන නම් කළ හැකි අතර Udaipur හි Ahar ක්ෂේත්‍රය වැදගත් වන්නේ පැරණිතම සාධක හමුවීම මතය.

Ahar ක්ෂේත්‍රය පිළිබද දක්වන්නේ නම්, මෙහි ග්‍රාමීය ප්‍රදේශ අනූවක පමණ එම සංස්කෘතික සාධක හමුවී ති‍බෙන බව දැක්විය හැකිය. රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ Ahar ප්‍රමුඛව වැජඹුණු බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබේ. මෙහි ව්‍යාප්තිය දෙස බැලීමේදී නැගෙනහිර අරවල්ලි සානුවල සහ Banas ගංගාව දිගට මෙන්ම එහි අතු ගංගාවල මෙම ක්ෂේත්‍රය පැතිරී ගිය බවට සාධක ලැබේ.වත්මන් රාජස්ථානයේ,

Udaipur
Chittorgarh
Dungarpur
Bhiwara
Rajsamand
Bundi
Tonk
Ajmer
ප්‍රදේශ ආශ්‍රිතව වර්ග කිලෝමීටර 10,000ක පමණ භූමි ප්‍රමාණයක මෙම සංස්කෘතික සාධක දක්නට ලැබේ. මෙකී ක්ෂේත්‍රවල පැතිරිම අනුව ගිනිකොණදිග රාජස්ථානයේ සහ මධ්‍ය ප්‍රදේශ් ආශ්‍රිතව මෙහි ව්‍යාප්තිය පෙනී යයි (www.india-today.com).

02.02
chronology
කාල නීර්නය

වර්තමාන උදායිපූර් ප්‍රදේශයෙන් හදුනාගනු ලබන මෙම සංස්කෘතිය මීට වසර 4500ක පමණ ඉතිහාසයකට අයත් බව පැවසේ. කාබන් කාලනීර්ණයන්ට අනුව රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ 3500-1800 B.C. සමය අතර කාල පරාසයක් තුළ Ahar සංස්කෘතිය පැවති බව පිළීගැනේ. Mewar හි පළමු අදියරයන් හරප්පානු යුගයටත් වඩා ර්‍පර්ව කාලීන වීම සැලකිය යුතු ලක්ෂණයකි (www.india-today.com).

පොදුවේ ගත් කල්හි, Ahar සංස්කෘතිය යුගකරණය අනුව හරප්පානු වකවානුව හා සම කාලයට මෙන්ම ඊට පසු කාලයටද අයත් වන බව පෙනී යයි (Allchin, 1996). තවද, කෙසේ වෙතත් මෙම යුගද්වය,

  • Proto Historic – 2600-1500 B.C.
  • Early Historic – 500-300 B.C.

ලෙස වර්ගීකරණයට ලක් කොට තිබේ. මෙහිදී කැල්කොලිතික අවස්ථාව ලෙස හදුනාගන්නේ පෙර කී පළමු යුගයයි. එය, හමුවන මැටි මෙවලම් මත නැවත වර්ගීකරණයකට ලක් කොට තිබේ.

1A – 2600-2150 B.C.
1B – 2150-1950 B.C.
1C – 1950-1550 B.C.

උක්ත කාලනීර්ණ පදනම් කර ගනිමින් සහ Ahar හි කැණීම්වලින් හෙළිවන සාධක භාවිතයෙන් මෙම සංස්කෘතිය හරප්පා සභ්‍යත්වය සමග සබදතා පැවැත්වීද යන ගැවළුව මතු වී ඇත. මෙහිදී උපයුක්ත වන කාලනීර්ණ ක්‍රම සැලකීමේදී,

  • සාපේක්ෂ කාලනීර්ණය
  • නිරපේක්ෂ කාලනීර්ණය

යන අංශද්වයම භාවිත කළ හැකිය. මීට එක් නිදර්ශනයක් ලෙස මෙහිදී සදහන් කළ හැක්කේ Dish on stand එනම්, ආධාර තැටි මත ඇති දීසි මෙම සංස්කෘතියේද හමුවීම මත හරත්තානු ආභාසය මෙයට ලැබුණිදැයි පරීක්ෂා කිරීමේ හැකියාව පැවතීමයි.

02.03
Ahar හි මැටි බදුන්

Ahar හි Proto Historic යුගය එහි හමුවන මැටි බදුන් අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදෙන බව ඉහතද දක්වන ලදී. එනම්, 1A, 1B, 1C යනුවෙනි. මෙම සංස්කෘතියට ආවේණික මුඛ්‍ය ලක්ෂණයක් ලෙස කාල රක්ත මැටි බදුන් – BRW (Black & Red Ware) පෙන්වා දීමේ හැකියාව ලැබේ (Chakrabarti, 1995). එසේම රේකා සහ තිත් මෝස්තර සහිත සුදු පැහැයෙන් සැරසිළි කළ BRW ද මෙහිදී දක්නට ලැබෙන වැදගත් සාධකයකි.

තවද,

Cream Slipped Ware (with black painting)
Red Slipped Ware
Buff Ware
Blotchy Grey Ware
Jorwe Ware
Red Ware
යනාදී මැටි මෙවලම් මෙහිදී දක්නට ලැබේ (Chakrabarti, 1995). එසේම පෙර දක්වන ලද සුදු පැහැ සැරසිළි සහිත කාල රක්ත මැටි මෙවලම් මෙම සංස්කෘතියේ උක්ත ප්‍රධාන යුගත්‍රයෙහිම හදුනාගත හැකි සාධකයකි

 
 
Follow

Get every new post delivered to your Inbox.

Join 79 other followers